logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ධ
දම් පැහැ මමිය 3

අනතෝලි ද්නෙප්රෝව්

වර්ෂ 1919 දී උපන් අනතෝලි ද්නෙප්රෝව් එක්‌සත් සෝවියට්‌ සමාජවාදී ජනරජයේ විද්‍යාඥ ඇකඩමිය හා සම්බන්ධ ආයතනයක සේවය කළ කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකි. 1960 වසරේ දී ඔහු විසින් රචනා කරන ලද "මැක්‌ස්‌වෙල් සූත්‍රය" නම් විද්‍යා ප්‍රබන්ධය ලේඛකයකු ලෙස ඔහු ගේ දස්‌කම් ප්‍රකට කළේ ය. ද්නෙප්රෝව් ගේ ප්‍රියතම විෂය වූයේ සයිබනතික විද්‍යාව (මොළය, ස්‌නායු පද්ධතිය හා විද්යුත් යාන්ත්‍රික පද්ධති අතර සන්නිවේදනය හරහා ගොඩනැෙගන ස්‌වයංක්‍රීය සන්නිවේදන හා පාලන ක්‍රමවේද අධ්‍යයනය) හා එහි විස්‌මයාන්විත ජයග්‍රහණ හා ඇදහිය නොහැකි විභවයන් පිළිබඳ අධ්‍යයනය ය. විද්‍යාත්මක යථාවාදී බව ඔහු ගේ රචනාවන්හි සුවිශේෂි ව පෙනෙන ලක්‌ෂණයකි.

සිංහල වියමන - මාධව වෛද්‍යරත්න 3

මහාචාර්ය සයන් දෙවුර හැකිළී ය. කිසිදු දෘශ්‍යමාන හේතුවකින් තොර ව මගේ කොඳු ඇට පේළිය දිගේ සීතල ආවේග තරංගයක්‌ ඉහළ පහළ යන්නට විය. කිසියම් බියකරු සිතිවිල්ලක්‌ මගේ මනස සිසාරා කැලතෙන සෙයකි. ඒ මොහොතේ අන්ෙද්‍රdaව් කෙඳිරියක ස්‌වරයෙන් මෙසේ කියන්නට විය:

"මම කියන්නෙ සහතික ඇත්ත. මේ අනුරූ දෙක ම අපි ගොනු කළේ මීට තුන් මාසෙකට කලින් ස්‌වෝන් තාරකා රාශියේ ඈත කෙළවරකින් අපට ලැබිච්ච කේතනය කළ තරංග තොරතුරු මාලාවකට අනුවයි. අපිට ඉස්‌සෙල්ල ම ලැබුණේ හිසේ තොරතුරු... සෙන්ටිමීටර් විසි තුනේ තරංග කලාපයේ... ඊටත් තුන් මාසෙකට පස්‌සේ අපට ඒ තරංග මාලාව ඔස්‌සේ ම මේ දම්පාට මමියේ තොරතුරු ලැබුණේ. ආදානය අතරතුර ඝෝෂාව ඩෙසිබල් පහකට වඩා වැඩි වුණේ නැහැ... ඇත්ත වශයෙන් ම, සංඥා-ඝෝෂා අනුපාතය එච්චර...."

හේ එක්‌වර ම මොර දෙන්නට පටන් ගත්තේ ය. "මේක වෙන්න පුළුවන් දෙයක්‌ නෙවිෘ මොකද්ද නුඹ මේ කියන්න හදන්නේ? කවුද මේ මායා? මොන මහසෝනෙක්‌ ද මේ ෆිලෝ?"

මහාචාර්යවරයා මගේ බිරිඳ ගේ ඡායාරූපය අන්ෙද්‍රdaව් අත තැබී ය. ඔහු එය වීදුරු පෙට්‌ටියේ වැතිරී සිටි අනුරුව සමඟ සංසන්දනය කරනු පෙනිණ.

"එතකොට ෆිලෝ? ඒ අර මීට තුන් මාසෙකට කලින් මැරුණු මිනිහ ද? නුඹ එයා පුද්ගලිකව අඳුනනව ද?

මහාචාර්යවරයා එකඟතාව පළ කරමින් හිස සැලී ය.

අන්ෙද්‍රdaව් ශාලාව මැද ගල් ගැසුණාක්‌ මෙන් නතර වූයේ ය. අනතුරු ව දොරත් හඬවාගෙන අතුරුදන් විය.

ගෙවෙන මොහොතක්‌ පාසා ඉහළ යන බියකරු හැඟීමක්‌ මට දැනිණ. පාරදෘශ්‍ය පෙට්‌ටි පියන තුළින් දර්ශනය වන මගේ බිරිඳ ගේ දම් පැහැ නිවුන් රුව දෙස නො බලා සිටින්නට මම වෑයම් කළෙමි. දොර දෙබෑ කරගෙන අන්ෙද්‍රdaව් යළි පහළ වූයේ දොස්‌තරුන් රැගෙන යන මාදිලියේ ආම්පන්න මල්ලක්‌ රැගත් කාන්තාවක ද සමඟිනි. වචනයකුදු නො දොඩා මමිය රඳවා තිබූ වීදුරු පෙට්‌ටිය වෙත දිව ගිය ඔවුහු එහි පියන ඉවත් කරන්නට පටන්ගත් හ.

"මොනව ද නුඹලා මේ කරන්න යන්නේ? මහාචාර්ය සයන් තැතිගත් ලෙසින් ප්‍රශ්න කළේ ය.

"කපල බලන්න," අන්ෙද්‍රdaව් තදින් හුස්‌ම ගනිමින් එක්‌වර ම කීවේ කෙඳිරුම් හඬිනි. "මම හිතපු දේ හරි නම්...."

"මොකද්ද කපල බලන්න හදන්නේ?"

"මමිය"

"ඒ මොකට ද?" මම මොර ගෑවෙමි. මට දැනුණේ ඔවුන් මගේ බිරිඳ කපා දමන්නට තැත් කරන අයුරේ හැඟීමකි.

පැමිණ සිටි කාන්තාව සැත්කම් පිහියක්‌ හා කවාකාර විදුලි කියතක්‌ සිය මල්ලෙන් ඉවතට ගත්තේ ඒ මොහොතේ දී ය.

"මේක කරන්න මම නුඹලාට ඉඩ දෙන්නේ නැහැෘ මේක වටිනා මහජන දේපළක්‌. ඒ නිසා ජාත්‍යන්තර විද්‍යා කවුන්සිලයේ අවසර නැති ව නුඹලාට මේක විනාශ කරලා දාන්න අයිතියක්‌ නැහැ." මහාචාර්ය සයන් කීවේ තිර හඬිනි. "ඇරත්, මෙච්චර අමාරුකම් මැද්දේ පිටසක්‌වළින් ලබාගත්තයි කියන මේ වස්‌තුව, ඇත්තට ම ඒක ලබා ගත්තේ පිටසක්‌වළින් නම්, නුඹලා යෝජනා කරන විදිහෙ දෙයක්‌ ඒකට කරන එක නුවණක්‌කාර වැඩක්‌ හැටියට මට නම් පේන්නේ නැහැ."

"ඒ ගැන වද වෙන්න එපා මහාචාර්යතුමා, මේකෙ දත්ත ඔක්‌කොම විද්යුක සිලින්ඩරවල ගබඩා කරලයි තියෙන්නේ. ඒ නිසා ඕනෑ වෙලාවක ඈ ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන්. දවසකට දෙකකට වඩා ඊට ගත වෙන්නෙ නැහැ. අන්තෝනියා, අපි වැඩේට බහිමු."

වෙනකෙකුට වීදුරු පෙට්‌ටියට ළඟා වීමට ඇති ඉඩකඩ අහුරමින් හේ දෑත් විදහාගත්තේ ය. විදුලි කියතේ ගුමනය මට ඇසුණේ එහි තලය මමිය තුළට කිඳී යන අතරතුර ය. අයිස්‌ මෙන් සීතල තරංග දහරාවක්‌ එක හැල්මට මගේ කොඳු ඇට පෙළ දිගේ ඉහළ පහළ දිව ගියේ ය.

"දැන් පපුව ළඟින් කපන්න." අන්ෙද්‍රdaව් විධාන කළේ ය. "ශුද්ධ වූ මෝසෙස්‌තුමා ගේ නාමෙට නුඹට ඔයිට වඩා වේගෙන් කපන්න බැරි ද? ඉවරද දැන්? හරි, දැන් පපු ඇටේ පැත්තට ආපහු යන්න. හෘදය වස්‌තුව හම්බ වුණා ද? අහා... කෝ අක්‌මාව? අන්න හරි. ඊළඟට ප්ලීහාව... එච්චරයි. දැන් අපිට පුළුවන් මේගොල්ලන්ට බලන්න ඉඩ දෙන්න."

අන්ෙද්‍රdaව් මගේ උරහිසින් අල්වාගත්තේ ය.

"නුඹ මොන දේකට ද බය වෙන්නෙ? මේක ප්ලාස්‌ටික්‌වලින් හදපු මමියක්‌. කෙනකු ගෙ අනුරුවක්‌. සර්ව සම පිටපතක්‌. නුඹට දැන් බලාගන්න පුළුවන් කොයි තරම් හොඳට මේ පිටපත හදල තියේ ද කියල."

මම අකැමැත්තෙන් මුත් වීදුරු පෙට්‌ටිය වෙත ගමන් කළෙමි. ප්ලාස්‌ටික්‌ දේහයේ විච්ඡේදනය කළ කොටස්‌ එහි මධ්‍යයේ සිට සමමිතික ලෙස විසිරී තිබූ අතර ඒ අතරින් සිරුරේ අභ්‍යන්තර ව්‍යqහය පැහැදිලි ව දර්ශනය වූයේ ය. අභ්‍යන්තර අවයවයන් එකිනෙකට වෙනස්‌ පැහැයෙන් යුතු වුව ද ඒ සැම එකක ම දම් පැහැය යන්තමින් හෝ තැවරී තිබිණ. මමියේ දෑස්‌ විවර ව තිබූ අතර එහි බින්දු මාත්‍ර හෝ වේදනාවක සේයාවක්‌ නො වී ය. මෙය සජීවී ප්‍රාණියකු නො ව දක්‌ෂ ලෙස නිමවන ලද මිනිස්‌ අනුරුවක්‌ ය යන්න මට ම ඒත්තු ගැන්වීම සඳහා බලවත් මානසික අරගලයක්‌ කිරීමට මට සිදු විය.

"හොඳයි, මේක පිටපතක්‌ ද? නැද්ද?" අන්ෙද්‍රdaව් මගේ උරහිසින් අල්වා සොලවමින් ප්‍රශ්න කළේ ය. සඟවාගත නොහැකි වූ විනෝදයකින් ඔහු ගේ දෑස්‌ දිළිසුණේ ය "ඒක දිහා තව හොඳට බලාපන්"

මම දුර්මුඛ ලීලාවෙන් හිස වැනුවෙමි.

"නුඹේ අදහස මොකද්ද මහාචාර්යතුමනි?" අන්ෙද්‍රdaව් ඇසුවේ මහත් ඕනෑකමිනි.

ඔහුට පිළිතුරු සැපයුණේ මමිය විච්ඡේදනය කළ ගැහැනිය ගේ කෑගැසීමකිනි.

"ඔක්‌කොම තියෙන්නෙ වැරදි අතටෘ"

ඈ කියන්නක්‌ වටහාගන්නට අපහසු වූ මම දෑස්‌ නෙරවා ඈ දෙස ඔරවා බැලීමි.

"නුඹ කියන එකේ තේරුම මොකද්ද අන්තෝනියා?" මහාචාර්යවරයා ඇසුවේ බැරෑඬි හඬකිනි.

"ඔක්‌කොමෘ හෘදය වස්‌තුව, අක්‌මාව, ප්ලීහාව... ඒ ඔක්‌කොම තියෙන්නේ වැරදි පැත්තෙ."

අවසන මම සියල්ල වටහාගතිමි. මමියේ හෘදය පිහිටා තිබුණේ දකුණුපසින් වූ අතර අක්‌මාව වම් පසෙහි විය. හරියට ම දර්පණ ප්‍රතිබිම්බයක්‌ මෙනි!

"නුඹට වැටහුණා ද අපි ලබාගත්ත ජයග්‍රහණය කොයිතරම් ද කියලෘ මේක ප්‍රති-ලෝක පිළිබඳ සිද්ධාන්තයේ යෝධ තහවුරුවක්‌. මේක මහ විසාල ප්‍රවෘත්තියක්‌... මේක.."

"කරුණාකරලා නුඹ මේ කියන දේ ගැන පොඩ්ඩක්‌ පැහැදිලි කරනව ද" මහාචාර්යවරයා විධාන කළේ ය.

අප ද එහි සිටි බව අන්ෙද්‍රdaව්ට සිහිපත් වූයේ ඒ ප්‍රකාශයත් සමඟිනි. මමිය වෙතින් ඉවතට ඇවිද ගිය හේ මහාචාර්යවරයා වැළඳගෙන ගාම්භීර ස්‌වරයෙන් මෙසේ කී ය.

"අන්තිමේ දි අපිට පර්යේෂණාත්මක තහවුරුවක්‌ ලැබුණා මේ විශ්වයේ කොහේ හරි ඈත කෙළවරක ප්‍රති-ලෝකයක්‌ - ඒ කියන්නෙ ප්‍රති-පදාර්ථවලින් හැදිච්ච අපේ ලෝකයේ සර්වසම පිටපතක්‌ තියෙන වග. ඒ වගේ ලෝකයක්‌ සලකන්න පුළුවන් වෙන්නෙ අපේ ලෝකයේ දර්පණ ප්‍රතිබිම්බයක්‌ හැටියටයි."

*** *** ***

වේගයෙන් චලනය වන, අගනුවර පදික පථ හා මංමාවත් ඔස්‌සේ විද්‍යා මන්දිරය වෙත ඇවිද එන මට නගරයේ සාමාන්‍යයෙන් පවතින නොපැහැදිලි මිනිස්‌ කටහඬ ගුමුගුමුව අතරින් 'දම් පාට මමිය, දම් පාට මමිය...' යන වචන අසන්නට ලැබිණ.

අන්තර්ජාතික විද්‍යාඥයන් ගේ සංගමය විසින් අන්ෙද්‍රdaව් ගේ මේ විස්‌මයාන්විත, අල්පෝක්‌තියෙන් කිව හොත් 'නිර්භීත කල්පිතය' පිළිබඳ විශේෂ ප්‍රකාශයක්‌ කිරීමෙන් අනතුරුව එය මුළු මහත් ලෝකයේ ම කතාබහට ලක්‌ වූ එක ම මාතෘකාව බවට පත් වූයේ ය. ඉදින් මොස්‌කව් පිළිබඳ කියනු කවරේ ද? විච්ඡේදනය කරනු ලැබූ අනුරුව වෙනුවට නව පිටපතක්‌ සාදා ද්‍රව්‍යමය සංස්‌කෘතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබන ලදි. අනුරුව නරඹන්නට ලෝකයේ නොයෙක්‌ ප්‍රදේශ වෙතින් කෙතරම් ජන ගංගාවක්‌ ගලා ආවේ ද යත් එහි පිටපත්

රැසක්‌ ම තනන්නට සිදු විය. අගනුවර තිබූ විශාලතම පොදු මහජන ශාලා සියල්ලෙහි ඒවා ප්‍රදර්ශනය කරනු ලැබී ය. උත්තරීතර මණ්‌ඩලයේ විශේෂ නියෝගයක්‌ පරිදි මමියේ ආලෙඛ්‍ය රූපය ත්‍රිමාන වර්ණ රූපවාහිනි තිර මත දවසට තුන් වරක්‌ ප්‍රචාරණය විය. මුළුමහත් මොස්‌කව් නගරය ම 'දම් පාට මමිය, දම් පාට මමිය...' යන හඬින් ආලෝලනය වූයේ ය. මගේ හිස තුළ ගුම් නගමින් පැවතියේ ඊට වඩා සහමුලින් වෙනත් කාරණයකි.

"මායා... මායා... මගේ බිරිඳට සර්වප්‍රකාරයෙන් සමාන වෙනත් ගැහැනියක්‌ විශ්වයේ අන් තැනක සිටිය හැකි ද?"

මට තවදුරටත් එය දරා සිටිනු නො හැකි විය. ක්‍රෙම්ලින් උද්‍යානයේ නිස්‌කලංක අහුමුල්ලක දී මම රේඩියෝ දුරබනුව සාක්‌කුවෙන් ඉවතට ඇදගෙන ලෙනින්ස්‌කිහි අංකය ඔබන්නට වීමි. තත්පර කිහිපයකින් අනතුරුව ගුමනයේ දිගු නාදය ඇසිණ.

"මායා... මේ ඔයා ද?"

"ඔව්... මොකද්ද අනේ මේ දම් පාට මමිය ගැන ඇති වුණ හදිසි කරච්චලේ. මගේ අති විශිෂ්ට කීර්ති නාමය කෙළෙසීම සම්බන්ධයෙන් උසාවි යන්න වෙලා තියෙන්නෙ දැන්... ලෝකෙට ම පේන්න නටන මේ නාඩගමට විරුද්ධ ව."

ඔන්න මගේ මායා ගේ හැටි... ජීව ප්‍රාණයෙන් බුබුළු නඟන සිඟිති ගැහැනිය. ඇගේ සරදම්කාරී සීනු කට හඬට සවන් දෙන අතරතුර මගේ හිස මත තිබූ මහා බර ඉවත් විය.

"මෝඩ කතා කියන්න එපා. ඔයා ආඩම්බර වෙන්න ඕනැ ඔයා ගැන." මම පිළිතුරු දුනිමි.

"ආඩම්බර තමා. මෙහේ පත්තරයි, රේඩියෝ ටෙලිවිෂන් නාළිකායි එක්‌ක මේ දවස්‌වල මම හොඳ නැටුමක්‌ නටන්නේ. මමත් දැන් ලෝකෙ රටේ සෑහෙන ප්‍රසිද්ධ චරිතයක්‌ වෙලා. ඔයා දන්නව ද, ඔය මොස්‌කව්වල කොමිසමකින් මාව පරීක්‌ෂා කරන්නත් ආව නේ. ඒගොල්ලන්ට ඕන වුණේ මගේ හෘදය වස්‌තුව තියෙන්නේ හරියට ම වම් පැත්තෙ ද කියල දැනගන්න.

"ඉතින් ඒගොල්ල මොනව ද හොයාගත්තේ?"

"අඃ, ඒක නියම විදිහට වම් පැත්තෙ තියෙනවා. දැන් ඒගොල්ලන්ට හොඳට ම සහතිකයි මම ආවෙ ප්‍රති-ලෝකෙන් නෙවි කියල." ඈ විනෝදකාමී සිනාවක්‌ පෑවා ය. "ඉතින් ඔයා මොනව ද ඔහේ ඉඳන් කරන්නේ?"

"මම ඉතින් කටත් පියාගෙන පැත්තකට වෙලා ඉන්න උත්සාහ කරනවා. බැරි වෙලාවත් ඒ ගොල්ලෝ දැනගත්තොත් අර දම් පාට නෝන ගේ පෘථිවි-පිටපත් සැමියා මමයි කියල මොනවයින් මොනව වෙයි ද කියල ඔයාට හිතාගන්න පුළුවන් ද?"

"අර කැත පාටින් ඔයා වත් පාට කරා වි එහෙනම්ෘ අනේ ඇත්තට, ඇයි ඒගොල්ලෝ එයාව දම් පාටින් ම පාට කළේ?"

"කවුරුත් පාට කරලා නෙවි ඒ. ඒ තොරතුරු යන්ත්‍රවලින් ඈ හැදිලා එළියට ආපු හැටි. මං හිතන්නේ ප්‍රති-ලෝකෙ නියමයන් ගේ හැටියට ඇගේ පෙනුම එහෙම වෙන්නැති... ගොඩක්‌ ඈයො දම් පාටට ආසයි නේ?" මම ඈට සරදම් කළෙමි.

"නවත්තන්න දැන්... මට දැන් ප්‍රශංසා හොඳට ම ඇති වෙලා තියෙන්නේ. මොකද, මෙහේ දි ඒවා ඇති තරම් හම්බ වුණා. දැන් ඔයා මොනව ද කරන්න යන්නේ?"

මම අත් ඔරලෝසුව දෙස බැලීමි.

"තව තත්පර අසූවකින් මම ඉන්න ඕන ඇකඩමියේ මහ කිරිගරුඬ ශාලාවේ තියෙන සම්මන්ත්‍රණයක. දැන් යන්න වෙලාව හරි."

හොඳයි මැණික, එහෙනම් ආයුබෝවන්. මම සම්මන්ත්‍රණය රූපවාහිනියෙන් බලන්නම්. දැන් තියන්නම්."

"ආයුබොවන්"

(ලබන සතියේ තවත් කොටසක්‌)