logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අ. පො. ස. (උ. පෙළ) භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ සමාලෝචනයක්‌...


පසුගිය අගෝස්‌තු මාසයේ පැවැත්වූ අ.පො.ස. (උ. පෙළ) භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය අසීරු එකක්‌ වූ බවට බොහෝ දරුවෝ මැසිවිලි නැ`ගූ හ. මෙහි ඇත්ත නැත්ත සනාථ හෝ නිෂ්ප්‍රභ හෝ කළ හැක්‌කේ විභාගයට වාඩි වූ දරුවන් ලබාගත් මුළු ලකුණු ප්‍රමාණය විශ්ලේෂණය කිරීමෙනි. දැන් ඇගයීම් කටයුතු අවසාන නිසා ලබන දෙසැම්බරය වන විට දරුවන්ගේ අෙ`දාaනාවේ සත්‍ය හෝ අසත්‍ය හෝ බව ඉතා පහසුවෙන් පසක්‌ කරගත හැකි ය. ප්‍රශ්න පත්‍රයක්‌ දරුවන්ට අසීරු වූයේ නම් ඒ පිළිබ`දව ප්‍රශ්න පත්‍රය හදපු අය ගෙන් අසා වැඩක්‌ නැත. ඔවුන් සැම විට ම ප්‍රකාශ කරන්නේ "පිස්‌සු ද, මේ ප්‍රශ්න පත්‍රය අමාරු නෑ. දරුවන් හරියට විෂය දන්නේ නැ. ගිරව් වගේ කට පාඩම් කරලා ළමයි යාන්ත්‍රික වෙලා..." යනාදි වශයෙනි. මෙවැනි දේ ඕනෑ ම setter කෙනකු (ප්‍රශ්න පත්‍ර සකසන්නකු) කියන ප්‍රකාශ ය. මොකද ඔවුනට සාපේක්‌ෂ ව ප්‍රශ්න පත්‍රය ලේසි ය. මෙයට හේතුව එය සාදා ඇත්තේ ඔවුන් නිසා වන බැවිනි.

විශේෂයෙන් භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රය දරුවන් අමාරු යෑයි කියන්නේ ඇයි? මෙය අප හරියට වටහාගත යුතු ය. දරුවන් සැම විට ම ප්‍රකාශ කරන්නේ ප්‍රශ්න පත්‍රයේ ඇති භෞතික විද්‍යාව අමාරු කියා නො වේ. බහුවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දීමට දී ඇති කාලය මදි කියා ය. පැය 2 වෙනුවට පැය 3ක්‌ දුන්නේ නම් මෙහි ඇති ප්‍රශ්නය කුමක්‌ ද? මෙය නිරාකරණය කරගන්නේ කෙසේ ද?

මොහොතකට ප්‍රශ්න පත්‍රය සාදන විදිය ගැන අවධානය යොමු කරමු. ප්‍රශ්න පත්‍රය හදන කමිටුවේ සිටින අය ප්‍රශ්න සාදාගෙන හෝ සොයාගෙන හෝ එති. මේ සැම ප්‍රශ්නයක්‌ ම තනි තනියෙන් හදාගෙන එනු ලැබේ. ඒවාහි උත්තර ඔවුහු දනිති. ඊට පසු මෙලෙස හදාගෙන එන ප්‍රශ්න පොදුවේ සාකච්ඡා කොට ඒවාහි භෞතික විද්‍යාව හරි ද? විෂය නිර්දේශයට අනුගත ද? යනාදී කරුණු පිරික්‌සා බලයි. යම් සාමාජිකයකු හදාගෙන එන ප්‍රශ්නයකට උත්තරය ලබාගැනීමට කොපමණ කාලයක්‌ වැය වනවා ද යන්න පිළිබ`දව කිසිදු කාල නිර්ණයක්‌ කවර දා වත් සිදු කොට නැත. ප්‍රශ්න 50 සංයුක්‌ත කළ පසු මේවාට නිවැරැදි පිළිතුරු ලබාගැනීමට බුද්ධිමත් දරුවකුට කොපමණ කාලයක්‌ වැය වනවා ද කියා සොයා බලා නැත. ප්‍රශ්න පත්‍රය හදපු අයට එය සිදු කළ නොහැකි බව මගේ මතයයි. ඒ ඔවුන් ප්‍රශ්න පිළිබ`දව අඩු වැඩි වශයෙන් පෙර දැනුමක්‌ ලබාගෙන ඇති නිසා ය.

මට බලයක්‌ තිබුණේ නම් මා කරන්නේ මේ දේ ය. ප්‍රශ්න පත්‍රය ගොනු කළ පසු ප්‍රශ්න පත්‍රය සැදීමට කිසිසේත් දායක නො වූ මහාචාර්යවරයකුට හෝ ආචාර්යවරයකුට හෝ ලබා දී පැය 2ක්‌ තුළ ප්‍රශ්න පත්‍රය කරන්නට අවකාශය ලබා දීම ය.

ඔහු එක්‌තරා විදියක moderator (ප්‍රමාණනය කරන්නා වූ) කෙනකු වුව ද ඕන තරම් කාලය ලබා දී ප්‍රශ්න හරහා යැමට අවකාශය ලබා දීම එතරම් ප්‍රයෝජනයක්‌ නොමැති දෙයක්‌ බව මාගේ හැ`ගීමයි. ලෝකයේ බොහෝ රටවල මේ ක්‍රමය අනුගමනය කෙරෙයි. ඔවුන් නම් තෝරාගන්නේ ඉතා පළපුරුද්දක්‌ ඇති විෂය කරුණු ගැන මනා දැනුමක්‌ ඇතිs රහස්‍ය බව

රැකිය හැකි විෂය උගන්වන ලද ප්‍රවීණ ගුරුවරයකු ය. අපට මෙය කළ හැකි දැයි මම නො දනිමි. ඔහුට හෝ ඇයට හෝ පැය 2 තුළ දී පිළිතුරු සැපයිය නොහැකි නම් හෝ ඔහුට හෝ ඇයට හෝ ගත වන කාලය මැනීම ම`ගින් බුද්ධිමත් දරුවකුට මේ ප්‍රශ්න ලියාගැනීමට යන කාලය පිළිබ`දව නිමානනයක්‌ කළ හැකි ය.

අප හදන මේ ප්‍රශ්න පෙර පරීක්‌ෂා (pre test) කළ ප්‍රශ්න නො වේ. කාල නිර්ණය කරන ලද ප්‍රශ්න පත්‍ර බැංකුවකින් (question bank) ලබාගත් ප්‍රශ්න ද නො වේ. එම නිසා මා ඉදිරිපත් කළ ක්‍රමවේදය ම`ගින් මේ ප්‍රශ්නය නිරීක්‌ෂණය කරගත හැකි බව මගේ මතයයි. මගේ අදහසට ප්‍රතිවිරුද්ධ මත තිබිය හැකි ය. මුළු ඉතිහාසයේ ම භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයට "කාලය මදි" යන මැසිවිල්ල අඩු වැඩි වශයෙන් තිබුණේ ය. එම නිසා ප්‍රශ්නය හරිහැටි වටහාගෙන මෙයට ප්‍රතිකර්ම යෙදිය යුතු ය. ප්‍රධාන පාලක පරීක්‌ෂකතුමා අනෙක්‌ අය හදන ප්‍රශ්න ගොනු කොට ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් කරන්නකු නො විය යුතු ය. එක්‌කෝ ඔහුට/ ඇයට ප්‍රශ්න 50 කිරීමට බුද්ධිමත් දරුවකුට ඇත්තට ම ගත වන කාලය පිළිබ`ද යම් නිශ්චිත වැටහීමක්‌ තිබිය යුතු ය. නැතිනම් ප්‍රවීණයකු ලවා පරීක්‌ෂා කරගත යුතු ය.

දැන් මේ වසරට (2019) සමීප වූ අවස්‌ථාවක්‌ සලකා බලමු. 2015 වසරේ දී ද ප්‍රශ්න පත්‍රය අසීරු වූ බවට බොහෝ දරුවන් විසින් මැසිවිලි නඟන ලදි. එහි ඇත්ත - නැත්ත පහත පෙන්වා ඇති ප්‍රතිඵල සමාලෝචනයෙන් ඔබට තීරණය කළ හැකි ය. මා මේ ඉදිරිපත් කරන්නේ රහස්‍ය දෙයක්‌ නො ව විභාග දෙපාර්තමේන්තුව ම`ගින් ම නිකුත් කරන ලද ප්‍රතිඵල සටහනයි. මෙය 2015 - ඇගයීම් වාර්තාව ම`ගින් මුද්‍රණය කොට පාසල්වලට ලබා දී ඇත. ඊට අමතර ව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ද මෙය දක්‌නට හැකි ය.

පළමු වගුවෙන් පෙන්නුම් කොට ඇත්තේ 2015 - භෞතික විද්‍යා විෂයට එක්‌ එක්‌ පන්ති ප්‍රාන්තර යටතේ දරුවන් ලකුණු ලබාගෙන ඇති ආකාරයයි. උදාහරණයක්‌ වශයෙන් 91-100 අතර ලකුණු ලබාගත් එක ම එක දරුවෙක්‌ සිටියි. වැඩි ම ළමයින් ප්‍රමාණයක්‌ (20305) ඇත්තේ

21-30 ලකුණු ප්‍රාන්තරයේ ය. දෙවැනි වගුවේ ඇත්තේ දරුවන් කොපමණ සංඛ්‍යාවක්‌ A ශ්‍රෝණිය ලබාගෙන ඇත් ද, B ශ්‍රේණිය ලබාගත් දරුවන් කොපමණ සිටී ද යනාදි සංඛ්‍යාලේඛන ය. මේ දත්ත හැදැරීමෙන් පහත නිගමනවලට එළඹිය හැකි ය. මේ ස`දහා rocket maths අවශ්‍ය නැත.

(1.) 71-100 (71 හෝ ඊට වැඩි) දරුවන් සිටින්නේ 1103කි. මේ අගය විෂයට වාඩි වූ මුළු සිසු දරුවන් ගෙන් (75187), 1.47%ක්‌ වැනි ඉතා සුළු ප්‍රතිශතයකි. එහෙත් (2) වගුවට අනුව විභාග දෙපාර්තමේන්තුව ප්‍රදානය කොට ඇති A සංඛ්‍යාව 2164 (2.88%)කි. මෙයින් ගම්‍ය වන්නේ A ශ්‍රෝණියේ කඩඉම් ලකුණු 70ටත් වඩා අඩු අගයකින් පිහිටා ඇති බවයි. එය බොහෝ විට 65 හා 70 අතරේ ලකුණුක පිහිටුවා ඇති බව නිමානනය කළ හැකි ය.

(2) ඊළඟට නැවත (1) වගුවට අවධානය යොමු කළ විට ලකුණු 40 හෝ ඊට අඩුවෙන් ලබාගෙන ඇති සංඛ්‍යාව 48951කි. එම සංඛ්‍යාව විෂයට පෙනී සිටි ළමයින් සංඛ්‍යාවෙන් 65.11%කි. එනම් 41 සිට ඉහළට ලකුණු ලබාගෙන ඇති සංඛ්‍යාව 34.89%කි. මෙය ප්‍රශ්නයක්‌ ද? නැද්ද? මම නො දනිමි. මෙයින් ලැබෙන ප්‍රතිඵලය වන්නේ S සාමර්ථ්‍යය ලකුණු 40න් දුන්නේ නම් 2015, භෞතික විද්‍යාව විෂය සමත් ප්‍රතිශතය 37-38% පමණ වනු ඇත යන්න ය. මෙය සුළු ප්‍රතිශතයක්‌ ද? නැද්ද?

එහෙත් සංඛ්‍යාලේඛනවලට අනුව දරුවන් 49805ක්‌ විෂය සමත් වී ඇත. (S සිට A දක්‌වා) මෙහි ප්‍රතිශතය 66.24%කි. මෙයින් ගම්‍ය වන්නේ S සාමර්ථ්‍යය දී ඇත්තේ ලකුණු 30ටත් අඩුවෙන් බව ය. ඒ මන්ද? S සාමර්ථ්‍යය ලකුණු 31න් වත් දුන්නා නම් සමත් ප්‍රතිශතය 60.5% වන බැවිනි. S සාමර්ථ්‍යය දී ඇත්තේ ලකුණු 25-30 අතරේ අගයකින් බව මගේ වැටහීමයි. මේ දත්තයන් ප්‍රකාශ කොට ඇති දත්තයන් ය. රහස්‍ය කරුණු නො වේ. එහෙත් මේ පිළිබ`දව බොහෝ දෙනාගේ අවධානයක්‌ නැත.

ලකුණු මට්‌ටම් අඩු කොට ශ්‍රේණි ලබා දීම පිළිබ`දව විභාග දෙපාර්තමේන්තුවට දොස්‌ කියා වැඩක්‌ නැත. ඔවුනට මේ විධික්‍රමය හැර ගත හැකි වෙනස්‌ විකල්පයක්‌ නැත. 75 හෝ ඉන් ඉහළට A සාමර්ථ්‍ය දුන්නා නම් A ශ්‍රේණි ලැබෙන්නේ ළමයින් 500කට නොවැඩි සංඛ්‍යාවකට බව මගේ සරල විශ්ලේෂණයට අනුව නිගමනය කළ හැකි ය. එය සමස්‌ත ප්‍රතිශතයෙන් 1%ටත් වඩා අඩු 0.67%ක්‌ පමණ ය. එසේ වූයේ නම් දරුවන් විභාග දෙපාර්තමේන්තුව ඉස්‌සරහ "අපට A දියව්" කියා පුවරු උස්‌සාගෙන උද්ඝෝෂණය කරනු ඇත.

මෙවර ලකුණු මීට වඩා හො`ද වේ වි ද, නැතිනම් නරක්‌ වේ වි ද කියා මා දන්නේ නැත. කොහොමටත් A එකක්‌ දෙන ලකුණු කඩඉම 66ට වඩා අඩු කළ නොහැකි යෑයි මට සිතේ. ප්‍රශ්න පත්‍රයකට ළමයින් ලබාගන්නා ලකුණු අඩු වූවාට කමක්‌ නෑ කියා කාට හරි තර්ක කළ හැකි ය. ලකුණු අඩු නම් ශ්‍රේණි සාමර්ථ්‍ය ලබා දෙන කඩඉම් ලකුණු අඩු කොට දෙමු. ඉතින් මොකද? A ගණන අඩු වූවා කියා වෛද්‍ය පීඨ, ඉංජිනේරු පීඨ ආදියට බ`දවාගන්නා දරුවන් ප්‍රමාණය අඩු නො වේ. උසස්‌ පෙළ කියන්නේ සාපේක්‌ෂ විභාගයක්‌. ඉතින් අවශ්‍ය වන්නේ සාපේක්‌ෂව ඉහළ ලකුණු ප්‍රමාණයක්‌ ලබාගැනීම පමණ ය. මෙවැනි තර්ක ඉදිරිපත් කිරීම ද එක අතකින් සාධාරණ ය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන වෙලාවේ මේ කිසිවක්‌ විභාග අපේක්‌ෂකයන්ට නො දැනීමයි. ප්‍රශ්න පත්‍ර අමාරු වූ සැණින් ඔවුහු මානසික ව කලකිරෙති. සමහරු දෙවැනි ප්‍රශ්න පත්‍රයට උත්තර ලිවීමට යන්නේ නැත. 2015 දී මා දන්නා සමහර දෙවැනි, තෙවැනි වර දරුවන් විභාග ප්‍රතිඵල තමන්ට අඩු වේ යෑයි සිතා ඔවුනට එවකට ලැබී තිබුණු පීඨවලට ඇතුළත් වීමට අයදුම් කළ හ.

ප්‍රතිඵල ලැබුණාට පසුව තමන් සිතුවාට වඩා උසස්‌ සාමර්ථ්‍යයක්‌ ඔවුනට ලැබී ඉංජිනේරු, වෛද්‍ය පීඨවලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවත් එම අවස්‌ථා ඔවුනට අහිමි විය. දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නේ ' - අගය මත ය (අදාළ දිස්‌ත්‍රික්‌කයේ). ශ්‍රේණි දෙන්නේ අමු ලකුණු (raw mark) මත ය. මේ දෙකත් එකිනෙකට නො ගැළපේ. ශ්‍රේණිවල කඩඉම් පරාස ද Z- අගය මත ප්‍රදානය කළ හැකි ය. එවිට A,B,S එක එක ලකුණෙන් දීමට අවශ්‍ය නැත. එහෙත් අපගේ උසස්‌ පෙළ ප්‍රතිඵලවලින් වෙනත් හෝ අන්තර්ජාතික උසස්‌ අධ්‍යාපන ආයතනවලට ඇතුළු වීමට A,B දුන්නේ කුමන ලකුණෙන් දැයි ප්‍රකාශ කිරීම අවශ්‍ය ය. කොහොමටත් විභාග සහතිකයේ ස`දහන් වන්නේ A ශ්‍රේණිය දෙන්නේ 75-100 දක්‌වා බව ය.

මගේ මිතුරන් මා සමඟ නයි වෛර බැ`දගත්තේ ද 2015න් පසු ව ය. ඔවුන් කිහිප දෙනාට යථාර්ථය තේරුම්ගැනීමට නොහැකි විය. ප්‍රශ්න පත්‍රය අමාරු යෑයි ප්‍රකාශ කොට ලිපි පළ විය. ඔවුන් සිතුවේ මේ පිටුපස මා සිටින බව ය. ළමයින් ගෙන් බහුතරය අමාරු යෑයි කියනවා නම් කිසිවකුට කළ හැකි දෙයක්‌ නැත. 2011 දී ද බහුවරණ ප්‍රශ්න පත්‍රය අමාරු යෑයි මුද්‍රිත මාධ්‍යවල පළ විය. ඉහත තර්කය වලංගු නම් ඒ පිටුපස ද මා සිටිය යුතු ය. එක්‌ ලිපියක්‌ ලිවූ ගුරුතුමා මා හො`දට ම දන්නේ ය. එහෙත් මා ඔහු සමඟ අමනාප වූයේ නැත. එය ඔහුගේ මානව අයිතියකි.

එතැනින් පසු මගේ විවරණ පොත් නිර්දය ලෙස විවේචනය කොට (එයට ඔවුනට අයිතියක්‌ ඇත) විභාග කොමසාරිස්‌ තුමා ලවා මගේ පොත් තහනම් කිරීම ස`දහා බලවත් (ප්‍රබල) උත්සාහයක යෙදිණි. 2017 වසරේ මගේ පොත තහනම් කිරීමට අදාළ ලිපිය 'ගහනකම්' ඔවුහු ප්‍රශ්න පත්‍ර සෑදීමෙන් වැළකී සිටියෝ ය. බැරි ම තැන 2018 දී ප්‍රශ්න පත්‍රය පොතේ පළ කිරීමට ලබා දුන් මුදල් ගෙවා ලබාගත් අවසරය දෙන්න එපා කියා බලපෑම් කළෝ ය. එය මට නො ලැබිණි. 2019 දී ද ඔහු ප්‍රශ්න පත්‍රය සෑදීමට නම් විභාග දෙපාර්තමේන්තුව කොන්දේසි ඉදිරිපත් කළේ ය. එය කළ නොහැකි වූ නිසා ප්‍රශ්න පත්‍රය අලුත් ම අයට පැවරිණි. මේවා පිළිබ`දව මගේ කිසිදු තරහක්‌ නැත. මෙවැනි ක්‍රියාකාරකම් සිංහලයන් වන අපගේ හැටි ය. අපගේ ජානවල ද මෙවැනි චර්යා ඇති බව මගේ විශ්වාසයයි.

2015 ප්‍රතිඵල නිකුත් වූ පසු ප්‍රශ්න පත්‍රය අමාරු යෑයි කිවූ දරුවකු බේතකට වත් සොයාගැනීමට බැරි විය. විභාග දෙපාර්තමේන්තුව ළමයින් ද, setters ලා ද, රජය හා මුළු රට ම ගොඩදායි. ඉතින් කුමකට ලත වෙමු ද? මට තියෙන එක ම ප්‍රශ්නය හා බිය වන්නේ භෞතික විද්‍යාව යන සුන්දර විෂයයෙන් දරුවන් ඈත් වේ ද යන ප්‍රශ්නය පමණි.

1992 වසරේ දී භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය leak විය. ප්‍රශ්න පත්‍රය සාදපු ම`ඩුල්ලේ නො සිටිය අපගේ ම කථිකාචාර්යවරයකුගේ අත් අකුරින් ලියපු ප්‍රශ්න හා උත්තර අඩංගු ලියවිල්ලක්‌ එවකට උපකාරක පන්ති පැවැත්වූ ගුරු මහතකු විසින් (දැන් ඔහු ජීවතුන් අතර නැත) ප්‍රධාන පාලක පරීක්‌ෂකතුමා වෙත බාර දෙන ලදි. ඒ අනුව ඔහුට විරුද්ධ ව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ම`ගින් නඩු පවරන ලදි. ඉහත කී කථිකාචාර්යවරයා වෙනුවෙන් නඩුවට කථා කළේ මිල අධික එස්‌. එල්. ගුණසේකර නීතිඥ මහතා ය. ඔහුගේ දක්‌ෂතාව නිසා 2000 දී චූදිතයා නිදොස්‌ කොට නිදහස්‌ විය. 1992 දී විශ්වවිද්‍යාලය ඔහුගේ සේවය අත්හිටුවූවා මිස සේවයෙන් පහ කළේ නැත. 2013 දී ඔහු විසින් 1992 සිට වැටුප, සියලු දීමනා හා වරප්‍රසාද සමඟ ගෙවා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාලයට විරුද්ධ ව නඩු පවරන ලදි. අප කෙතෙක්‌ අනෙක්‌ අයගේ සාරධර්ම ගැන කථා කළත් විශ්වවිද්‍යාලය වෙනුවෙන් සාක්‌කි දීමට ස්‌වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වූයේ මා පමණි. මට මේ සාක්‌ෂි දීම ස`දහා කිසිදු වගකීමක්‌ තිබුණේ නැත. මා කතා කළේ මට සිප් සතර පෙවූ හා රැකියාව කරන මගේ විශ්වවිද්‍යාලය වෙනුවෙනි. මම මගේ බිරි`දටත් බොරු කියා සාක්‌ෂි දීමට ගියෙමි. පැය

2 1/2කට අධික කාලයක්‌ සිදු වුණේ කුමක්‌ ද කියා උසාවියට කරුණු ඉදිරිපත් කළෙමි. පැමිණිල්ලේ නිතීඥයාගේ හරස්‌ ප්‍රශ්නවලට නො බිය ව තර්ක ඉදිරිපත් කළෙමි. මගේ සාක්‌ෂිය අනුව උසාවියේ මහෙස්‌ත්‍රාත්තුමා ඔහුව නැවත සේවයේ නො පිහිටුවන ලෙසත්, වන්දි වශයෙන් ඔහු ඉල්ලූ ඉතා විශාල මුදල වෙනුවට රුපියල් දෙ ලක්‌ෂ හැත්තෑ පන් දහසක්‌ පමණක්‌ ගෙවන ලෙසත් විශ්වවිද්‍යාලයට නියෝග කළේ ය. අවශ්‍ය ඕනෑ ම කෙනකුට කම්කරු විනිශ්චයාධිකාර අංක 13/68/2013 යටතේ නඩුවේ තීරණයත්, අත් අකුරින් ලියන ලද ප්‍රශ්නත් මා සතු ව ඇත. මා වත් නො ගියා නම් විශ්වවිද්‍යාලය නඩුවෙන් පරදිනවා ඒකාන්ත ය. ඒ බව විශ්වවිද්‍යාලය වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ උගත් නීතිඥවරිය මා සමඟ එකහෙළා පැවසී ය.

මේ පිළිබ`දව අඩු ගාණේ ප්‍රශංසාත්මක වචනයක්‌ හෝ මගේ හිටපු ප්‍රධාන පාලක පරීක්‌ෂකවරයා ගෙන් හෝ විශ්වවිද්‍යාල බලධාරීන් ගෙන් හෝ විභාග දෙපාර්තමේන්තුවේ බලධාරීන් ගෙන් හෝ අද වන තුරු ද ලැබී නැත. මේ අපේ සිංහලයන්ගේ හැටි ය. මේ අතීත ක්‍රියාවට මට විශාල තැග්ගක්‌ ලැබිණි. එය නම් මා ප්‍රශ්න පත්‍ර හදන කමිටුවට ගන්න එක තබා මට ප්‍රධාන පරීක්‌ෂක තනතුරක්‌ වත් නො දීමට මගේ මිතුරන් වගබලාගැනීමයි. 2016 හා 2017 වසරවල දී මම marking ස`දහා (ප්‍රධාන පරීක්‌ෂක තනතුර) ඉල්ලුම් කළෙමි. එහි දී මගේ නම මගේ ම අය කපා තිබිණි. විභාග දෙපාර්තමේන්තුවේ අදාළ අය මා සමඟ පැවසුවේ "අනේ සර්, අපිට කරන්න දෙයක්‌ නෑ. සර්ගේ නම ඉල්ලුම් ලැයිස්‌තුවේ තිබ්බා. නමුත් සර්ගෙ aම අය සර්ගේ නම අයින් කළා. අපි මොනව කරන්න ද?" යන්න ය. නැවතත් මා ප්‍රකාශ කරන්නේ මේවා පිළිබ`ද කිසි කෙනකු සමඟ මගේ අමනාපයක්‌ හෝ තරහක්‌ හෝ නැති බවයි. ඇත්තේ දුකක්‌ පමණි.

මා ලියන්නේ විවරණ පොතකි. ප්‍රශ්න අඩංගු පොතක්‌ නො වේ. විභාගය අවසන් වූ පසු ප්‍රශ්න පත්‍රයට උත්තර ලියමි. මෙය වරදක්‌ වන්නේ කෙසේ දැයි මම නො දනිමි. අප A/L කිරීමටත් පෙර මහාචාර්ය දහනායක මහතා ප්‍රායෝගික භෞතික විද්‍යාව පොත එළි දක්‌වා තිබිණි. ප්‍රශ්න පත්‍ර හදන අය පවා තවමත් මේ පොත පරිශීලනය කරති. ඒ කාලේ ඔහුට පොත ලියා ඒ අනුසාරයෙන් ප්‍රශ්න දැම්මා කියා චෝදනා කරන්නේ කවුද? අප දන්නා කාලයේ සිට ඉතා දිගු කාලයක්‌ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන පාලක පරික්‌ෂකතුමා වශයෙන් කටයුතු කළ මහාචාර්ය ඡේ. කේ. පී. ආරියරත්ත මහතා රසායන විද්‍යාවේ සැම කොටසක්‌ ම අළලා පොත් ප්‍රකාශ කොට තිබිණි. 1990 ගණන්වල සිට 2000 වසරවල මුල් භාගය දක්‌වා භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය හදපු සාමාජිකයන් දෙදෙනකුගේ පාඨ ග්‍රන්ථ තවම වෙළෝද පොළේ ඇත. අදටත් වාණිජ ධාරාවේ විෂයක ප්‍රධාන පාලක පරීක්‌ෂකවරයාගේත් ජීව විද්‍යා විෂය ධාරාවේ විෂයක ප්‍රධාන පාලක පරික්‌ෂකවරයාගේත් text books (විෂය කරුණු අඩංගු පාඨ ග්‍රන්ථ) ඇත. මේවා වලංගු වී මගේ පොත අවලංගු වන්නේ කෙසේ දැයි මම නො දනිමි.

මගේ මිතුරන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අඩංගු සමහර ප්‍රශ්න පිළිබ`ද මගේ මත ප්‍රකාශ කිරීම ය. මේ ස`දහා උදාහරණ බොහෝ දිය හැකි ය. 2018 වසරේ තිබූ සුනාමි ප්‍රශ්නයේ කොළඹ ප්‍රදේශයට සුනාමිය පැමිණියේ වර්තනය නිසා නො ව විවර්තනය නිසා බව පර්යේෂණ පත්‍රිකා ඇසුරෙන් මා සනාථ කොට ඇත. වෙනත් වසරවල දී තිබූ විභවමානයක සංවේදීතාව V/cm නො ව cm/V බවත්, අනවරත හා අනාකූල ප්‍රවාහ අතර වෙනසක්‌ ඇති බවත්, W බරක්‌ ඇති ඒකාකර සිලින්ඩරයක්‌ සිරස්‌ ව පිහිටුවා ඇති විට තමාගේ ම බරෙන් සිදු වන සංකෝචනය ස`දහා ගත යුත්තේ උ නො ව, W/2 බවත් ස`දහන් කිරීම උදාහරණ අතුරින් කිහිපයකි. ප්‍රජාතාන්තික්‍ර සමාජයක තමාගේ මතයක්‌ ප්‍රකාශ කිරීමට මට අයිතියක්‌ නැද්ද? මෙවැනි කරුණුවලට මා හා කිපී සමහරුන් විභාග දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පවසන්නේ මා ප්‍රශ්න පත්‍රය විවේචනය කරන බවකි.

මා පවසන දැ වැරැදි නම් කෙළින් ම මා සමඟ සංවාදයකට එන්නේ නැති ව මා පිළිබ`ද වැරැදි මතයක්‌ අදාළ බලධාරීන්ට ඒත්තු ගන්වන්නේ මා කියන දැ හරි බව ඔවුන් දන්නා නිසා ය. ශිෂ්ට ලෝකයේ අප අතර මත ගැටුම් තිබිය හැකි ය. ඒවා පුද්ගලයකුට කරන්නා වූ නිගාවක්‌ නො වේ. අප දන්නා තරමින් නිවැරැදි Physics අපගේ දරුවන්ට කියා දිය යුතු ය. විෂය කරුණු පිළිබ`ද වෙනත් මතයක්‌ ඉදිරිපත් කළ විට නයි වගේ කිපෙනවා නම් අප වෘත්තියවේදීන් හෝ උගතුන් හෝ වන්නේ කෙසේ ද? කොටින් ම කියතොත් අපගේ මනුස්‌සකම් කොහි ද?

මගේ මත ඉදිරිපත් කරන තවත් සුවිශේෂී කරුණක්‌ වන්නේ පසුගිය විභාගවල යම් ප්‍රශ්නයකට අදාළ ව දුන් පිළිතුරු බාර නො ගැනීම හා ඒවා අනවශ්‍ය ලෙස සංශෝධනය කිරීමට යැම ය. අතීත ලකුණු දීමේ පටිපාටිවල ඇති උත්තරවල අඩුපාඩුකම් හෝ එතරම් නිවැරැදි නො වන තත්ත්වයන් තිබිය හැකි ය. එහෙත් මා ඉල්ලා සිටින්නේ ඒවාට දරුවන් පළි නැති බවයි. එවැනි පිළිතුරු ඇත්නම් ඒවා නිදොස්‌ කොට මින් ඉදිරියට එවැනි උත්තරවලට ලකුණු දෙන්නේ නැතැයි පැවසීම වඩා සාධාරණ නො වේ ද? ගහෙන් ගෙඩි එන්නා වගේ අතීත පිළිතුරුවලට ලකුණු නො දීම හෝ පිළිතුරු විකරණය කිරීමෙන් විෂය උගන්වන ගුරු මහත්ම මහත්මීහු හා දරුවෝ විශාල තැති ගැනීමකට හා අසාධාරණයකට ලක්‌ වෙති. අතීත උත්තර වැරැදි නම් එසේ වැරැදි වීමට හේතු දැක්‌විය යුතු ය. නැත්නම් "නෑ ඒක එහෙම තමා" කියි මඟහැරීම කිසි විටක නො කළ යුතු බව මගේ මතයයි. තමාගේ දරුවකු ප්‍රශ්න පත්‍රයට වාඩි වූ වා කියා සිතුවොත් මේ අසාධාරණය අප අතින් සිදු නො වේ. සමස්‌ත භෞතික විද්‍යා ප්‍රජාවට අවශ්‍ය වන්නේ මෙවැන්නක්‌ නම් පෞද්ගලික ව මට කිසිදු අවුලක්‌ නැත.

විදුසර සටහන ( මේ ලිපියෙහි දක්‌වා ඇති අදහස්‌ සංවාදයට විවෘත ය.

මහාචාර්ය එස්‌. ආර්. ඩී. රෝසා