logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


මෙරටට අපද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා කිසිදු පනතකින් නෛතික බලයක්‌ ලබා දී නැහැ...



මෙරට පරිසර නීතිවල, ආනයනය කළ නොහැකි බව වෙන් වශයෙන් දක්‌වා නො තිබූ පමණින් යම් ද්‍රව්‍යයක්‌ නිදහසේ මෙරටට ආනයනය කළ නොහැකි බවත්, මේ දිනවල අවධානයට ලක්‌ ව ඇති, පෞද්ගලික අංශයෙන් මෙරටට ගෙන්වූ, භාවිතයෙන් ඉවත් කළ ද්‍රව්‍ය තොගය ජාතික පාරිසරික පනතේ වගන්ති 3ක්‌ ම උල්ලංඝනය කර ඇති බවත් නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඉකුත් සතියේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ දී පැවැති මහජන සංවාදයක දී ය. මේ අවස්‌ථාව සංවිධානය කරනු ලැබ තිබුණේ පරිසර යුක්‌ති කේන්ද්‍රය සහ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ පාරිසරික කමිටුව විසිනි. (පරිසර යුක්‌ති කේන්ද්‍රය, මෙකී අපද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් දැනටමත් අදාළ පාර්ශ්වවලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙයි).

ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ ආයෝජන මණ්‌ඩල සංශෝධන පනතේ (මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත) 20 (අ) වගන්තියට අනුව පරිසර ආරක්‌ෂණ බලපත්‍රයක්‌ ද මේ සඳහා ලබාගෙන නොමැති බවයි.

මීට අමතරව මේ ද්‍රව්‍ය අපරීක්‌ෂාකාරී අයුරින් විවෘත භූමියක ගබඩා කර තැබීම නිසා ජල මාර්ගවලට සහ පසට ක්‌ෂරිතය (leachate) එකතු වීමට සැලැස්‌වීම ජාතික පාරිසරික පනතේ 23 H වගන්තිය ද, ඝන හා ද්‍රවමය කොටස්‌ පසට හා ජලයට එකතු වීමට සැලැස්‌වීමෙන් 23 M සහ N වගන්ති ද උල්ලංඝනය වන බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මේ අතර මෙවැනි අපද්‍රව්‍ය, ජාතික පාරිසරික පනත යටතේ අපද්‍රව්‍ය පරිහරණ බලපත්‍රයක්‌ ඇත්නම් ආනයනය කළ හැකි යෑයි ඇතැමුන් නඟන තර්කය සාවද්‍ය බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා, එම බලපත්‍රය වලංගු වන්නේ මෙරට දී ම එකතු කරනු ලබන, ප්‍රවාහනය, පිරිසැකසුම් කරන අපද්‍රව්‍ය සඳහා පමණක්‌ බව සිහිපත් කර දුන්නේ ය.

මීට අමතරව රටකින් රටකට උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳ බාසල් ප්‍රඥප්තියේ 4 වගන්තියේ 1 උප වගන්තියේ C ඡේදයේ සඳහන්, අපද්‍රව්‍ය අපනයනය කිරීමට පෙර ප්‍රතිග්‍රාහක රටින් ලිත කැමැත්ත ලබාගැනීම ද බ්‍රිතාන්‍ය පාර්ශ්වය නො සලකා හැර තිබෙන බව පෙන්වා දුන් ජගත් ගුණවර්ධන මහතා මෙය කසළ (විෂ) අධිරාජ්‍යවාදයක ප්‍රතිඵලයක්‌ ලෙස හැඳින්විය හැකි බව ද පැවසී ය.

මෙවැනි අපද්‍රව්‍ය ගෙන්වීම සඳහා අනුබල දී ඇතැයි පැවසෙන 2013 අංක 1818/30 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ එම ගැසට්‌ නිවේදනය මහජනයා හා පාර්ලිමේන්තුව සතු උත්තරීතර අයිතිය සහ ඇමතිවරයකු සතු බලතල අභිබවනය කරන නියෝගයක්‌ යෑයි පෙනී යන බව ය.

සිදු විය යුත්තේ අමුද්‍රව්‍ය ආනයනය කර නිමි ද්‍රව්‍ය අපනයනය මිස අපද්‍රව්‍ය ගෙනැවිත් කසළ ශෝධන කාර්යයක නිරත වීම නො වන බව ඒ මහතා අවසන් වශයෙන් අවධාරණය කර සිටියේ ය.

මෙහි දී ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරමින් අදහස්‌ දැක්‌වූ එහි නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයකු මේ අපද්‍රව්‍ය තොගයෙහි සායනික අපද්‍රව්‍ය අඩංගු දැයි ස්‌ථිර ව ම පැවසිය හැක්‌කේ රස පරීක්‌ෂක වාර්තාව ලැබීමෙන් පසුව බව කී ය. දන්නා තොරතුරු ලබා දීමෙන් රේගු පරීක්‌ෂණ කටයුතුවලට සහාය වන ලෙස ඔහු විවෘත ඉල්ලීමක්‌ ද කළේ ය.

පරිසර යුක්‌ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ ගත් නීතිමය ක්‍රියාමාර්ගයේ අලුත් ම ප්‍රතිඵලය සභාවට ඉදිරිපත් කළ පරිසර යුක්‌ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‌ෂ හේමන්ත විතානගේ මහතා අදාළ ද්‍රව්‍ය සහිත බහාලුම් ප්‍රති අපනයනය හෝ මෙරට කිසිදු ස්‌ථානයකට ප්‍රවාහනය හෝ අත්හිටුවීමට නඩුව නැවත කැඳවන සැප්තැම්බර් 20 වැනි දින තෙක්‌ අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කර ඇති බව සඳහන් කළේ ය. මේ අතරතුර කාය තුළ දී බහාලුම්ල අඩංගු දැ සම්බන්ධයෙන් රජයේ රස පරීක්‌ෂක වාර්තාව ලබාගන්නා ලෙස ද අධිකරණය උපදෙස්‌ දී ඇත.