logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ප්‍රතීතන සහතිකයක්‌ වැදගත් වන්නේ ඇයි?


 

ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ආහාර හා ජලය පිළිබ`ද විද්‍යාගාරයට පසුගිය දා 'ශ්‍රී ලංකා ප්‍රතීතන' සහතිකය හිමි විය. එවැනි පිළිගැනීමක්‌ ලද සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ප්‍රථම විද්‍යාගාරය වන්නේ මෙයයි. මේ ප්‍රතීතනය ප්‍රදානය කිරීමේ අළෙල පසුගියදා කොළඹ දී පැවැති අතර ඒ සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සෙඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ය. මෙලෙස හිමි වූ ප්‍රතීතනය වන්නේ 17025ත 2005 සහතිකයයි.

මේ විශිෂ්ට අගැයීම හිමි කරගැනීම ස`දහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යුරෝපීය සංගමයේ Eu Sri Lanka Trade Related ව්‍යාපෘතියේ සහාය ද ලැබී ඇත. එසේ ම මේ ස`දහා තාක්‌ෂණික මාර්ගෝපදේශය ලැබී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) ම`ගිනි.

මෙදින පැවැති උත්සවයේ දී පිළිගැනීමේ කතාව පවත්වමින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයරුවන් බණ්‌ඩාර මහතා කියා සිටියේ මෙලෙස තම විද්‍යාගාරයට ප්‍රතීතන සහතිකය හිමි වීම විශාල ජයග්‍රහණයක්‌ බවයි.

ශ්‍රී ලංකාව තුළ ප්‍රතීතන ක්‍රියාවලිය මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්‌ඩලය (SriLanka Accredition Board) විසිනි. එය පිහිටුවා ඇත්තේ 2005 වසරේ අංක 32 දරන (Conform-ity Assesment act) පණත ම`ගිනි. විද්‍යා හා තාක්‌ෂණ අමාත්‍යංශයේ අධීක්‌ෂණය යටතේ ස්‌වාධීන ආයතනයක්‌ ලෙස මෙය ක්‍රියාත්මක වේ. මේ මණ්‌ඩලයේ අරමුණ නිෂ්පාදන හා සේවාවල ගුණාත්මකභාවය තහවුරු කොට දී එයට ජාත්‍යන්තර පිළිගැනීමක්‌ ලබා දීම ය. ප්‍රතීතන මණ්‌ඩලය යම් ආයතනයකට සහතිකයක්‌ ලබා දුන් විට නිතැතින් ම එයට ජාත්‍යන්තර පිළිගැනීමක්‌ හිමි වේ. එනිසා හුදෙක්‌ මේ සහතිකය ගුණාත්මක බව පිළිබ`ද දෙයක්‌ පමණක්‌ නො වේ. රටේ ආර්ථික සංවර්ධනයට ද සෘජු ව ම බලපාන ක්‍රියාදාමයකි. ගෝලීය වෙළෝද පොළ තුළ (භාණ්‌ඩවලට හෝ සේවාවන්ට අදාළ) විශ්වාසයක්‌ ගොඩනැෙ`ගන්නට මෙවැනි ප්‍රතීතන සහතික අතිශයින් වැදගත් වේ. විශේෂයෙන් ම රාජ්‍ය දේහයක්‌ ම`ගින් ලබා දෙන මේ ප්‍රතීතනය පිළිබ`දව ජාත්‍යන්තර ප්‍රජාව විශේෂ උනන්දුවක්‌ දක්‌වයි. මේ සහතිකය ඇති භාණ්‌ඩයකට වෙළෝද පොළ තරගයේ දී පහසුවෙන් ජයගන්නට පුළුවන. භාණ්‌ඩයකට සේවාවකට මෙන්ම ආයතනයකට අදාළ ව ද මේ තත්ත්වය මෙබ`දු ය.


ප්‍රතීතනයක්‌ ලබාගන්නේ කෙලෙස ද?

පළමුවෙන් කළ යුතු වන්නේ මීට අදාළ අයදුම්පත් ලබාගෙන එය පුරවා මණ්‌ඩලය වෙත එවීමයි. එය සෘජු ව ම SLAB කාර්යාලයෙන් ලබාගන්නට හෝ අන්තර්ජාලයෙන් බාගත කරගන්නට හෝ පුළුවන. අයදුම්පත සම`ග අදාළ වෙනත් සහායක තොරතුරු වාර්තා ද (Supporting documents) එවිය යුතු වේ. මේ අයදුම්පත හා වාර්තා ප්‍රතීතන මණ්‌ඩලය විසින් ක්‍රමික සමාලෝචනයකට (Review) බ`දුන් කරනු ලැබේ. ඉන්පසු විස්‌තරාත්මක ප්‍රතිපෝෂක වාර්තාවක්‌ නිකුත් කෙරේ. එම වාර්තාව ලබාගන්නා අයදුම්කරු එහි උපදෙස්‌ අනුව ක්‍රියා කිරීම අපේක්‌ෂා කෙරේ. එනම් යම් ඌනතාවක්‌ දක්‌වා ඇත්නම් එය නිරවද්‍ය කර ගැනීමට උචිත පියවර ගත යුතු වේ. සාමාන්‍යයෙන් යම් ප්‍රතීතනයක්‌ ලබා දීමට අදාළ ව මණ්‌ඩලයක්‌ පත් කෙරේ. එම මණ්‌ඩලය අදාළ විෂයෙහි ප්‍රාමාණිකයන් ගෙන් සමන්විත වේ.

2005 දී පිහිටුවන ලද ප්‍රතීතන මණ්‌ඩලය මේ වන විට සිය ගමන් මෙ`ගහි 15 වැනි වසරට එළැඹ ඇති අතර ඒ කෙටි කාලය තුළ සිදු කර ඇති මෙහෙවර ඉමහත් ය. රාජ්‍ය හා පෞද්ගලික ආයතන සැලකිය යුතු සංඛ්‍යාවකට විවිධ ක්‍ෂේත්‍රවලට අදාළව ප්‍රතීතන සහතික නිකුත් කර ඇත.

1. පරීක්‌ෂණ හා ක්‍රමාංකන (Testing andcalibration)

2. වෛද්‍ය විද්‍යාගාර (Medical laboratories)

3. විමර්ශන අංශ (Inspection Bodies)

4. පද්ධති සහතික (System Certification)

වැනි ක්‍ෂේත්‍ර රැසක්‌ ඒ අතර වේ.

මෙයින් පළමුවැන්න සැලකුව හොත් යළි එය

(i) රසායනික පරික්‌ෂණ

(ii) යාන්ත්‍රික පරික්‌ෂණ

(iii) විද්යුත් පරික්‌ෂණ

(iv) ජෛව විද්‍යාත්ක්‌මක පරික්‌ෂණ ආදි ප්‍රභේදවලට බෙදේ.

2015 දී නීතිඥ නාමල් රාජපක්‌ෂ මහතා සභාපතිත්වය දරන සමයේ දී යෝජනා වූ හා පසුව ක්‍රියාත්මක වූ Organic (එනම් රසායන ද්‍රව්‍ය භාවිත නොවන කෘෂිකර්මයට අදාළ) සහතික නිකුත් කිරීම ද ඉතා වැදගත් ඓතිහාසික මෙහෙවරකි. මුළු ලොව ම කාබනික නිෂ්පාදන වෙත යොමු වන හා කාබනික පරිසරයක්‌ ගොඩන`ගන්නට උනන්දු වන මොහොතක මෙය ඉතා වැදගත් මුලපිරීමක්‌ විය.

වෛද්‍ය පර්යේෂණ ආයතනයට ප්‍රතීතන සහතිකය ලබා දීමේ උත්සවයට සහභාගි වූ ප්‍රතීතන මණ්‌ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි හා අධ්‍යක්‌ෂ චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය මෙසේ සදහන් කළා ය.

"ප්‍රතීතන ක්‍රියාවලිය ම`ගින් යම් නිෂ්පාදනයක, සේවාවක හෝ ආයතනයක තත්ත්වය ප්‍රමිතියට බ`දුන් කෙරෙනවා. එසේ ම එම`ගින් ආර්ථික ප්‍රතිලාභ ද ලැබෙනවා. ප්‍රතීතන සහතික සහිත ආයතනයකට/ සේවාවකට/භාණ්‌ඩයකට ජාත්‍යන්තර වෙළෝදාම තුළ දී ඉහළ පිළිගැනීමක්‌ ලැබෙනවා. ප්‍රතීතනය යනු තත්ත්වය ඉහළ නංවාගැනීමේ මෙන්ම විශ්වාසය තහවුරු කරගැනීමේ ක්‍රියාවලියක්‌. මෙය ලබාගැනීම එතරම් ම පහසු දෙයක්‌ නො වෙයි. ඉහළ තත්ත්වයකට ළං වීමට අවශ්‍ය සුදුසුකම් සැපිරීම අවශ්‍යයි. ඒ ස`දහා වෙහෙස විය යුතුයි. වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ තත්ත්ත්වය ලබාගැනීම පිළිබ`ද සතුටුයි. වැදගත් ම දෙය මේ තත්ත්වය දිගින් දිගට ම පවත්වාගෙන යැමයි. ඒ ස`දහා ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක්‌ අවශ්‍යයි. මේ සහතිකය ලබාගත් ආයතනවලට එය ඵලදායි වන්නේත්, රටට ප්‍රයෝජනයක්‌ අත් වන්නේ මේ උසස්‌ තත්ත්වය එලෙස ම පවත්වාගත හොත් පමණයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයට අදාළ ව මේ ගුණාත්මකභාවය දිගට ම පවත්වාගෙන යැම ගැන සෞඛ්‍ය බලධාරීන් සොයා බලනු ඇතැයි අප විශ්වාස කරනවා. දැනට විවිධ ක්‍ෂේත්‍රවල විද්‍යාගාර 93කට මේ ප්‍රතීතනය ලබා දී තිබෙනවා. මෙයින් 17ක්‌ ජෛවවිද්‍යා පර්යේෂණ සිදු කරන ස්‌ථාන."


වෛද්‍ය පර්යේෂණ ආයතනය හා එහි ක්‍රියාකාරිත්වය

වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි අරමුණ ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම ස`දහා වෛද්‍ය පර්යේෂණ ක්‍ෂේත්‍රය හරහා කළ හැකි උපරිම සේවය සැලසීමයි. ලංකාවේ රාජ්‍ය දේහය තුළ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක්‌ වන වෛද්‍ය පර්යේෂණ ආයතනය ජෛව වෛද්‍ය පර්යේෂණ ක්‍ෂේත්‍රය තුළ උපදේශන සේවා හා පහසුකම් සපයන්නකු ලෙස ද කටයුතු කරයි. සියලු ම ප්‍රධාන රෝගවලට අදාළ පර්යේෂණ සේවා හා තාක්‌ෂණ පහසුකම් සැපයීමේ හැකියාව මේ ආයතනය සතු ය.

පර්යේෂණ මෙහෙයවීමට අමතර ව පුහුණු හා අධ්‍යාපන සේවා සැපයීම ද වෛද්‍ය පර්යේෂණ ආයතනය ම`ගින් සිදු වේ. රට තුළ සෞඛ්‍ය ගැටලුවක්‌ ඇති වූ විගස අවධානය යොමු වන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙතට ය. ජාතික වශයෙන් ඇති වන විපත්වල දී මෙන්ම පෞද්ගලික සිද්ධීන්හි දී වෛද්‍ය පර්යේෂණ ආයතනය සිය සේවය ලබා දෙයි. නිදසුනක්‌ දක්‌වතොත් පසුගිය දා නව්‍ය කොරෝනා වයිරසය ලොව පුරා පැතිර යද්දී ලංකාවේ සැක සහිත පුද්ගලයන්ට එම වයිරසය ආසාදනය වී ඇත් දැයි පරික්‌ෂා කරනු ලැබුවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය ම`ගිනි. ජලභීතිකාව වැළඳී ඇත් දැයි කෙරෙන පරික්‌ෂාවකට අවශ්‍ය දත්ත ලබා දීම පවා වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කරයි. 'පිස්‌සු බල්ලකු' යෑයි සැක කෙරෙන සතකු සපා කෑ විට ඌට ඇත්තට ම ජලභීතිකාව වැළඳී තිබේ දැයි දැනගැනීමට සාම්පල (බල්ලාගේ නම් හිස) යවන්නේ වෛද්‍ය පර්යේෂණාගාරය වෙතට ය. පෞද්ගලික වෛද්‍ය සේවා ලබාගැනීම ස`දහා පවා වෛද්‍ය පර්යේෂණ ආයතනය සහාය ලබා දෙන බව මෙයින් පෙනේ. වෛද්‍ය පර්යේෂණ ආයතනය පිළිබ`දව ජනතාව දැන සිටිය යුතු තවත් වැදගත් කරුණක්‌ ඇත. එය නම් වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ සාම්පල ලබා ගැනීමට අදාළව පැය 24 ම විවෘත බවයි.

උක්‌ත ප්‍රතීතනය හිමි කරගැනීම ස`දහා මූලිකත්වය ගෙන කටයුතු කළේ වෛද්‍ය පර්යේෂනයක්‌ සායනික ක්‍ෂුද්‍ර ජීව විද්‍යාඥ සුජාතා පතිරගේ මහත්මිය ය. කණ්‌ඩායම් හැ`ගීමෙන් හා කැප වීමෙන් කටයුතු කළ හෙයින් මේ ප්‍රතීතනය හිමි කරගත හැකි වූ බව ඇය පවසා සිටියා ය. මේ ප්‍රතීතනය ලබාගැනීමේ ප්‍රයෝජනය මුළු ලංකේය ජනතාවට ම හිමි වන බවද ඇය පෙන්වා දුන්නා ය.

මේ ප්‍රතීතන ප්‍රදාන උළෙලට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයරුවන් බණ්‌ඩාර, සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය එල්. ටී. ගම්ලත්, UNIDOහි තාක්‌ෂණික විශේෂඥ ආචාර්ය JairoAndres Vilamil Diaz, යුරෝපා සංගම් නියෝජිත Frank Hess, ප්‍රතීතන මණ්‌ඩලයේ ප්‍රධාන විධායක චන්ද්‍රිකා තිලකරත්න, යුරෝපීය සංගම් වෙළෝද සහයෝගිතාවේ ජාතික උපදේශක සුලෝචන පෙරේරා යන මහත්ම මහත්මීහු සහභාගී වූ හ.
 

***********************************************************************************


ප්‍රතීතනය ම`ගින් විශ්වාසය තහවුරු වනවා
- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා


මේ ප්‍රතීතන ප්‍රදානය කිරීමේ උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පර්යේෂණාගාර මේ ප්‍රතීතන සහතිකය හිමි කරගැනීම ඉතා ඵලදායි බවයි.

"අද අපට ඉතා සතුටු දවසක්‌. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිදු කරන පර්යේෂණ ඉතා නිරවද්‍ය ප්‍රතිඵල ගෙන දෙන්න ඕනේ. ඒ තහවුරු වීම ප්‍රතීතනය හරහා සිදු වනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනය ප්‍රතීතනයට ගත් පියවර අනුගමනය කරමින් අනෙක්‌ ආයතන ද මේ ක්‍රියාවලියට යොමු වෙයි කියා මා අපේක්‌ෂා කරනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ ප්‍රතීතනය හිමි කරගත්තේ මහන්සි වී වැඩ කරමින්. මේ ප්‍රතීතනය හිමි කරගැනීම පහසු දෙයකුත් නො වෙයි. හු`ගක්‌ කැප කිරීම් කළ යුතු දෙයක්‌. ඒත් ඒ කැප කිරීම් ඉතා ප්‍රතිඵලදායකයි.

ආචාර්ය මනෝඡ් ප්‍රසන්න රත්නායක