මළ සිරුරක් තුළ වයිරසයක්ට කොපමණ කාලයක් ජීවත් විය
හැකි ද?...
COVID-19
ආසාදිත බව තහවුරු වූ පුද්ගල මළ සිරුරු ආදාහනය කළ යුතු ද නැති නම් භූමදානය
කිරීම සුදුසු ද යන්න පිළිබඳව වර්තමානයේ දී මෙරට සමාජය තුළ විශාල කතිකාවතක්
නිර්මාණය වී ඇත. මෙවැනි මත ගැටුමක් නිර්මාණය වීමට පදනම් ව ඇති ප්රධානතම
කාරණාවක් වන්නේ COVID-19 ආසාදිත මෘත දේහ හරහා SARS-CoV-2 වයිරසය
බාහිර පරිසරයට එක් වීමට හැකියාවක් පවතින්නේ යැයි ඇතැම් පාර්ශ්වයන් වෙතින්
පළ වී ඇති අදහසයි.
...