විස්මයජනක පියාසැරියක රහස් හෙළි කරමින්,අලූතින්
සිතියම්ගත වන මධ්‍යම ආසියානු පක්ෂි සංක්‍රමණික මාර්ගය...
පක්ෂි සංක්‍රමණය වූ කලී
සියවස් ගණනාවක සිට ම මිනිස් වර්ගයා මවිතයට පත් කළ අතිශයින් ම චමත්කාරජනක වූ
සංසිද්ධියක් වේ. ලොව පුරා පැතිරුණු දස දහසක් පමණ වූ පක්ෂි විශේෂයන් ගෙන්
හතරෙන් එකක් පමණ ම යෙදෙන්නා වූ මේ වාර්ෂික චාරිකා, ප්‍රධාන වශයෙන් උතුරු
සහ දකුණු අර්ධගෝලයන්හි ඉහළ දේශාංශවල සිට පහළ දේශාංශ කරා දිවේ. සාමාන්‍යයෙන්
ඉහළ දේශාංශයන්හි තම අභිජනන භූමිවල ශීත ඍතුව ඇරඹෙත් ම වඩා සෞම්‍ය වූ
උපනිවර්තන හා නිවර්තන කලාපයන්හි හිතකර දේශගුණයන් සහ සුලබ ආහාර සොයා මිලියන
ගණනින් මොවුහු සංක්රමණයෙහි යෙදෙති.
...