logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් විද්‍යාත්මක නිබන්ධ පළ කිරීම උදෙසා දේශීය විද්‍යාඥයන් 240කට ජනාධිපති සම්මාන...



ජාතික පර්යේෂණ සභාව විසින් සංවිධානය කරනු ලබන, මෙරට පර්යේෂකයන්ගේ විද්‍යාත්මක අධ්‍යයන, ඉහළ ගුණාත්මයකින් යුත් ජර්නලවල පළ කිරීම් අගැයීම සඳහා වන ජනාධිපති සම්මාන ප්‍රදානය ඉකුත් අගෝස්‌තු 26 (සඳුදා) කොළඹ ටාඡ් සමුද්‍රd හෝටලයේ දී පැවැත්විණි.

ජාතික පර්යේෂණ සභාව විසින් මෙවර සම්මාන ප්‍රදානය පවත්වනු ලැබුවේ දොළොස්‌ වැනි වතාවට ය. 2017 වර්ෂය ඇතුළත වෛද්‍ය, කෘෂිකාර්මික සහ ඉංජිනේරුමය ක්‌ෂේත්‍ර ඇතුළු තවත් ක්‌ෂේත්‍ර රැසක පර්යේෂණ නිබන්ධ ඉදිරිපත් කළ පර්යේෂකයෝ 240කට අධික පිරිසක්‌ මෙවර සම්මාන ලබාගත් හ.

මේ අවස්‌ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ අතර විද්‍යා, තාක්‌ෂණ හා පර්යේෂණ කැබිනට්‌ නො වන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු ආරාධිතයෝ පිරිසක්‌ ද එක්‌ ව සිටිය හ.

ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් විසින් විද්‍යාත්මක පර්යේෂණ කටයුතුවල නියෑළී ලබාගත් ප්‍රතිඵල අන්තර්ජාතික වශයෙන් ඉහළ වර්ගීකරණයට ලක්‌ වන ප්‍රකාශන තුළ (Science CitationIndex Expanded (SCIE) ප්‍රකාශයට පත් කර රටට ලබා අත් කර දෙන කීර්තිය ඇගයීම හා ඔවුන් දිරිමත් කිරීම මේ සම්මාන ප්‍රදානයෙහි අපේක්‌ෂාව වෙයි.

ඉහළ ප්‍රමිතියකින් යුත් පර්යේෂණ දිරිගැන්වීම සඳහා 'විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වන ජනාධිපති සම්මාන වැඩසටහන' මුලින් ම ආරම්භ කරන ලද්දේ වර්ෂ 2001 වසරේ දී ය. ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සඟරාවල ස්‌වකීය පර්යේෂණ කෘති පළ කිරීමට මේ වැඩසටහන ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ට ධෛර්යය ලබා දෙයි.

වර්ෂ 2010 සිට ඉදිරියට මෙකී සම්මාන සඳහා සුදුසු ප්‍රකාශන තෝරාගැනීම වඩාත් තියුණු සහ තරගකාරී මුහුණුවරක්‌ ගෙන ඇත.

2000 වර්ෂයේ දී මේ වැඩසටහන ඇරඹීමට පෙර අන්තර්ජාතික ව පිළිගත් ඉහළ ප්‍රමිතියක්‌ ඇති ව ප්‍රකාශයට පත් කරන ලද මෙරට පර්යේෂණ නිබන්ධ වූයේ ඉතා ම සුළු ප්‍රමාණයකි. එය 1995 වසරේ දී 282ක්‌ විය. 2000 වසරේ දී 310ක්‌ විය. මේ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව එය 2002 වසරේ දී 367ක්‌ ද, 2003 වසරේ දී 601ක්‌ ද ආදි වශයෙන් ඉහළ ගිය අතර 2016 වර්ෂය වන විට 2498ක්‌ දක්‌වා වර්ධනය වී ඇත.

අප රටේ සිටිනුයේ ඉතා අල්ප විද්‍යාඥයන් ප්‍රමාණයකි. එයින් ද විද්‍යාත්මක පර්යේෂණ කටයුතු ස`දහා යොමු වී සිටිනුයේ ඉතා සුළු ප්‍රමාණයකි. මෙවැනි අගැයීම් තුළින් මේ ප්‍රමාණය වර්ධනය කරගැනීමට අපේක්‌ෂා කෙරෙන අතර පර්යේෂණ කටයුතු සිදු කර ලබාගන්නා ප්‍රතිඵල ස`දහා ඉහළ වටිනාකමක්‌ ලබාගැනීම දිරිමත් කිරීමත් ඒ ස`දහා පදනම දැමීමත් අපේක්‌ෂා කෙරෙන බව ජාතික පර්යේෂණ සභාව පවසයි.