logo3.gif (702 bytes)

HOME


ජීව අජීව ද්වන්දය සහ තිරසරභාවය...


අප ඇතුළු අප අවට සොබාදහම ගත් කල එහි ජීව හා අජීව යනුවෙන් මූලික සංරචක දෙකක්‌ එසේ නොමැති නම් ක්‍රියාකාරිත්වයන් දෙකක්‌ ඇති බැව් පැහැදිලි ය. මෙහි දී අජීවය යන්න ද අපට පැහැදිලි ය. එය අපේ ඉන්ද්‍රියනට ගෝචර ය. එසේ ම අවසානයේ ඉන්ද්‍රිය ගෝචර සංවේදන ලබා දෙන විවිධ උපකරණ (විවිධ අන්වීක්‌ෂ ආදිය) ඔස්‌සේ ලැබෙන දත්ත අනුව මනසින් ගොඩන`ගා ඇති පරමාණු, අණු, ඉලෙක්‌ට්‍රොaන ආදිය ඔස්‌සේ මේ අජීවය යන්න අද අපි තේරුම් ගනිමු. මෙහි දී නිව්ටෝනීය යාන්ත්‍රිකය, ක්‌වොන්ටම් යාන්ත්‍රිකය, සාපේක්‌ෂතාවාදය ආදිය ආකෘති ලෙස යොදා ගැනේ. මේ කවර යාන්ත්‍රිකයක්‌ වුව ද අවසානයේ භෞතික ය, යාන්ත්‍රික ය. ඒවායින් අජීවි භෞතික - යාන්ත්‍රික පද්ධතිවල ක්‍රියාකාරිත්වයන් විස්‌තර කළ හැකි වුව ද ජීවී පද්ධතිවලට මේවා මුළුමනින් ම අදාළ ද?

ජීවීභාවය යනු කුමක්‌ ද? එසේ නොමැති නම් ජීවියකු යනු කවරක්‌ ද යන්න පිළිබ`ද නිශ්චිත අර්ථ දැක්‌වීමක්‌ නොමැත. තම වර්ගයා බෝ කිරීම, බාහිර උත්තේජනවලට ප්‍රතිචාර දක්‌වමින් ස්‌වයං ව සකස්‌ වීම, වර්ධනය වීම, සංචරණය ආදිය ජීව ගුණාංග ලෙස දළ වශයෙන් දැක්‌වුව ද, අවසාන වශයෙන් මේ කියන ජීවී ගුණාංග ඇති වන්නේ කෙසේ ද යන්න පිළිබ`දව පැහැදිලි අදහසක්‌ තවමත් නැත.

ජීව පද්ධතියක තවත් විශේෂ ලක්‌ෂණයක්‌ වන්නේ ඒවා සෛලවලින් නිමැවී තිබීම ය. මේ සෛලවල ඇති ජාන තුළ මේ සෛලවල ඉදිරි ක්‍රියාකාරිත්වය පිළිබ`ද තොරතුරු ගබඩා වී ඇතැයි යන්න ද ස`දහන් වේ. එහෙත් මේ තොරතුරු තිබූ පමණින් ඒ ක්‍රියාවලි ම`ගින් නිර්මාණයක්‌ සිදු විය හැකි ද? අදාළ තෙතමනය සහිත සාරවත් පසකට වැටෙන අඹ ඇටයක්‌ පැළ වී අඹ ගසක්‌ හටගනී. එහි නැවත අඹ ගෙඩි දහස්‌ ගණනක්‌ හටගනී. මේ සියලු දත්ත, මුල් අඹ ඇටයේ තිබුණේ ද? මේ දත්ත තිබුණත් ඒ දත්ත උපයෝගි කරගෙන ඒ ක්‍රියාවලිය නිර්මාණය කෙරුණේ කෙසේ ද? මෙවැනි ක්‍රියාවලියක්‌, නිර්මාණයක්‌ භෞතිකව-යාන්ත්‍රික ව කළ හැකි ද? ඉතා ම අක්‍රමවත් ව පැවැති ද්‍රව්‍ය උපයෝගි කරගෙන මෙතරම් ක්‍රමවත් නිර්මාණයක්‌ කරන්නේ කෙසේ ද? අප දන්නා සියලු භෞතික - යාන්ත්‍රික පද්ධති තුළ සිදු වන්නේ ක්‍රමවත් භාවයෙන් අක්‍රමවත් භාවයට පත් වීම ය. ඒත් ජීවී පද්ධති මීට පටහැනි ව ක්‍රියාත්මක වේ. මේ ජීවී පද්ධතිවල පවතින 'ජීවීභාවය' යනු මෙය ද?

තාප ගති විද්‍යාවේ දෙවැනි නියමයට අනුව යම් ඒකලිත (Isolated) පද්ධතියෙන් තුළ චක්‍රීය ක්‍රියාවලී සිදු විය හැකි ය. එසේ විය හැක්‌කේ පද්ධතියට පිටතින් ගුණාත්මක බවින් ඉහළ ශක්‌තිය ලැබීම සහ පද්ධතියෙන් පිටතට එම ශක්‌තිය (ප්‍රමාණාත්මක ව) නැවත අඩු ගුණාත්මක ඒවා ලෙස පිට කිරීම ම`ගින් ය. මේ ක්‍රියාවලි චක්‍රීය නිසා එහි දී යම් අක්‍රමවත් භාවයක්‌ යම් අවස්‌ථාවක දී හටගන්නේ නම් චක්‍රයේ තවත් අවස්‌ථාවක දී එය නැවත ක්‍රමවත් විය යුතු ය. එසේ නොමැති වුව හොත් පද්ධතියට නැවත මුල් තත්ත්වයට පත් විය නොහැකි ය. එහෙත් අක්‍රමවත් බවින් ක්‍රමවත් භාවයට පත් වීම හුදෙක්‌ බාහිරින් ලබා දෙන ශක්‌තියක්‌ ම`ගින් පමණක්‌ කළ නොහැකි ය.

මෙහි දී ක්‍රමවත් භාවයක්‌ ලෙස සලකන්නේ අඩු සම්භාවිතාවක්‌ සහිත තත්ත්වයක්‌ ය. උදාහරණයක්‌ ලෙස අහඹු ලෙස චලනය විය හැකි අංශු කිහිපයක්‌ යම් කුටීරයක්‌ තුළ ඇතැයි සිතන්න. දැන් මේ අංශු කුටීරය තුළ ඒකාකාර ලෙස ව්‍යාප්ත වී තිබීමේ සම්භාවිතාව ඉහළ ය. මේ අංශු සියල්ල ම කුටීරයේ ද කුඩා ප්‍රදේශයන්ට එකලස්‌ වී තිබීමේ සම්භාවිතාව ඉතා අල්ප ය. මේ අනුව පළමු අවස්‌ථාවට වඩා දෙවැනි අවස්‌ථාවේ ක්‍රමවත් භාවය ඉහළ ය.

ඒ ස`දහා වෙනත් බලපෑමක්‌ ද අවශ්‍ය ය. මෙවැනි චක්‍රීය ක්‍රියාවලී දිගට ම සිදු වන භෞතික - යාන්ත්‍රික පද්ධතියක්‌ අපට සොයාගත නොහැකි ය. එහෙත් ශාක, සතුන් ද ඇතුළත් මෙවැනි පද්ධති ඇත. වනාන්තර එක්‌ පැහැදිලි උදාහරණයකි. වනයක්‌ තුළ වසර දහස්‌ ගණනක්‌ පවතින චක්‍රීය ක්‍රියාවලි ඇත. එහි දී අක්‍රමවත් වීම මෙන්ම ක්‍රමවත් වීම ද සිදු වේ. මේ ස`දහා බාහිරින් සූර්ය ශක්‌තිය ලැබෙන අතර පිටතට යම් ශක්‌තියක්‌ මුදාහැරීම ද සිදු වේ. මේ අනුව ශාක හා සතුන් තුළ අක්‍රමවත් බව ක්‍රමවත් කිරීමේ යම් ගුණයක්‌ පැවැතිය යුතු ය. බීජයකින් හටගන්නා පැළයක්‌ වැඩී ගසක්‌ වී ඵල දරා නැවත මිය ගොස්‌ දිරා යයි. බීජ ප්‍රරෝහණයේ සිට ගස මිය යැම දක්‌වා යම් ක්‍රමවත් වර්ධනයක්‌ පෙන්වයි.

ගස මිය ගිය විට අක්‍රමවත් වීම ඇරඹේ. එවිට එය අජීවී පද්ධතියකි. ඇත්තට ම ජීව පද්ධති සතු මේ ක්‍රමවත් වීම සහ අක්‍රමවත් වීම යන ද්වන්දය නිසා ම ය ඒවාට 'මිය යැම' යන්න අර්ථවත් වන්නේ. අජීවී පද්ධතියකට එනම් වාහනයකට, නිවසකට, මේසයකට, පුටුවකට මිය යැම යන්න අර්ථවත් නැත. ඒවායේ ක්‍රමවත් වීමක්‌ නැත. ඇත්තේ අක්‍රමවත් බවින් ක්‍රමවත් බවට පත් වීමේ හැකියාව නො වේ ද? ඒවා සතු ජීවී ගුණය ගන්න. මේ ක්‍රමවත් - අක්‍රමවත් යන සංකල්පය ඔස්‌සේ ජීවය සහ අජීවය යන්න පැහැදිලි ව වෙන් කරගත හැකි ය. ක්‍රමවත්භාවය යනු රටාගත වීමක්‌ නො වන බව පැහැදිලි ව තේරුම්ගත යුතු ය.)

ඡේම්ස්‌ ලව්ලොක්‌ (James Lovelok) නැමැති රසායන විද්‍යාඥයා 1970 පමණ ගායියා (Gaia) නැමැති සංකල්පයක්‌ ඉදිරිපත් කරමින් කියා සිටියේ සමස්‌ත පෘථිවිය ම ජීවී හා අජීවී (භෞතික - යාන්ත්‍රික) සංරචකවලින් සමන්විත වෙමින් සමස්‌තයක්‌ ලෙස ජීවී පද්ධතියක්‌ ලෙස ක්‍රියාත්මක වන බවයි. මෙහි දී පෘථිවියට සූර්යාලෝකය පිටින් ලැබෙන අතර යම් විකිරණ ප්‍රමාණයක්‌ පෙරළා අභ්‍යවකාශයට මුදා හැරේ. මේ ශක්‌ති හුවමාරුව ඔස්‌සේ සමස්‌ත පෘථිවිය තුල චක්‍රීය ක්‍රියාවලී සිදු කෙරෙමින් එහි පරාමිති එනම් ජල ගෝලයේ, පසේ වායු ගෝලයේ ආදී වශයෙන් යම් නිශ්චිත පරාසයක්‌ තුළ පවත්වාගන්නා බවයි. එහි දී ස`දහන් කෙරුණේ මෙහි දී ඉතා වැදගත් වන්නේ මේ පද්ධතිය තුළ සිදු වන ක්‍රියා චක්‍රීය වනවා යන්න ය. පද්ධතියේ පරාමිති එක්‌තරා නිශ්චිත පරාසයක්‌ තුළ දිගට ම පවතින්නේ මේ නිසා ය. එසේ ම මේ චක්‍රීයත්වය ස`දහා පද්ධතියේ ජීවී භාවය වැදගත් වන බව ද මෙම`ගින් කියෑවේ. ලව්ලොක්‌ සමස්‌ත පෘථිවිය ම සලකා ඇත්තේ ජීවියකු ලෙස ය. එහි අජීවී දැ කොපමණ තිබුණත් (එනම් ගල්, පර්වත, ජලාශ ආදී ලෙස) අවසාන වශයෙන් එහි චක්‍රීයත්වය පවත්වාගන්නේ එහි ඇති ජීවී භාවයයි. එම ජිවී ගුණයයිෘ

ලව්ලොක්‌ පෘථිවිය තුළ මිනිස්‌ ක්‍රියාකාරකම් ද තම ප්‍රවාදයට ඇතුළත් කළේ ද නැද්ද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් කාර්මික විප්ලවය සිදු වන තෙක්‌ ඉතිහාසය සැලකූ විට මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා පෘථිවියේ ජිවී භාවය එතරම් තර්ජනයකට ලක්‌ වී නොමැත. එහෙත් ඉන් පසුවව දිගින් දිගට ම සිදු වූ මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා පෘථිවියේ ජිවී භාවය දැන් අර්බුදයට පත් වී ඇත. ජීවී භාවය අර්බුදයට පත් වීම යනු පෘථිවියේ චක්‍රීයත්වය අර්බුදයට පත් වීම ය. චක්‍රීයත්වය අර්බුදයට පත් වීම යනු තිරසර බව අභියෝගයට ලක්‌ වීම ය. 1970 ගණන්වල මේ තත්ත්වය උද්ගත වන්නේ පරිසර දූෂණය ලෙස ය. අනතුරු ව මෙය බලශක්‌ති අර්බුදය ලෙස එළිදැක්‌විණ. දැන් ප්‍රශ්නයේ සැබෑ මුහුණුවර සෑහෙන පමණ එළිදැක්‌වෙමින් මෙය තිරසරභාවය (Sustuinability) පිළිබ`ද ගැටලුවක්‌ ලෙස කලඑළි බසිමින් ඇත. දැන් Circular Economy (චක්‍රීය ආර්ථිකයක්‌) වැනි සංකල්ප බිහි වනු පෙනේ. ඇත්තට ම චක්‍රීයත්වය අවශ්‍ය වන්නේ ආර්ථිකය වැනි ද්විතීයක රාමුවකට නො ව අප ද ඇතුළත් සොබාදහමට ය. එලෙස ම මේ චක්‍රීයත්වය ස`දහා මූලික ම කොන්දේසිය වන්නේ ජීවීභාවය සුදුසු මට්‌ටමක පවත්වාගැනීම ය. මූලික වශයෙන් කාර්මික විප්ලවයෙන් පසු සිදු වී ඇති සහ දැනුදු සිදු වන මිනිස්‌ ක්‍රියාකාරකම් දෙස බැලූ විට ලව්ලොක්‌ සංකල්පයට මිනිස්‌ ක්‍රියාකාරකම් ඇතුළත් කළ නොහැකි බව පැහැදිලි ය. එනම් මිනිස්‌ ක්‍රියාකාරකම් ද ඇතුළත් කොට සැලකූ විට පෘථිවිය තවදුරටත් ජීවියකු ලෙස ක්‍රියාත්මක නො වන නිසා දැන් පෘථිවියේ පාරිසරික පරාමිති දිගින් දිගට ම ජීවයට හානිකර ලෙස වෙනස්‌ වෙමින් පවතියි. පෘථිවියේ චක්‍රීයත්වය නැති වෙමින් ඇත. තිරසර බව අභියෝගයට ලක්‌ වෙමින් ඇත. ගායියා සංකල්පයෙන් කියෑවෙන පෘථිවියේ ජීව ගුණය දැන් වැනසෙමින් පවතී. ජීව ගුණය වැනසීම යනු ක්‍රමවත් වීම පරදා අක්‍රමවත් වීම පෙරට ඒම ය. අප අද පරිසර දූෂණය ලෙස දැන් දකින්නේ මෙයයි. ගැඹුරු පොළොවේ ඇති අජීවී ද්‍රව්‍ය (ඛනිජ තෙල්, ප්ලාස්‌ටික්‌ ආදිය) පොළොව මතුපිටට ගෙන විවිධ අචක්‍රීය ක්‍රියාවලී සිදු කොට ඒවා දැඩි ලෙස අක්‍රමවත් කොට පොළොව මතුපිටට මුදා හැරේ. අද සංවර්ධනයේ නාමයෙන් සිදු වන්නේ මෙයයි. එලෙස ම දැඩි අජීවී, භෞතික ක්‍රීයාවලීන් වන භූ කම්පා, සුළි සුළං, සුනාමි, ලැව් ගිනි, නාය යැම් ආදිය කියාපාන්නේ ද අක්‍රමවත්භාවය කෙතරම් ප්‍රබල ද යන්න ය. මේ සියල්ල සම`ග පෘථිවි තලය දැඩි අක්‍රමවත් භාවයට පත් වෙමින් ඇත.

පද්ධතියක ක්‍රමවත්භාවය ඇති කරන ජීවී ගුණය යන්න අපට පංෙච්න්ද්‍රිය ලෙස ගෝචර වන්නක්‌ නො වේ. මේ ජිවී භාවය ගෝචර වන්නේ දියුණු මනසට ය. කෙතරම් සංකීර්ණ භෞතික උපකරණ ඔස්‌සේ වුව මෙය අපට දැකගත නොහැකි ය. මේ කවර උපකණයකින් වුව මෙය අපට දැකගත නොහැකි ය. මේ කවර උපකරණයකින් වුව අවසානයේ අප දකින්නේ පංෙච්න්ද්‍රිය ගෝචර දැ ය. අනතුරු ව අපි මේ ලක්‌ෂණ සංවේදන පැහැදිලි කරගැනුමට හිතළු- ආකෘති නිමවමු.

වැඩූ මනසකින් යමක්‌ ගෝචර කරගැනුම යනු මෙය නො වේ. ආයුර්වේදය වැනි පෙරදිග වෙදකම් එදා නිර්මාණය වූයේ ජීවය (සතුන් තුළ සහ ගහ කොළවල) යන්න සංවේදී වූ සෘෂිවරුන් ගෙනි. එපමණක්‌ නො ව ජීවයට බලපෑම් කරන ග්‍රහ තාරකා පිළිබ`ද විස්‌තර සහිත ජොHතිෂ්‍ය ශාස්‌ත්‍ර එදා බිහි වූයේ ද සෘෂිවරුන් ගෙනි. අද අපට ජීවය සංවේදී නැත. බටහිර වෛද්‍ය විද්‍යාවේ ජීවය යන්න නැත. එය හුදු භෞතික විද්‍යාවකි. එහෙත් අවාසනාවට අද අපේ දේශීය ආයුර්වේද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවන් ද තේරුම්ගැනීමට උත්සාහ ගන්නේ බටහිර භෞතික/රසායන විද්‍යා මත පිහිටා ම ය. අද අපි කසාය වට්‌ටෝරුවක ඇති සක්‍රිය ද්‍රව්‍ය (Active ingrediant) රසායනික ව වෙන් කර එය පෙති/කරල් ලෙස ලබා දීමට උත්සාහ ගමු. එහෙත් කසාය වට්‌ටෝරුවේ ඇති කොළ, වැල්, මුල් එලෙස ම ගැනීම සහ ඊනියා සක්‍රිය ද්‍රව්‍ය පමණක්‌ ගැනීම සම ද? කොළ, වැල්, මුල්වලින් සක්‍රිය ද්‍රව්‍ය වෙන් කරගැනීමේ දී ඒවා සතු ජීවයට කුමක්‌ වේ ද?

ගහ කොළවල මෙන්ම සතුන් තුළ ද ජීවය යන්න ඇත. මේ ජීවය ඔස්‌සේ සතුන් සහ ගහ කොළ අතර විවිධ සබ`දතා ඇති වේ. ජීවය පිළිබ`දව වැඩූ මනසක අත්දැකීම් නොමැති උදවිය කළ විවිධ පර්යේෂණ ඔස්‌සේ වුව ඉතා පැහැදිලි වී ඇත්තේ අපට සිතාගත නොහැකි අන්දමේ සබ`දතා ගස්‌ වැල්-ගස්‌ වැල් අතර මෙන්ම ඒවා සහ ඒ පරිසරයේ සතා - සීපා - මිනිසා අතර ද පවතින බවයි. (Secret Life of Plants - Peter Tompkins and Christoper Bird)

මේ ජීවය යන්න කිසියම් දෙවියකු, භූතයකු, ප්‍රේතයකු වැනි "ආත්මීය" බලවේගයක්‌ නො වේ. එය වූ කලී සොබාවික ක්‍රමවත් වීමේ ගුණයයි. අක්‍රමවත් වීමේ සොබාවික ගුණය අපට පැහැදිලි ය. එහි යම් දෙවියකු, බ්‍රහ්මයකු හෝ වෙනත් එවැනි ආත්මීය බලවේග නැත. "ක්‍රමවත්" වීමේ ගුණය ද එසේ ම ය. මේ ක්‍රමවත් වීම සහ අක්‍රමවත් විම යන ගුණ දෙක අතර ප්‍රධාන ම වෙනස වන්නේ ක්‍රමවත් වීමේ ගුණය අපේ පංෙච්න්ද්‍රියවලට ගෝචර නො වීම ය. අද අප හමුවේ ඇති අතිශය ප්‍රබලතම ගැටලුව වන්නේ අප අපේ පංෙච්න්ද්‍රිය දැනුම තුළ ඉතා අවිද්‍යාත්මක ලෙස කොටු වීම ය. පංෙච්න්ද්‍රිය සිමාව ඉක්‌මවා මානසික සංවේදනවලට යැමට දැඩි මැලිකමක්‌ දක්‌වන අතර ඉතා හාස්‍යජනක කාරණාව වන්නේ පංෙච්න්ද්‍රිය ඉක්‌මවූ ආචරණ ද පංෙච්න්ද්‍රිය දැනුම ම`ගින් ම තේරුම්ගැනීමට උත්සාහ ගැනීම ය. ඒ තරම් අවිද්‍යාවක්‌ තවත් නැත. රූප බලා ගැනීම ස`දහා අපේ දැස්‌ පෙනෙන්නේ නැතිනම් කළ යුත්තේ අදාළ ප්‍රතිකර්ම කොට දැස්‌ පාදා ගැනීම ය. එසේ නොමැති ව කනෙන් රූප බැලීමට උත්සාහ ගැනීම නො වේ.

අප අවට සතා - සීපාවා - ගහ කොළ හා අප අතර මෙන්ම අපේ සිරුරුවල ක්‍රියාකාරිත්වයන් දැනගැනීමට නම් මේ සියල්ල පිරිවසා යන "ජීව" ගුණය පිළිබ`දව අප දැනගත යුතු ය. ඉතා පටු සීමාවක ක්‍රියාත්මක වන නූතන භෞතික - රසායනික ආචරණ ඔස්‌සේ පමණක්‌ මෙය කළ නොහැකි ය. ගෝලීය උණුසුම, කාබන් දර්ශක (Carbon foot print) වැනි සංකල්ප ඔස්‌සේ මේවා තේරුම්ගත නොහැකි ය. අපට සංවේදී නො වන විවිධ බලවේග සබැෙ`දන්නේ ජීවය සම`ග ය.

පසුගිය ලිපියේ ද සදහන් කළ පරිදි ගස්‌ වැල්වල ජීව රූපය සෘතු ගුණය හා සබැ`දි ය. අප අජීවී දැ ලෙස සලකන ගල්, පර්වත, ඛනිජ ආදියේ මේ කවර ආභරණයක වුව ජීව රූපයක්‌ නැත.

පංෙච්න්ද්‍රිය අත්දැකීම් තුළ පමණක්‌ සිටින කෙනකුට දැනට ජීවීභාවය, ජීවී ගුණය යන්න යම් පද්ධතියක්‌ අක්‍රමවත් භාවයේ සිට ක්‍රමවත් භාවයට පත් කිරීමට ඇති හැකියාව, විභවය ලෙස දළ වශයෙන් තේරුම්ගත හැකි ය. එහෙත් අප මේ පිළිබ`දව මීට වඩා දැනගත යුතු ය. අප සැමගේ මූලික අරමුණ වන්නේ මිනිසා සහ සියලු සතා සීපාවාගේ ගැටලු නිරාකරණය කෙරුම ය. මේ සියලු සත්ත්වයාට අවසාන වශයෙන් ආහාර සපයන්නේ ගස්‌ වැල් ම`ගිනි. එසේ නම් අප මූලික වශයෙන් දැනගත යුත්තේ සතා - සීපාවා සහ ගස්‌ වැල් පිළිබ`ද ව ය. එනම් ජීවී පද්ධති පිළිබද ව ය. එහෙත් අවාසනාවකට දැනට අපිදු ප්‍රධන වශයෙන් යොදාගන්නා බටහිර දැනුම කේන්ද්‍ර වී ඇත්තේ, එසේ නොමැති නම් ඒවාට විෂය වී ඇත්තේ අජීවී භෞතික පද්ධතීන් ය. නිව්ටෝනීය, ක්‌වොන්ටම්, සාපේක්‌ෂතාවාද ආදී සියල්ලෙහි දී අධ්‍යයනය කෙරෙන්නේ භෞතික - යාන්ත්‍රික පද්ධතීන් ය. අප ජීවී පද්ධති පිළිබ`දව තේරුම්ගැනීමට උත්සාහ ගන්නේ ද මේ භෞතික - යාන්ත්‍රික දැනුම තුළ ම ය. කෙටියෙන් ස`දහන් කළ හොත් අප උත්සාහ ගන්නේ ජීවය අජීවයෙන් තේරුම්ගැනීමට ය.

කපිල පීරිස්‌