චීන පොහොර තොගයේ සිංගප්පූරු වාර්තාව ගැන විමසුමක්...

චීනයෙන් ආනයනික ඝන කාබනික පොහොර
තොගයෙහි ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට මෙරට පර්යේෂණාගාර ප්‍රතිඵල මඟින්
තහවුරු
කරමින් එය මෙරට කෘෂිකර්මාන්තයට යෙදවීම ප්‍රතික්ෂේප කරන ලදි. පසුව මේ
පොහොර තොගය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ SGS Testing & Control Services
විසින් සිදු කරන ලද පරීක්ෂණවලින් එම පොහොර නිෂ්පාදනය තුළ Erwinia ඇතුළු
කිසිදු රෝගකාරක බැක්ටීරියාවක් අඩංගු නො වන බව තහවුරු වූ බවට චීන කාබනික
පොහොර සමාගමේ සැපයුම්කරු පවසයි. මේ පරීක්ෂණවල පවතින පරස්පර විරෝධී බව නිසා
මේ කාරණාවේ සුලමුල පැහැදිලි කර ගැනීම සඳහා පාංශු ජීව විද්‍යාව සම්බන්ධ
විද්‍යාඥවරියක වන පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ පාංශු විද්‍යා
දෙපාර්තමේන්තුවේ ආචාර්ය වර්ශි දන්දෙනිය ගෙන් අපි විමසීමක් කළෙමු.
...