logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සිතියම් විද්‍යාත්මක භාවිතයන් තුළ ඩිජිටල් සිතියම්හි භූමිකාව



යමෙකුට කිසියම් ප්‍රදේශයක්‌ පිළිබඳ අවබෝධයක්‌ ලබාගැනීමේ ක්‍රම කිහිපයක්‌ පවතී. ඔහුට හෝ ඇයට හෝ, අදාළ ප්‍රදේශයට ගොස්‌ තමා ම සොයා බැලීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකි ය. එලෙස නො ගොස්‌ වෙනත් අය ගෙන් විමසීමෙන් ද එය කළ හැකි ය. එහෙත් මේ සියල්ලට ම වඩා සාර්ථක, නිරවද්‍ය ක්‍රමයක්‌ ලෙස අදාළ ප්‍රදේශයේ සිතියමක්‌ විමර්ශනය හඳුන්වා දිය හැකි අතර මේ ක්‍රමයෙන් වඩා පහසුවෙන් එම ප්‍රදේශයට නො ගොස්‌ හෝ යැමට පෙර හෝ සමස්‌ත ප්‍රදේශය පිළිබඳව සුළු කාලයකින් අවබෝධ කරගැනීමේ හැකියාව පවතී. යම් ප්‍රදේශයක පවතින භෞතික හා සංස්‌කෘතික ලණ, පරිමාණයකට අනුකූල ව සංක්ෂිප්ත කිරීම සිදු කරන සිතියමෙහි භාවිතය ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අතර ක්‍රිස්‌තු පූර්ව යුගයේ පවා නිර්මිත, පැරැණි ලංකාවේ සිතියම් එම ඉතිහාසය තුළ හඳුනාගැනේ (උදා - ටොලමිගේ තැප්‍රොaබානා සිතියම). 20 වැනි සියවස මුල් භාගයේ ලංකාව විධිමත් ව සිතියම්ගත කිරීම ආරම්භ වී ඇති අතර අද වන විට මෙරට සිතියම් විද්‍යාත්මක තොරතුරු පුළුල් පරාසයකින් නිර්මාණය වී ඇත.

මේ සමඟ ම අප අවබෝධ කරගත යුතු වැදගත් කරුණකි. එනම් ඔබ මා ජීවත් වෙමින් සිටිනුයේ 1ත් 0ත් සැම කටයුත්තක දී ම මූලික කරගනිමින් නිර්මාණය වූ ඩිජිටල්කරණය වූ යුගයක වන බවයි. ඒ අනුව කඩදාසි ඉවත ලමින් මේ යුගයේ නිර්මාණය වන ඉලෙක්‌ට්‍රොනික පසුතලය තුළට සාම්ප්‍රදායික කඩදාසියෙන්, වියුක්‌ත කළ සිතියම ද බහා ලන අතර එහි ප්‍රතිඵලය වනුයේ සාමාන්‍ය මුද්‍රිත සිතියම ඩිජිටල්කරණයත්, එම ඩිජිටල් සිතියම් කරළියට පැමිණීමත් ය. මේ පූර්විකාවට අනුව යමින් ලිපිය තුළින් සංක්ෂිප්ත විවරණයකට උත්සාහ කරනුයේ යම් සමාජයක සිතියම් විද්‍යාත්මක භාවිතයන් තුළ ඩිජිටල් සිතියම්හි භූමිකාව පිළිබඳව ය.

සාමාන්‍ය කඩදාසියක නිර්මාණය කළ සිතියම්වල පැවැති ගැටලු හඳුනාගැනීම හා දියුණු වන තාණය යන ප්‍රධාන කරුණු ද්විත්වය සම්ප්‍රදායික මුද්‍රිත සිතියමක සිට ඩිජිටල් සිතියම්වලට යොමු වීමේ ගාමක බලවේගයන් ලෙස පෙන්වා දිය හැකි ය. විශේෂයෙන් ගබඩා කිරීමට විශාල ඉඩකඩක්‌ වැය වීම, කාලයත් සමඟ කෘමි උවදුරු හා වෙනත් හේතු නිසා සිතියම සහිත කඩදාසිය විනාශ වීම මෙන් ම හැකිළුණු හා විනාශ වෙමින් පවතින සිතියම්වල පවතින තොරතුරු ගැටලුසහගත වීමත්, ඒවා නිවැරැදි කිරීමට අමතර කාලයක්‌ වැය වීමත් එකී සාමාන්‍ය මුද්‍රිත සිතියම් ආශ්‍රිත ව නිර්මාණය වූ ගැටලු වේ. එසේ ම සියල්ල කෙටි කලකින් යාවත්කාලීන වන යුගයක එම යාවත්කාලීන වන භෞතික හා මානව ලණ, සිතියමට ඇතුළත් කිරීමට වැඩි කාලයක්‌ හා ශ්‍රමයක්‌ වැය වීම සාම්ප්‍රදායික මුද්‍රිත සිතියම්වල පැවැති ප්‍රධාන අඩුපාඩුවක්‌ විය. එවැනි අවස්‌ථාවක සිදු කළ යුතු ව තිබුණේ නියමිත යාවත්කාලීන දත්ත ඇතුළත් කොට සිතියම නැවත මුද්‍රණය කිරීම වන අතර ඇතැම් විට මුද්‍රණයෙන් පිට වන විට තවත් යාවත්කාලීන දත්ත පැමිණ තිබිය හැකි ය. මේ සියල්ල ඩිජිටල් සිතියම් හරහා බොහෝ දුරට විස තිබීම ඩිජිටල් සිතියම්වල භාවිතය ජනප්‍රිය වීමට හේතු වී තිබේ. පහසුවෙන් යාවත්කාලීන කිරීමට හැකි වීම හා ගබඩා කිරීමට විශේෂ අල්මාරි හෝ වෙනත් ආවරණ හෝ අවැසි නො වීම, අවශ්‍ය විට පමණක්‌ දෘඪ පිටපතක්‌ ලබා දිය හැකි මෘදු පිටපතක්‌ ලෙස ඩිජිටල් සිතියම් යොදාගත හැකි වීම මෙන් ම පහසු ප්‍රවේශය එම ජනප්‍රියභාවයේ හේතු අතර කැපී පෙනේ.

යම් සමාජයක සිතියම් පරිහරණය කරන්නන් සාමාන්‍යයෙන් මූලික ව කාණ්‌ඩ දෙකක්‌ ඔස්‌සේ දැක්‌විය හැකි ය. පළමු කාණ්‌ඩය නව සිතියම් නිර්මාණය හා යාවත්කාලීන කිරීම මෙන් ම සිතියම් භාවිත කොට සංකීර්ණ විශ්ලේෂණයන් කරමින් පර්යේෂණ සිදු කරන විශේෂඥ පරිශීලකයන් ය. දෙවැනි කාණ්‌ඩය වනුයේ සංකීර්ණ විශ්ලේෂකයන් නො වන එදිනෙදා කටයුතුවලට සිතියම් භාවිත කරන පරිශීලකයන් ය. තව ද මෙහි පළමු කාණ්‌ඩය, දෙවැනි කාණ්‌ඩයට අදාළ සාමාන්‍ය කටයුතු උදෙසා සිතියම් පරිහරණය කිරීම ද සිදු කරයි. විශේෂඥ පරිශීලකයන්ගේ විශ්ලේෂණවල ප්‍රතිඵල විවිධ ක්ෂේත්‍රවල ප්‍රගමනයට යොදාගන්නා අතර ආපදා කළමනාකරණය, කෘෂි විද්‍යාව, නාගරික සැලසුම් හා ජනාවාස සැලසුම්කරණය, දේශගුණ විද්‍යාව හා යුද කටයුතු ඒ අතර වේ. පරිගණක තාණය යොදාගනිමින් කරන නවීන අවකාශීය විශ්ලේෂණවලට හොඳින් ම ගැළපෙනුයේ ඩිජිටල් සිතියම්කරණය බැවින් අද වන විට එවැනි ඩිජිටල් සිතියම් විශ්ලේෂණය හා නිර්මාණයට අදාළ සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප බොහෝ ක්ෂේත්‍රවලට බද්ධ වී තිබේ. මෙහි දී භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධති, (Geographic Information System GIS) ඩිජිටල් සිතියම් සැකසීමට හා විශ්ලේෂණයට විශේෂඥයන්ට බෙහෙවින් උපකාරී වේ. තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක්‌ අනුසාරයෙන් මේ සිතියම් පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණ විග්‍රහ කළ හැකි ය.

ආපදා කළමනාකරණය ඉන් එක්‌ ක්ෂේත්‍රයකි. මේ ආශ්‍රිත සිතියම් විශ්ලේෂණවල දී දැනට යම් ආපදාවක්‌ තුළින් සිදු ව ඇති හානි වපසරිය මෙන් ම අනාගතයේ දී කුමන ප්‍රදේශ අදාළ ආපදාවට, නිරාවරණය වන්නේ ද යන්න පවා විශ්ලේෂණය කළ හැකි ය. නාය යැම් ආපදාව සඳහා ලංකාවේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට නිර්මාණය කරනු ලැබ ඇති ආපදා අවදානම් සිතියම් එවැනි විශ්ලේෂණ හරහා නිර්මාණය වූ සිතියම් විද්‍යාත්මක ප්‍රතිදානයන් ය. මෙවැනි විශ්ලේෂිත ප්‍රතිඵල, අවදානම් ප්‍රදේශ නම් කිරීම, ආරක්ෂිත ප්‍රදේශවලට ජනතාව යොමු කිරීම හා අදාළ භුමිය භාවිත කිරීම පිළිබඳ නියමයන් පැනවීම වැනි තීරණ ගැනීම් හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම් සඳහා මනා පිටිවහලක්‌ වී තිබේ.

අතීතයේ දී මෙරට භූමි පරිහරණය පිළිබඳ තොරතුරු බිම් මට්‌ටමේ මැනුම් හා නිරීණ ඔස්‌සේ දීර්ඝ කාලයක්‌ ගත කොට සිතියම්ගත කළ අතර අද වන විට භූගෝලීය තොරතුරු පද්ධති හරහා කෙටි කලකින් නිරවද්‍ය ලෙස ඩිජිටල් සිතියම් නිර්මාණය කිරීමට හැකි ව තිබේ. අවශ්‍ය අවස්‌ථාවල දී පමණක්‌ බිම් මට්‌ටමේ තහවුරු කිරීම් කරගත හැකි නිසා කාලය, ශ්‍රමය හා පිරිවැය පාලනයට මේ හරහා හැකි ව තිබේ. චන්ද්‍රිකා ඡායාරූප ඇතුළත් දුරස්‌ථ සංවේදන (Remote Sensing) ක්‍රම ශිල්ප හා ගෝලීය ස්‌ථානගත කිරීමේ පද්ධති (Global Positioning System GPS) මෙවැනි ඩිජිටල් සිතියම්ගත කිරීම්වල දී සහාය වන අතර වඩා නිරවද්‍ය හා යාවත්කාලීන තොරතුරු ඇසුරින් අවසාන විශ්ලේෂණය ගොඩනැංවීමට ඒ හරහා හැකියාව ලැබේ.

වන ගහනය හා වෘලතා ඝනත්වය ආශ්‍රිත විශ්ලේෂණවල දී සිතියම් විද්‍යාත්මක අවශ්‍යතාව ඉතා වැදගත් වන අතර අද වන විට ඉහළ තාණික පිරිවිතරවල උදව්වෙන් පහසුවෙන් වනගහනයක ඇති වන විචල්‍යතා හඳුනාගත හැකි ය. මෙවැනි අවස්‌ථාවල චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය ඇසුරින් සිතියම් ගොඩනැංවීම බහුල ව සිදු වේ. අධෝරක්‌ත කිරණ ආශ්‍රිත එවැන්නකට යොදාගත හැකි චන්ද්‍රිකා ඡායාරූපවල, ශාක ගහනය වැඩි ප්‍රදේශ තද පැහැයෙන් දිස්‌ වන අතර නිරෝගී ශාක පත්‍රවලින් අධෝරක්‌ත කිරණ හොඳින් පරාවර්තනය වීම ඊට හේතු වේ. මේ මූලධර්මය යොදාගනිමින් අවකාශීය ව හා කාලීන ව වනගහනය හා වෘලතා ඝනත්වය විශ්ලේෂණය කළ හැකි ය.

නගර හා ජනාවාස සැලසුම්වල දී භූමි පරිහරණ විශ්ලේෂණයන්, ගොඩනැඟිලි විශ්ලේෂණයන් සිදු කරන අතර විශේෂයෙන් රාත්‍රී කාලයේ ආලෝක ප්‍රදේශ විශ්ලේෂණය තුළින් දැනට පවතින ජනාවාසවල විහිදීම හා ඝනත්වය පිළිබඳ අවබෝධයක්‌ ලබාගැනීමට හැකි ය. ජාල විශ්ලේෂණ (Network Analysis) ඇසුරින් ජනාවාසයක ප්‍රවේශයන් පිළිබඳ අවබෝධයක්‌ ලබාගත හැකි අතර ජනාවාස, වෘලතා ආවරණ, ගංගා හා ජල මාර්ග වැනි විවිධ භූ ලණ, භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධති ඇසුරින් අතිපිහිත වෙමින් (Overlap) නිර්මාණය වන ඩිජිටල් සිතියම් හරහා මානව - භෞතික සංරචකවල අනුකූලතාව ආදිය විමසිය හැකි ය.

යුද හා ආරක කටයුතුවල දී අවැසි අවකාශීය තොරතුරු විශ්ලේෂණයට ඩිජිටල් සිතියම්කරණය ඉතා වැදගත් වන අතර හානි වූ ප්‍රදේශ සිතියම්ගත කිරීම, අවදානම් ප්‍රදේශ හඳුනාගැනීම ඒ අතර වේ. මීට අමතර ව වසංගත රෝග ව්‍යාප්ත වීම හා ඒවායේ දැවෙන ලක්ෂ්‍ය (Hotspots) හඳුනාගැනීම හා රෝග ව්‍යාප්ත වන ප්‍රදේශවල ස්‌වභාවය (අධි ජන කේන්ද්‍ර, ආර්ථික මධ්‍යස්‌ථාන ද යන්න වග) විශ්ලේෂණය කළ හැකි ව තිබේ.

මේ කරුණු හරහා පැහැදිලි වනුයේ විශේෂඥ විශ්ලේෂණ කෘත්‍යයන් තුළ නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රමවේදවල භාවිතය ඩිජිටල් සිතියම් සමඟ පුළුල් වී ඇති ආකාරයයි. තව ද එය බහුවිෂය ක්ෂේත්‍රයක විහිදුණු ඩිජිටල් සිතියම්කරණයක්‌ බවට පත් ව තිබේ.

සිතියම් පරිහරණය කරන දෙවැනි කාණ්‌ඩය වනුයේ සිතියම් හරහා සාමාන්‍ය තොරතුරු ලබාගන්නා පරිශීලකයන් ය. තමාට අවැසි ස්‌ථානයකට යන මාර්ගය පරීd කරගැනීම, තමා සිටින්නේ කොහේ දැයි සෙවීම වැනි ක්‍රියාකාරකම් උදෙසා සිතියම් පරිහරණය කරන මෙවැනි විටක දී මුද්‍රිත සිතියම් භාවිතය ද ඇතැම් විට දැකිය හැකි ය. එහෙත් සිතියම් භාවිතයේ යාවත්කාලීන වූ විපුල ප්‍රයෝජන අත්පත් කරගැනීමට අද වන විට බොහෝ පිරිසක්‌ තම ඉලෙක්‌ට්‍රොනික උපාංග හරහා ඩිජිටල් සිතියම් වෙත ප්‍රවේශ වී තිබේ.

ඔබ අන්තර්ජාලය හරහා යමක්‌ සොයාගැනීමට බහුලව ම යොදාගන්නා සෙවුම් යන්ත්‍රයක්‌ ලෙස ගූගල් සෙවුම් යන්ත්‍රය ජනප්‍රිය වී ඇත. එසේ ම යම් ස්‌ථානයක පිහිටීම පිළිබඳ තොරතුරු සෙවීමේ දී බොහෝ විට ඩිජිටල් සිතියම් (Digital Maps) යොදාගන්නවා විය හැකි ය. ඒ අනුව Google Maps යනු ජනප්‍රිය ඩිජිටල් සිතියම් සේවාවක්‌ වන අතර මේ සිතියම් ඇතුළත් Google Maps Navigation, යාවත්කාලීන තොරතුරු ඇතුළත් බහුල ව යොදාගන්නා ජංගම (ස්‌මාට්‌ දුරකථන, ටැබ්ලට්‌ පරිගණක වැනි) යෙදවුමකි. මයික්‍රොසොෆ්ට්‌, ඇපල් වැනි සමාගම් ඇතුළු තවත් සමාගම් ආයතන මෙවැනි Navigation පද්ධති නිර්මාණය කොට ඇත. මේවා හරහා එදිනෙදා සිතියම්ගත තොරතුරු සොයන පිරිසට ගැළපෙන පරිදි සෙවුමකින් තමාට යා යුතු ස්‌ථානයට දැන් සිටින තැන සිට දුර හෝ තමන් විසින් ඇතුළත් කෙරෙන වෙනත් ස්‌ථානයක සිට ඇති දුර, ළඟ ම මාර්ගය සමඟ දක්‌වනු ලැබේ. තව ද මෙවැනි යෙදවුම් මඟින් තමා සිටින ස්‌ථානය, ගෝලීය ස්‌ථානගත කිරීමේ පද්ධතියක්‌ හරහා සොයාගනිමින් ගමනක යෙදෙන විට යාවත්කාලීන වන සිතියමකින් ගමන් මාර්ගය පෙන්වනයි. නූතන රථ වාහනවල මෙවැනි Navigation පද්ධති සාමාන්‍ය අංගයක්‌ ලෙස ඇතුළත් කර ඇත.

අද වන විට ජනප්‍රිය අන්තර්ජාලය මූලික කරගත් ඩිජිටල් සිතියම් හරහා අන්තර්ජාල භූගෝලීය තොරතුරු පද්ධති ක්‍රියාත්මක කරන අතර සාමාන්‍ය දැනුමකින් වුව ද සැලකිය යුතු විශ්ලේෂණ සිදු කිරීමේ හැකියාව මේ හරහා පරිශීලකයන්ට ලැබී තිබේ. තමා නිර්මාණය කළ සිතියම් තොරතුරු තවත් පරිශීලකයන්ට පෙනෙන ලෙස අන්තර්ජාලයට එක්‌ කළ හැකි අතර එවිට එම තොරතුරු යාවත්කාලීන කිරීම්වල කාර්යමතාව වැඩි වී තිබේ. සිතියම්ගත තොරතුරු මහජනයාට බෙදා හැරීමට ද මෙවැනි අන්තර්ජාලය මූලික වූ ඩිජිටල් සිතියම් යොදාගැනෙයි. අන්තර්ජාලය පදනම් ඩිජිටල් සිතියම් තොරතුරු අද වන විට, වඩා ත්‍රිමාන ස්‌වරූපයෙන් ද දැකගත හැකි වන අතර ගූගල් සිතියම්වල දැක්‌වෙන Google Street View එවැන්නකට නිදසුනකි. මේ සේවාවට ඇතුළත් ප්‍රදේශයේ භෞතික හා සංස්‌කෘතික ලණ ඡායාරූපයක්‌ නරඹනවා මෙන් දැකිය හැකි නිසා සිතියම යන්න, සම්මත සලකුණුවලින් ඔබ්බට ගිය එදිනෙදා දකින සාමාන්‍ය පරිසරය හා සමාන ව පරිශීලකයාට ඒත්තු ගැන්වීමට හැකි ව තිබේ. තවදුරටත් ඩිජිටල් සිතියම්කරණයේ අක්‌මුල් විහිදීම අද වන විට 'අතථ්‍ය චාරිකාවක්‌' (Virtual Tour) මට්‌ටමට වර්ධනය වී ඇති අතර ඔබට අවැසි නම් නිවසේ පරිගණකයෙන් හෝ ජංගම උපාංගයක්‌ හරහා හෝ ලන්ඩන් නගරයට වුව ද එවැනි චාරිකාවක්‌ යා හැකි ය. මීට අමතර ව අවශ්‍ය නම්, සිතියම්ගත කළ අභ්‍යවකාශයේ සැරිසැරීමට ද එම ක්‍රමයෙන් ම හැකි ව තිබේ.

අද වන විට අන්තර්ජාලය පදනම් වූ ඩිජිටල් සිතියම් හරහා යම් යම් විශ්ලේෂණ පහසුවෙන් කරගත හැකි මට්‌ටමට පැමිණ තිබීම නිසා වැඩි පිරිසකට විශ්ලේෂණවලට ද සම්බන්ධ විය හැකි ය. ඇතැම් විට ඔවුන් විශේෂඥයන් නො වුණ ද පහසු අතුරුමුහුණත (Interface) හා මෙවලම් (Tools) හරහා සැලකිය යුතු විශ්ලේෂණ කළ හැකි ය. මේ නිසා සිතියම් විද්‍යාත්මක ක්‍රියාවලිය වඩාත් සමාජගත වීමට ද අවකාශ සැලසේ.

මේ අනුව පෙනී යන්නේ විශේෂඥ සිතියම් විශ්ලේෂණයන් මූලික කරගනිමින් සිදු කරන තීරණ ගැනීම් හා ප්‍රතිපත්ති සම්පාදනය යන අන්තය සහ එදිනෙදා සාමාන්‍ය සිතියම් භාවිතය යන අන්තයන් ද්විත්වය ම ඩිජිටල් සිතියම් භාවිතය හරහා පෝෂණය වී ඇති බවයි. තව ද ඩිජිටල් සිතියම්, සාමාන්‍ය පරිශීලකයන්ට පහසුවෙන් විශ්ලේෂණවලට සහභාගී වීමට ද අවකාශ සම්පාදනය කර තිබේ. මේ නිසා සමාජය තුළ සාධනීය පෙලඹීමක්‌ ඩිජිටල් සිතියම් සඳහා පවතින අතර විවිධ ක්ෂේත්‍රවල සිතියම් විද්‍යාත්මක ක්‍රියාකාරකම් තුළ ඩිජිටල් සිතියම් සඳහා ප්‍රායෝගික භාවිතයේ ඉහළ විභවතාවක්‌ පවතින බව මේ කරුණු අනුව පැහැදිලි වේ.

තනුර මධුශංක සිල්වා
MPhil (Reading-Kelaniya), B.A. (Hons) in
Geography (Kelaniya)