logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


දරුවන් සහ ඖෂධ - V

ඔබයි
ඖෂධයි ඖෂධ නිවැරැදි භාවිතයට අත්වැලක්‌ 15

 

දරුවන්ට ඖෂධ ලබා දීමේ දී නොදැනුවත්කම හා නො සැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම අරමුණු කොට, අප විසින් 'දරුවන් සහ ඖෂධ' යන මාතෘකාව යටතේ ලිපි පෙළක්‌ පළ කරන ලදි. මේ ලිපි ම`ගින් වෛද්‍යවරයා සම`ග නිවැරැදි ව තොරතුරු සාකච්ඡා කිරීම, ඖෂධ මිල දී ගැනීමේ දී වඩා සුපරීක්‌ෂාකාරී වීම, ඖෂධවේදියා සම`ග නිවැරැදි ව තොරතුරු සාකච්ඡා කිරීම සහ දරුවන්ගේ භාවිතයට සුදුසු සහ නුසුදුසු ඖෂධ හ`දුනාගන්නා ආකාරය පිළිබ`දව ඔබව දැනුවත් කළෙමු.

මෙවර සටහනින්, දරුවන් සහ ඖෂධ ලිපි පෙළෙහි අවසන් ලිපිය ලෙස, දරුවන්ට නිවැරැදි ව ඖෂධ ලබා දෙන ආකාරය පිළිබ`දව ඉදිරිපත් කරන්නෙමු.

ඖෂධ භාවිතයේ දී අත්වැරැදි, නො සලකා හැරීම් සහ අනවබෝධය හේතුවෙන් සිදු වන අනතුරු ප්‍රමාණය අවම කිරීමට නම්, ඖෂධ දරුවන්ට නිර්දේශ කරන වෛද්‍යවරුන්, ඖෂධ ලබා දෙන ඖෂධවේදීන් පමණක්‌ නො ව ඔබ ද ඒ ස`දහා දායක විය යුතු ය. සෞඛ්‍ය සේවක කණ්‌ඩායම කෙතරම් දැනුවත් වුවත්, දක්‌ෂ සහ කාර්යක්‌ෂම වුවත්, අවසානයේ දරුවාට ඖෂධ ලබා දෙන ඔබ, ඒ පිළිබ`දව නොදැනුවත් නම්, දරුවන් ඖෂධ පිළිබ`ද අනතුරුවලින් ආරක්‌ෂා කරගැනීම දුෂ්කර කාර්යයක්‌ බවට පත් වේ.

එබැවින් අප නිවැරැදි පුරුදු පුහුණු කිරීම යුහුසුලු ව ආරම්භ කරමු.

නිවැරැදි ඖෂධය (Correct drug), නිවැරැදි ප්‍රමාණයෙන් (Correct dose), නිවැරැදි ක්‍රමවේදයෙන් (Correct method), සහ නිවැරැදි වෙලාවට (Correct time) දරුවාට ලබා දිය යුතු ය.


නිවැරැදි ඖෂධය

ඖෂධ ලබා දීමට ප්‍රථම සැම විට ම ලේබලය කියවන්න. නිවැරැදි ඖෂධය බව සැක හැර දැනගන්න. මීට අමතර ව ලේබලයේ ස`දහන් උපදෙස්‌ සහ අනතුරු ඇ`ගවීම කියවා තේරුම් ගන්න. ලේබලයේ සමහර අවස්‌ථාවල එක්‌තරා වයසකට සහ බරකට අඩු දරුවන්ට ලබා දීමට නුසුදුසු බවට අනතුරු ඇ`ගවීම් ලකුණු කොට ඇත. එවැනි ඖෂධයක්‌ ඔබේ දරුවාට ලබා දීමට නිර්දේශ කර ඇත්නම්, නැවතත් වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා හෝ හමු වී සාකච්ඡා කරන්න. ගැටලුව විස`දා නො ගෙන ඖෂධ ලබා දීමට නො යන්න.


නිවැරැදි ප්‍රමාණය

ඉංග්‍රීසි බෙහෙත් එහෙමත් නැත්නම් AllopathicMedicinesවල අප පධාන වශයෙන් ම සැලකිය යුතු ලක්‌ෂණය වන්නේ ඖෂධ මාත්‍රාවයි. ඖෂධ මාත්‍රාව යනු ඖෂධයකින් බලාපොරොත්තු වන සුවය ලබාගැනීම ස`දහා එක්‌ වරක දී එය භාවිත කළ යුතු ප්‍රමාණයයි. අධිමාත්‍රාව විෂ වන අතර, අඩු මාත්‍රාව ලෙඩ සුව නො කරයි. දරුවාට වෙනදාට වඩා අමාරු බැවින් වෛද්‍යවරයා වෙන දා ලබා දෙන මාත්‍රාව දෙගුණ කර දරුවාට ලබා දීම ඔබට කළ නොහැකි ය.

නියමිත මාත්‍රාව ලබා දීම ස`දහා ඔබ කළ යුත්තේ නිවැරැදිව උපදෙස්‌ පිළිපැදීමයි. ඖෂධ මැනීම ස`දහා ඖෂධය සම`ග එන මැනීමේ උmlරණය ම (measuring cup, dropper) පමණක්‌ භාවිත කරන්න. කිසි විටකත් ගෙදරදොර වෙනත් වැඩ ස`දහා සකසා ඇති හැඳි සහ කෝප්ප ආදිය ඖෂධ මැනීම ස`දහා භාවිත නො කරන්න. කිසි ම විටක බෝතලයෙන් කෙළින් ම ඖෂධ කටට හලාගැනීමටට ඉඩ නො දෙන්න. ඔබ ඖෂධ ලබා දෙන විට ද පහසුව ස`දහා එලෙස නො කරන්න. වැඩිහිටි ඔබ ද එලෙස කෙළින් ම බෝතලයෙන් නො බිව යුතු ය. එසේ ම ඔබ දරුවන් ඉදිරියේ එලෙස කළ හොත් ඔවුන්ට එය නිවැරැදි ලෙස පෙනෙනු ඇත. එබැවින් එවැනි වැරැදි පුරුදු දරුවන්ට කියා දීමෙන් වැළකීම ඔබේ වගකීමකි.

ඖෂධ මැනීම ස`දහා භාවිත කරන මැනීමේ උmlරණ පිළිබ`දව ඔබ අතිශයින් ම දැනුවත් විය යුතු ය. නිවැරැදි ව පාඨාංක කියවීම ඉතා ම වැදගත් වේ. කිසි විට අනුමාන කර ඖෂධ ලබා නො දිය යුතු ය. ඔබට ඇස්‌ පෙනීමේ දුර්වලතාවක්‌ ඇතිනම් දරුවන්ට ඖෂධ මැනීමේ දී වෙනත් කෙනකුගේ සහාය ලබා ගන්න. මේ සහායකයාගේ සැලකිලිමත් බව ඔබ තහවුරු කරගත යුතු ය.

මැනීමේ උmlරණයකින් අප මැනගන්නේ ඉතා ම කුඩා ප්‍රමාණයකි. මේ කුඩා ප්‍රමාණය වුව ද දරුවකුගේ ශරීරයේ වෙනසක්‌ කර ඔවුන් සුව කිරීමට සමත් වේ. එහෙයින් ඔබ මැනගන්නා ඖෂධ ප්‍රමාණයේ සුළු වෙනසක්‌ වුව ද එය දරුවාට ඉතා ම අහිතකර විය හැකි ය.

උදාහරණයක්‌ ලෙස වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ 0ග5 ml ලබා දීමට නම් ඔබ ඒ ස`දහා ෙඩ්‍රාපර් එකක්‌ භාවිත කළ යුතු ය. 0ග5 ml වෙනුවට ඔබ එය 5 ml ලෙස ගෙන තේ හැන්දකින් ලබා දුන හොත් එය දරුවාට අධි මාත්‍රාවක්‌ ලබා දීමකි. මෙය දරුවාට මාරාන්තික විය හැකි ය.

එසේ ම 5 ml ලබා දීමට තේ හැඳි භාවිත නො කරන්න. හැකි සැම විට ම මැනීමේ කුඩා කෝප්පය (measuring cup) භාවිත කරන්න. හැඳි භාවිතයට පුරුදු වූ විට පහසුවෙන් ම හැඳි මාරු වීම ද සිදු විය හැකි ය. තේ හැන්දක්‌ වෙනුවට මේස හැන්දක්‌ භාවිත කළ හොත් සිදු වන්නේ කුමක්‌ ද? තේ හැන්දකින් දළ වශයෙන් මනින්නේ 5 mlක ප්‍රමාණයකි. මේස හැන්දකින් එම ප්‍රමාණය මෙන් තුන් ගුණයක්‌ මැනීම සිදු වේ. මෙය මාරන්තික විය හැකි වරදකි.

සමහර විට මේ ප්‍රමාණයන් හොඳින් දන්නා ඔබ මේස හැන්දෙන් සම්පූර්ණයෙන් එකක්‌ නො ගෙන දළ වශයෙන් 1/3ක්‌ මැන දරුවාට දෙනවා විය හැකි ය. දළ මිනුම් දරුවන්ට මාරාන්තික වන බව අපි ඉතා වගකීමෙන් ස`දහන් කරන්නෙමු. සැම ඖෂධයක ම ප්‍රබලතාව (potency) එක සමාන නො වේ. සමහර ඉතා ප්‍රබල ඖෂධ දරුවන්ට නිර්දේශ කරන්නේ ඉතා ම කුඩා ප්‍රමාණයකි. නිවසේ දී ඖෂධ ලබා දෙන ඔබ අත්වැරැදීමෙන් හෝ එය හතර පස්‌ ගුණයකින් වැඩි කර ලබා දීම දරුවා තවදුරටත් රෝගී කිරීමකි.

දරුවාට ඖෂධ ලබා දුන් පසු මැනීමට භාවිත කරන ලද මෙවලම් පිරිසුදු ජලයෙන් හොඳින් සෝදන්න. මැස්‌සන් හෝ වෙනත් කෘමීන් නො වහන ලෙස අසුරා තබන්න. දරුවන්ගේ බොහෝ ඖෂධවල පැණි රස ගතිය වැඩි බැවින් කෘමීන් පහසුවෙන් ආකර්ෂණය වේ. එසේ ම පිරිසිදු නො කළ හොත් ඇසට නො පෙනෙන බැක්‌ටීරියා සහ දිලීර මේ මෙවලම් ඇතුළේ ඉතා හොඳින් වර්ධනය වනු ඇත. නැවත දරුවාට ඖෂධ ලබා දෙන විට ඖෂධ සම`ග මේ විෂබීජ ද ශරීරගත වී දරුවා තවදුරටත් රෝගී වේ.


නිවැරැදි ක්‍රමවේදය

නිරන්තර ව ම ඖෂධයේ ලේබලයේ අඩංගු කරුණු/උපදෙස්‌ අනුගමනය කරන්න. ඇ`ග ගල්වන ඖෂධ, ඇසට, කනට, නාසයට දමන ඖෂධ, තුවාලවලට දමන ඖෂධ, ගුද මාර්ගයට දමන ඖෂධ කිසි විටකත් අනෙකුත් ක්‍රමවලින් භාවිත නො කළ යුතු ය.

භාවිතයට පෙර වතුර දමා සාදාගැනීමට උපදෙස්‌ ලැබුණේ නම්, උණු කර, නිවාගත් පානීය ජලය මේ ස`දහා භාවිත කරන්න. කිසි විටකත් උණුසුම් ජලය එකතු නො කරන්න. එසේ ම ලකුණු කර ඇති සීමාවට හෝ එකතු කරන්නට යෑයි පැවසූ ප්‍රමාණයට වඩා ජලය එක්‌ කිරීමෙන් ද වළකින්න. ඔබ වැඩිපුර වතුර එක්‌ කළ හොත්, මාත්‍රාව අඩුවෙන් ශරීරගත වේ.

භාවිතයට පෙර බෝතලය හොඳින් සොලවන්නැයි උපදෙස්‌ දී ඇත්නම්, භාවිත කිරීමට පෙර සැම විට ම බෝතලය හොඳින් සොලවා, හොඳින් මිශ්‍ර වූ ද්‍රdවණයක්‌ ඇත් දැයි ඇසින් බලන්න. කැටි හෝ බෝතලය පතුලේ දිය නො වී ඝන ද්‍රව්‍ය ලෙස පවතී නම්, එම දියර ඖෂධය දරුවාට ලබා නො දෙන්න.

එසේ ම ඇසට, කනට සහ නාසයට බෙහෙත් දමන විට, ඖෂධ බෝතලයේ කෙළවර ඇෙ`ග් තැවරීමට ඉඩ නො තබන්න. අතින් ඇල්ලීම ද නො කරන්න. තව ද ඕනෑ ම ඖෂධ අඩංගු භාජනයක්‌ විවෘත කළ පසු ඉක්‌මනින් ම වසා දමන්න. පෙති, කරල් ඖෂධ කාඩ්වලින් වෙන් කරගන්නා විට, ඒ මොහොතේ භාවිත කරන කරල හෝ පෙත්ත හෝ පමණක්‌ වෙන් කරගන්න. අනෙක්‌ ඖෂධවල ආවරණයට හානි නො කරන්න.

ඖෂධ දෙකක්‌ හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්‌ හෝ දරුවාට දෙන විට ඒවා අතර පරතරයක්‌ පවතින ලෙස දීමට වෛද්‍යවරයා උපදෙස්‌ දෙනු ඇත. මෙලෙස පරතරයක්‌ තැබීමෙන් ඖෂධ අතර ඇති විය හැකි අන්තර්ක්‍රියා වළකියි. එවන් උපදෙසක්‌ ඔබට නො ලැබුණේ නම්, ඖෂධ සියල්ල එකට දිය හැකි දැයි වෛද්‍යවරයා ගෙන් අසන්න.

ඖෂධ විෂ වීම වළක්‌වාගැනීමට දරුවන්ට විවෘත කළ නොහැකි මූඩියක්‌ / වැස්‌මක්‌ භාවිත කරන්න. භාවිත කිරීමෙන් පසු සැම විට ම නැවතත් හොඳින් ඖෂධ වසා තබන්න.


නිවැරැදි වේලාව

ඖෂධවේදීන් පවසන ආකාරයට ඖෂධය නියමාකාරයෙන් ප්‍රතිඵල ගෙන දෙනුයේ නොකඩවා එක ම වේලාවක දිනපතා ඖෂධය ලබාගැනීමෙනි. විවිධ ඖෂධ ලබාගත යුත්තේ විවිධ වේලාවන්හි දී ය. උදාහරණ ලෙස, උදෑසන හිස්‌ බඩ ලබා දිය යුතු ඖෂධ, පැය 12කට වරක්‌, පැය 8කට වරක්‌ හෝ පැය 4කට වරක්‌ ආදී ලෙස ලබා දිය යුතු ඖෂධ දැක්‌විය හැකි ය.

ඖෂධ ආහර සම`ග දක්‌වන සංකූලතා අවම කිරීමට ඒවා කෑමට පෙර හෝ පසු හෝ ගැනීමට කියනු ලැබේ. මේ උපදෙස්‌ පිළිපැදීම ඉතා ම වැදගත් වේ. මෙම`ගින් ඖෂධ-ආහාර අන්තර්ක්‍රියා අවම කළ හැකි ය.

පහත ස`දහන් විශේෂ අවස්‌ථා පිළිබ`දව ද සැලකිලිමත් වන්න.

දරුවකුට ප්‍රථම වරට ඖෂධයක්‌ ලබා දීමෙන් පසු අවම ලෙස පැයක කාලයක්‌ ගත වන තුරු දරුවා හොඳින් නිරීක්‌ෂණය කරන්න. ඖෂධ ලබා දෙන විට වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා හෝ ඇති විය හැකි යෑයි පැවසූ අතුරු ආබාධ හෝ වෙනත් ආසාත්මික ප්‍රතික්‍රියා දරුවා තුළින් දිස්‌ වන්නේ දැයි බලන්න. එසේ වුව හොත් නැවත ඖෂධ නො දිය යුතු ය. නොවලහා ළ`ග ම ඇති රෝහලට දරුවා රැගෙන යා යුතු ය.

දරුවන්ගේ ඖෂධ දිගුකාලීන ව තබාගෙන භාවිත කළ නොහැකි ය. භාවිත කිරීමට උපදෙස්‌ ලැබුණු කාලය පසු වූ විට ඖෂධ ඉතිරි නම් ඒවා විසි කළ යුතු ය. පිරිටන්, පැරසිටමෝල් දියර ආදී සිරප් වර්ග බෝතලය විවෘත කරන දිනය බෝතලයේ ලියා තබන්න. විවෘත කර මසක්‌ ගත වූ පසු නැවත භාවිත නො කරන්න. ගෙදර දී වතුර එක්‌ කර ඔබ සාදාගන්නා හෝ රෝහලෙන් බෝතලයකට දමා දෙන වෙනත් ඖෂධවල ඉතිරිය, ඔබට උපදෙස්‌ ලැබුණු කාලය (සතියකින් හෝ සති දෙකකින්) ගත වූ පසු භාවිත නො කළ යුතු ය.

සාරාංශයක්‌ ලෙස දරුවන්ගේ ආරක්‌ෂාව වැඩිහිටි අපගේ වගකීමක්‌ බැවින් අත්වැරැදි අවම කර ගැනීමටත්, නො සලකා හැරීම් වෙනුවට සැම විට ම සැලකිලිමත් වීමටත්, අනවබෝධය දුරු කර ඖෂධ නිවැරැදිව භාවිත කිරීම පිළිබ`දව ඉගැනීමටත් උත්සුක වෙමු.

ඔබයි ඖෂධයි - 16 ලිපියෙන් වැඩිහිටියන් ස`දහා ඖෂධ භාවිත කිරීමේ දී සැලකිය යුතු විශේෂ කරුණු පිළිබ`දව සලකා බලමු.

රුහුණ විශ්වවිද්‍යාලයයේ, සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඖෂධවේදී අධ්‍යයනංශයේ ආධුනික කථිකාචාර්ය
මනෝරි ජයසිංහ
B.Pharm (Peradeniya), PgD App. Org. Chem(Colombo), MBA (reading) (Colombo
(හිටපු ඖෂධවේදී, ජාතික ඖෂධ අධිකාරිය)