දේශීය වෛද්‍ය ක්‍රමය
සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වන්නේ
ඇයි?
අල්මා ආටා සිට බීජිං දක්වා
වසර 30ක් හා ඉන් ඔබ්බට ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සම්ප්‍රදායික වෛද්‍ය
ක්‍රමය සෞඛ්‍ය සේවා තුළ විධිමත් ලෙස ස්ථාපනය කිරීමේ ප්රයත්නයට ශ්‍රී
ලංකාව කෙතරම් දුරට දායක වී තිබේ ද යන ගැටලූව නො විසඳී පවතී.ඒ අතීතය දෙස යම්
බුද්ධිමය අවලෝකනයක් සිදු කිරීමට මෙය සුදුසු කාලය බව පෙනේ. ලෝකයේ දියුණු
රටවල ආකල්ප වෙනස් වුවත් අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් තවමත් සිටින්නේ
බි්රතාන්ය යටත් විජිත යුගයේ ද යන්න සැකයකි. ස්වාමියා සිය ස්ථාවරය වෙනස්
කර අවසන් බව ඔවුන් තවමත් නො දන්නා සේ ය.
...