logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මරාගෙන මැරෙන්නන්ගේ මානසික පසුබිම අධ්‍යයනය හරහා ගැටලුවට පිළියම් සෙවීම...


දින කිහිපයකට ඉහත දී රූපවාහිනියෙන් දුටු වයස අවුරුදු 3ක පමණ කුඩා දියණියක අපේ හමුදා භටයන් විසින් ගලවාගනු ලැබ රෝහලට ගෙන යන දර්ශනය මේ ලිපිය ලියන්නට නිමිත්ත විය. සුළු පිළිස්‌සීම් තුවාල ලබා සිටි ඒ සි`ගිත්තිය තමා ඔසවාගෙන යන හමුදා වීරයා වෙතින් යළි යළිත් විමසා සිටියේ "තාත්තා කෝ" (එංග වාපා) කියා ය. ඒ සි`ගිත්තියගේ තාත්තා බෝම්බ පුපුරුවාගත් කල්ලියේ නායකයා බව පැවසෙයි.

දියණිය ඒ මොහොතේ දී විමසා සිටියේ තම පියා ගැන ය. මේ පිපිරවීම සිදු කොට තමා වත් අනතුරේ දැමුවේ ඒ තාත්තා බව එම අසරණ දැරිය දන්නේ නැත. තමන්ගේ ම දියණිය තමන්ගේ ම පිපිරුමක්‌ නිසා අන්ත අසරණ වීම උත්ප්‍රාසාත්මක දෙයකි. එහෙත් ඒ දර්ශනය දරුවන් සිටින තාත්තා කෙනෙකුගේ දෙඇස්‌ ක`දුළින් තෙත් කරන්නකි. 'උගේ දියණිය අමාරුවේ වැටුණේ උගේ වරදින්. අපි මොකට ද අනුකම්පා කරන්නේ?' යෑයි කෙනකු සිතන්නට ඉඩ තිබේ. එහෙත් එය එතරම් සරලමිතික කරුණක්‌ නො වේ. මේ සිදු කළ පිපිරීම් සිදු කළේ ම්ලේච්ඡ, අමානුෂික, අමනයන් බවට විවාදයක්‌ නැත. උන්ට ද`ඩුවම් කළ යුතු බවට ද විවාදයක්‌ නැත. එහෙත් අප ඒ තත්ත්වයට වැටිය යුතු නො වේ. අපේ හමුදා භටයන් එවෙලෙහි ඒ දරුවාගේ ජීවිතය ගලවාගෙන ඇය සනසමින් යන දර්ශනය සැබෑ මනුෂ්‍යත්වයට නිදර්ශනයක්‌ වේ. මූලධර්මවාදී ග්‍රහණයට හසු ව සිටින තරුණයන්ට මේ වීඩියෝ දර්ශනය නැවත නැවත පෙන්විය යුතු ය.

මේ ප්‍රශ්නයට විස`දුම අදාළ පුද්ගලයන් මරා දැමීම යෑයි සමහරු කියති. අදාළ ත්‍රස්‌තවාදීන්ට උපරිම ද`ඩුවම් දිය යුතු ය. ඒ පිළිබ`ද කිසිදු විවාදයක්‌ නැත. මේ ප්‍රශ්නයේ දී කළ යුතු පළමු දෙය විමර්ශන තර කොට, සැකකරුවන් අල්ලාගෙන ඔවුන්ට නිසි ද`ඩුවම් දීම ය. එහෙත් ඒ සම`ග ම කළ යුතු තවත් දෙයක්‌ තිබේ. එය නම් මේ ගැටලුවට මනෝ විද්‍යාත්මක විස`දුමක්‌ ලබා දීමයි.

What You Do Not Understand About Suicide Attack නම් ලිපිය සයන්ටිෆික්‌ ඇමෙරිකන් සඟරාවට සපයමින් අලබාමා විශ්වවිද්‍යාලයයේ අපරාධ යුක්‌තිය පිළිබ`ද මහාචාර්ය Adam Lankford පවසන්නේ මරාගෙන මැරෙන්නන්ගේ ගැටලුවට විස`දුම් දීමට මනෝවිදාත්මක මැදිහත් වීමක්‌ අත්‍යවශ්‍ය බවයි. මහාචාර්ය Adam ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්‌තවාදී මර්දන ඒකකයේ උපදේශකයකු ලෙස ද කටයුතු කොට ඇත. මහාචාර්ය Adam ස්‌ථිර ව ම කියන්නේ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකින් තොර ව මේ ගැටලුවට තිරකාලීන විස`දුමක්‌ දිය නොහැකි බව ය. මුහමද් යූසුෆ් අබ්දුලාසිස්‌ ගැන ස`දහන් කරමින් මහාචාර්ය ඇඩම් පෙන්වා දෙන්නේ ඔහු මානසික රෝගියකු බවයි. මුහමද් යූසුෆ් යනු සුප්‍රකට Chttanooga ප්‍රහාරය සිදු කළ පුද්ගලයා ය. මුහමද් යූසුෆ්ට විෂාදය හා ද්විධ්‍රැව සංකුලතාව මෙන්ම භින්නොන්මාදය ද පැවතිණි. ඔහුගේ පෞද්ගලික පරිගණකය පරීක්‌ෂා කළ බුද්ධි නිලධාරීන්ට සොයාගත හැකි වූයේ ඔහු ආගම වෙනුවෙන් දිවිනසාගැනීමේ වැදගත්කම ගැන අන්තර්ජාල පිරික්‌සුම් රැසක්‌ ම සිදු කර ඇති බවයි. තම පව් සෝදාගැනීමට ආගම වෙනුවෙන් පහර දී දිවිනසාගැනීම මෙවලමක්‌ සේ යොදාගත හැකි දැයි ඔහු ගූගල් හරහා පරීක්‌ෂා කොට ඇත. මහමුද් යූසුෆ් මිය යන විට වයස 24ක තරුණයකු වූ අතර ඇමෙරිකාවේ ටෙනිසි විශ්වවිද්‍යාලයයෙන් ඉංජිනේරු උපාධියක්‌ ලබාගත්තෙකි. අපේ රටේ ප්‍රහාර සඳහා සහභාගී වූ තරුණයන් ද ඉංජිනේරු වැනි උසස්‌ උපාධි දැරූවන් බව අමතක කළ යුතු නො වේ. මහමුද් යූසුෆ් උපාධිය ලද විගස ඇමෙරිකාවේ ඔහායෝහි Perry Nuclear න්‍යෂ්ටික බලාගාරයේ උසස්‌ රැකියාවක්‌ ද හිමි කරගත්තේ ය. එහෙත් දින 10කට පසු ඔහු රැකියාවෙන් අස්‌ කර දමන ලදි. මේ සිද්ධිය ඔහුගේ විෂාද තත්ත්වය ඉහළ යෑවීමට හේතු වූ බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. මේ තරුණයා කවදා වත් ISIS දේශනවලට සෘජු ව සම්බන්ධ වූවෙක්‌ ද නො වේ. ඔහු විසින් ලියන ලද ලිපිවල ඔහුගේ දිවිනසාගැනීම් මානසිකත්වය පිළිබිඹු වන බවත් මහාචාර්ය Adam පෙන්වා දෙයි. ද්විධ්‍රැව සංකූලතාව, භින්නෝන්මාදය, විෂාදයට අමතර ව මේ තරුණයා මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ද පීඩා වි`ද ඇත. මහාචාර්ය ඇඩම්ට අනුව මේ තරුණයාට දිවිනසාගැනීමේ තදබල වුවමනාවක්‌ පැවතී ඇත. එහෙත් ඔහුගේ දහමට අනුව සාමාන්‍ය දිවිනසාගැනීම තහනම් දෙයකි. මේ ගැටලුවට විස`දුමක්‌ ලෙස ඔහු ප්‍රාණ පරිත්‍යාගය තෝරාගත්තේ ය.

ඔහු මේ සියලු කරුණු සොයාගෙන ඇත්තේ අන්තර්ජාලයෙනි. ඉදිරියේ දී තවත් මහමුද් යූසුෆ්ලා බිහි නො වන්නට නම් ප්‍රබල මනෝවිද්‍යාත්මක මැදිහත් වීමක්‌ අවශ්‍ය බව Adam පෙන්වා දෙයි.

Psychiatry:Interperpersonal and Biological Processes ජර්නලයට Psychology of Suicide Terrorism මැයෙන් නිබන්ධයක්‌ සපයන Jerrold M. Post පෙන්වා දෙන්නේ ද මනෝ විද්‍යාත්මක මැදිහත් වීමකින් තොර ව මරාගෙන මැරෙන බෝම්බකරු තුරන් කර දැමිය නොහැකි බව ය. Psychological Mindset of An American SB මැයෙන් අධ්‍යයනයක්‌ ඉදිරිපත් කරන සැන්ඩියාගෝ විශ්වවිද්‍යාලයයේ Ronn Johson හා එම විශ්වවිද්‍යාලයේ ම Yasmin Saadatzadeh ද පවසන්නේ මරාගෙන මැරෙන්නන් තුරන් කරන්නට මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක්‌ අත්‍යවශ්‍ය බවයි. මේ පර්යේෂකයන්ට අනුව මරාගෙන මැරෙන පිරිමින් ඒ දෙය කරන්නේ දෘෂ්ටිවාදීමය හේතු මත වන අතර ගැහැනුන් එය කරන්නේ පෞද්ගලික හේතු මත ය. එනම් ගැහැනු අයට වැදගත් වන්නේ ආගමික දෘෂ්ටිවාද නො ව තමාට ම බලපාන කරුණු ය. සමහර විට ස්‌ත්‍රීන් තමාට සමීප (ඇත්තෙන් ම තමාව පාලනය කරන) පිරිමින්ගේ බලපෑම් නිසා ද දිවි නසාගෙන බෝම්බ පුපුරුවා ගන්නට යොමු වූ අවස්‌ථා තිබේ. කෙසේ වෙතත් ස්‌ත්‍රී පුරුෂ භේදයක්‌ නොමැති ව මේ දෙකොටස ම මානසික සංකූලතාවන්ට ගොදුරු වූවන් බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි.

මේ අධ්‍යයනය ශ්‍රී ලංකාවට ද අතිශයින් වැදගත් එකකි. මන්ද යත් පර්යේෂකයන් ශ්‍රී ලංකාවේ බෝම්බ පුපුරවා ගන්නා කාන්තාවන් ගැන ද විශේෂ ස`දහනක්‌ කරන බැවිනි. ශ්‍රි ලංකාවේ දී දූෂණය වීමට මුහුණ දුන් කතුන් හෝ දූෂණ අත්දැකීම් ලද හිතවතියන්, ඥතීන් නිසා උත්තේජන ලද කතුන් බෝම්බ පිපිරවීම්වලට වැඩියෙන් යොමු වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මෙවැනි බෝම්බ ප්‍රහාරකයන් (දිවි බේරාගත්) කිහිප දෙනකු සම`ග ම පර්යේෂකයන් සාකච්ඡා පවත්වා ඇති අතර එම සාකච්ඡා හරහා ලද දැනුම ඔවුන් සිය නිගමනයට එක්‌ කොට ඇත. පර්යේෂකයන්ගේ එවැනි එක්‌ නිගමනයක්‌ නම් මේ මරාගෙන මැරෙන්නන් බහුතරය මේ ක්‍රියාව කිසිසේත් ම දිවි නසාගැනීමක්‌ ලෙස නො තකන බවයි. ඔවුන් එය උතුම් ප්‍රාණ පරිත්‍යාගයක්‌ (ආගම වෙනුවෙන්) ලෙස සලකන බව පණ බේරාගත් මරාගෙන මැරෙන්නන් දුන් සාක්‌ෂ්‍යවලින් හෙළි ව තිබේ. එසේ ම මරණයෙන් පසු ප්‍රීතිමත් ජීවිතයකට යැමට ඒ මරාගෙන මැරීම හේතු වන බව ඔවුන් විශ්වාස කරන්නේ යෑයි ද පර්යේෂකයෝ පවසති. ත්‍රස්‌තවාදී කණ්‌ඩායම්වල නායකයන් සාමාජිකයන් බ`දවාගැනීමේ දී මෙන්ම පුහුණු කිරීමේ දීත් "බිය" නැමැති සාධකයෙන් විපුල ඵල ලබති. මේ බිය යනු මානසික රෝගීන් තුළ ද පවතින දෙයකි. බිය කරවීම හරහා මානසික රෝගීන් ගෙන් පහසුවෙන් වැඩ ගත හැකි ය. එසේ ම ජීවන අපේක්‌ෂා බි`දී ගිය අය ද පහසුවෙන් පොලඹවාගත හැකි යෑයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

ටෙනිසි විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය Samantha Louise විසින් සිදු කරන ලද Female Terrorism මැයෙන් වූ අධ්‍යයනය ද මේ විෂය ක්‍ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කරයි. එම`ගින් Samantha වැදගත් කරුණු රැසක්‌ පෙන්වා දෙයි. ඉන් එකක්‌ පසුගිය කාලය තුළ බෝම්බ පුපුරවාගන්නා කාන්තාවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස්‌ ඇති බවයි. මේ අධ්‍යයනය ස`දහා ඇය කාන්තා ප්‍රහාරකයන් 314කගේ ක්‍රියාකාරකම් පිළිබඳ දත්ත විශ්ලේෂණයට බ`දුන් කොට ඇත. මේ අධ්‍යයනය පෙන්වා දෙන තවත් වැදගත් කරුණක්‌ වන්නේ පිරිමින් ගැන සමාජයේ සැකය ඉහළ යන විට ගැහැනුන් මරාගෙන මැරෙන්නන් සේ බහුලව යොදාගනු ලබන බවයි. රාජිව් ගාන්ධි ඝාතනය කළ ධනූ ආරක්‌ෂකයන් විසින් වළක්‌වනු ලබද්දී ඇයට ළ`ගට එන්නට ඉඩ දෙන්නැයි කීවේ රජීව් ම ය. එසේ කීවේ ගැහැනුන් බෝම්බ බැ`දගෙන එතැයි ඔහු නො සිතූ හෙයිනි. එහෙයින් අවදානම ගැන අවතක්‌සේරු කිරීම ජිවිතය අවදානමේ හෙළාගැනීමක්‌ බව අධ්‍යයනය පෙන්වා දෙයි.

Seran de Leede, Women in Jihad: Historical Perspective නිබන්ධයෙන් පෙන්වා දෙන්නේ පවුල තුළ ප්‍රශ්නවලට මැදි වූ (විශේෂයෙන් ම කන්‍යාභාවය අහිමි වීම වැනි ගැටලු) තරුණ කතුන් මූලධර්මවාදී සටන්කරුවන්ගේ ගොදුරු බවට පහසුවෙන් පත් වන බවයි. තම පවුල තුළ රැෙ`දන්නට බැරි නිසා ඔවුන් විකල්ප ලෙස මූලධර්මවාදී කණ්‌ඩායම් තෝරාගන්නා බව Leede පෙන්වා දෙයි. Leede මේ නිබන්ධය ඉදිරිපත් කොට තිබුණේ නෙදර්ලන්තයේ ෂබඑeරබ්එසදබ්ක International Center for Counter Terrorism ආයතනයට ය.

Analysing the Terror මැයෙන් National Institute of Justice ජර්නලයට Michel S. Hornik විසින් ඉදිරිපත් කරන ලද නිබන්ධයේ ද බෝම්බ පුපුරුවාගෙන මිය යන ත්‍රස්‌තවාදියාගේ මනසේ ක්‍රියාකාරීත්වය ගැන විග්‍රහයක්‌ ඇත. ත්‍රස්‌තවාදී න්‍යායාචාර්යවරුන් තරුණයන් මරාගෙන මැරෙන්නට පොලඹවන්නේ ඔවුන් දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන්නට යන බව පෙන්වා දෙමින් යෑයි පර්යේෂකයා පවසයි. මරාගෙන මැරුණ පුද්ගලයා වීරයකු වශයෙන් සලකා ඔහුගේ නම වීදිවලට යෙදීම, අලුත උපදින සි`ගිත්තන්ට යෙදීම වැනි දේ ම`ගින් ද මේ පෙලඹවීම් ඉහළ යවන බව පර්යේෂකයා පෙන්වා දෙයි. එසේ ම මෙසේ මිය ගිය අයට ආචාර දක්‌වමින් මිය ගිය කෙනාගේ ඥතීන් සිටින ප්‍රදේශවල පෝස්‌ටර් ප්‍රදර්ශනය තවත් පෙලඹවීම් ක්‍රමයකි. මතු ජීවිතයේ දී ලැබෙන ත්‍යාග ද මීට ඇතුළත් බව පර්යේෂකයා පෙන්වා දෙයි. Cerebrum ජර්නලයට Dying to Kill මැයෙන් ලිපියක්‌ සපයන බ්‍රසීලයේ කැම්පිනාස්‌ විශ්වවිද්‍යාලයේ Sylvia H. Cardoso ඇතුළු පිරිස පෙන්වා දෙන්නේ ත්‍රස්‌තවාදී න්‍යායාචාර්යවරුන් හා දේශකයන්ගේ දක්‌ෂතාව මත මේ බෝම්බ ප්‍රහාර සිදු වනවා ද නැද්ද යන්න තීරණය වන බවයි. එනම් ඉලක්‌කගත පුද්ගලයාව පොලඹවාගන්නට දේශකයා සතු හැකියාව මත මේ බෝම්බ ප්‍රහාරවල සාර්ථකත්වය ර`දා පවතී. අනුගාමිකයන්ගේ විංඥනයේ පවතින දුබලතා ග්‍රහනය කර ගන්නට හැකියාව ඇති දේශකයා සාර්ථක වේ. ඇතැම් න්‍යයාචාර්යවරුන් හා දේශකයන් අනුගාමිකයන් ග්‍රහණයට ගන්නට මනෝ විකෘති ඇති කරවන මත්ද්‍රව්‍යමය ඔසු (Psychedelic drugs) හා චර්යා පාලන ඔසු මෙන්ම විශේෂිsත ආහාර වර්ග ද උපයෝගි කරගන්නා බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ආහාර පාලනය, නින්ද පාලනය වැනි දේ ද මෙයට ඇතුළත් වේ. මෙලෙස යම් යම් දේ උග්‍ර ලෙස පාලනයට නතු කරන අතර මූලධර්මවාදී ආඥ හෝ උදාන වාක්‍ය නිරතුරු අසන්නට දෙනු ලැබේ. එනම් එක්‌ ආකාරයකට අධිඋත්තේජන ද තවත් අතකින් අවඋත්තේජන ද ලබා දේ. මෙලෙස ඇති වන ගැටුම මොළයේ මස්‌තිෂ්ක අර්ධගෝලවල ක්‍රියාකාරිත්වයට ද බලපෑම් කරයි. ප්‍රතිඵලය වන්නේ එක්‌ අර්ධගෝලයක ක්‍රියාව ම`ගින් අනෙකක්‌ ක්‍රියා අවුල් කිරීමයි. මේ ගැටුම නිසා මානසිකව අවුල්සහගත තත්ත්වයන්ට පත් වන පුද්ගලයා තමන්ට නිතර ම ඇසෙන උදාන වාක්‍ය/ ආඥ පිළිගන්නට පටන්ගනී.

Homeland Security Affairs ජර්නලයට Causes and Explaination of Suicide Terrorism මැයෙන් අධ්‍යයනයක්‌ ඉදිරිපත් කරන Vanesa Harmon ඇතුළු පිරිස සමහර අවස්‌ථාවල දී බෝම්බ පිපිරවීම් ම`ගින් ලබාගත් ජයග්‍රහණ ද ඇතැම් ත්‍රස්‌තවාදී සංවිධාන දිගට ම මේ ක්‍රමවේදය භාවිත කරන්නට හේතුවක්‌ වී තිබෙන බවයිs. ඊට නිදසුනක්‌ සේ පර්යේෂකයන් ඉදිරිපත් කරන්නේ 1983 ලෙබනන් බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇමෙරිකානු ජනාධිපති රේගන් තම හමුදාව ලෙබනනයෙන් ඉවත් කරගන්නට ගත් තීරණයයි. කෙසේ වෙතත් මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ප්‍රහාරකයන් මානසික අසාමාන්‍යතාවලින් (Psychological Abnormality) පෙළෙන බවට පවතින මතය සම්පූර්ණයෙන් ම පිළිගත නොහැකි බවයි. එනම් ඒ මතය ඇතැම් අවස්‌ථාවලට පමණක්‌ සාධාරණ බවයි. කෙසේ වෙතත් මේ පර්යේෂකයන් ද පෙර අධ්‍යයන මෙහෙයවූවන්ට එක`ග වෙමින් පෙන්වා දෙන්නේ බෝම්බ පුපුරවා දිවිනසාගන්නා කාන්තාවන් ඒ දෙයට යොමු වන්නේ පෞද්ගලික හේතු මත බවයි. එසේ ම බහුතරයක්‌ කතුන් මීට පෙලඹී ඇත්තේ පොදු දේශන හරහා නො ව බලපෑම් කළ හැකි තනි පුද්ගලයකු හරහා ය. පිරිමින් මීට පටහැනි ව ආගමික හෝ දේශපාලනික හෝ දෘෂ්ටිවාද හරහා මෙයට පෙලඹෙන බව අධ්‍යයනය පෙන්වා දෙයි.

මනෝඡ් ප්‍රසන්න රත්නායක