logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධය
උමතු රියදුරු-3 වැනි කොටස

"ඒත් අපි වාහන දෙක ම අගලෙන් අගලට ස්‌කෑන් කරා. විශේෂයෙන් හෙන්රි අතපත ගාපු දොරවල්, හැඩල සියල්ල ස්‌කෑන් කරා. ඒත් ඒවායේ පෘෂ්ඨවල ඇලවිලා තිබුණ කිසි ම මෙවලමක්‌ මැක්‍රො ස්‌කෑනර් යන්ත්‍රයට හසු වුණේ නැහැ නේ" එරික්‌ අමාරුවෙන් නැගිටිමින් පැවසී ය.

ඔවුන් තිදෙනා පැමෙලා බලන්නට ගොස්‌ ඇය සමග සියලු විස්‌තර බෙදාගත් හ.

"මටත් හිතාගන්න බැහැ කොහොම වෙනව ද කියලා. ඒත් අපිට දැන් තේරෙනවා, හෙන්රි හාවඩ් අපේ වාහනවල යම් මෙවලමක්‌ සවි කරලා, අපි වාහනවලට නැග්ගායින් පස්‌සේ, එයා දුරස්‌ථ පාලකයකින් ඒ මෙවලම සක්‍රිය කරනවා. එතකොට අපිට පිස්‌සු හැදෙනවා. සියදිවි හානි කරගන්න හිතෙනවා" ඇය පැහැදිලි කළා ය.

"කර්නල් ඩේවිඩ් ගේ අකල් මරණයත් මේ විදිහට මයි සිද්ධ වෙන්න ඇත්තේ" පැමෙලා ඒ ඛේදවාචකය මතක්‌ කර දුන් විට, ඇති වූ වේදනාවට සැමී සිය අතැති පානයෙන් උගුරු දෙකක්‌ ම පානය කළේ ය.

සියලු දෙනා නිහඩ ව කල්පනා කරන්නට විය. "හ්ම්! අපි තව දෙයක්‌ සලකලා බලන්න ඕනේ" සැමී තම බීම කෑනය තදින් අල්ලාගනිමින් පැවසී ය.

"මොකක්‌ ද?" අනෙක්‌ අය එකවර ඇසූ හ.

"දේවල් දෙකක්‌. ඇත්තෙන් ම අපි වාහනය ස්‌කෑන් කළේ මැක්‍රො ස්‌කෑනර් එකෙන් පමණයි. මම ඇසට නො පෙනෙන දේවල් ස්‌කෑන් කරන්න පුළුවන් නැනෝ ස්‌කෑනර් එකක්‌ නිර්මාණය කළා. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. දෙවැනි කාරණාව, හෙන්රි හාවඩ් හිටපු සිර කුටීරයටත්, අපේ වාහනවලටත් එක පොදු සාධකයක්‌ තියෙනවා."

"ඒ මොකක්‌ ද?" එරික්‌ විමසී ය.

"වීදුරු! සිර මැදිරි දොරේ වීදුරු කවුළුවක්‌ තිබුණා. එතකොට අපේ වාහනවලත් දොරේත් ඉදිරිපසත් වීදුරු තියෙනවා. හෙන්රි ඇතුළු කරපු දෙයක්‌ මේ වීදුරුවල ඇති. ඒක මගේ නැනෝ ස්‌කෑනර් යන්ත්‍රයට හසු වේ වි." සැමී බලාපොරොත්තු සහගතව පැවසී ය.

ඔවුහු යුහුසුලුව ක්‍රියාත්මක වූ හ. ඔවුන් මුලින් ම සිර කුටීරයේ දොරේ වූ වීදුරුව පරීක්‌ෂා කළ හ. සැමී බලාපොරොත්තු වූ පරිදි, වීදුරුවේ ඝනකම තුළ රැඳී තිබුණු නැනෝ චිපයක්‌, ඔහු ගේ නැනෝ ස්‌කෑනර් යන්ත්‍රය විසින් සොයාගන්නා ලදි. ඒ ආකාරයෙන් ම, වාහන දෙකේ දොරවල තිබුණු වීදුරුවලින් නැනෝ චිප දෙකක්‌ ලැබිණි. කර්නල් ගේ වාහන සුන්බුන්වල වූ දොරේ වීදුරුවෙන් ද එවැනි චිපයක්‌ සොයාගැනිණි. ඒ සැම චිපයක්‌ ම නැනෝ රොබෝවකු ගෙන් සමන්විත විය. මේ චිපය වීදුරු පෘෂ්ඨයක්‌ ස්‌පර්ශ වූ විගස ම, නැනෝ රොබෝවා සක්‍රිය වී, පෘෂ්ඨයට අභිලම්බකව එය කපාගෙන වීදුරුව ඇතුළට යයි. නැනෝ රොබෝවා යන විට, ඒ සමග ම රොබෝවාට ඈඳී ඇති නැනෝ චිපය ද ඇතුළට ඇදී ගොස්‌, වීදුරු පෘෂ්ඨයට අභිලම්භකව රැඳේ. එම චිප තුළ වැය වුණු රසායනික සංයෝග කිහිපයක්‌ විය.

"මම හිතන්නේ මේ චිප් එක ඇතුළේ තියෙන රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන්නේ අර දුරස්‌ථ පාලකයෙන් සංඥාවක්‌ ලැබුණහමයි." එරික්‌, සැමී ගේ පරිගණක තිරයට එබෙමින් පැවසී ය. ඔවුහු සියලු දෙනා පරිගණකය වටා රොක්‌ ව සිටිය හ.

සැමී බීම උගුරක්‌ පානය කර කථා කරන්නට විය. "මම හිතන්නේ මේ රසායන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කළා ම පිට වන ශක්‌තිය මොළයේ චින්තනයට බලපෑම් කරනවා වෙන්න ඇති. අපේ මොළය විද්යුත් රසායන (electrochemical) අවයවයක්‌. මොළයේ ක්‍රියාකාරිත්වය අනුව ඇල්ෆා, බීටා, තීටා සහ ඩෙල්ටා කියන තරංග වර්ග හතර නිකුත් වෙනවා." සැමී මිනිස්‌ මොළය ගැන ඇති සීමිත දැනීම එලෙස ප්‍රදර්ශනය කළේ ය.

නේතන් අත් දෙක බැඳගෙන සැමී දෙස එක එල්ලේ බලමින් කල්පනා කරන්නට විය. "හ්ම්.... ඒත් ඔයා කියන ඔය කිරණ මොළය ඇතුළිත් ජනනය වෙන ඒවා. නමුත් අපි මෙහෙම හිතලා බලමු. අපි කරන සෑම ක්‍රියාවක දී ම මොළයෙන් මොනයම් හෝ කිරණයක්‌ නිකුත් වෙනවා. සියදිවි හානි කරගන්න හදන කොටත් මේ කිරණවලින් එකක්‌ තීව්‍ර විදිහට නිකුත් වෙනවා ඇති. අපිට මේ තරංගය කෘත්‍රිමව නිපදවලා ආපස්‌සට අපේ මොළයට එක එල්ලේ පතිත කරන්නට පුළුවන් නම්, ඒ තරංගයේ බලපෑමෙන් අපිට සියදිවි හානි කරගැනීමේ අවශ්‍යතාවක්‌ උත්පාදනය කරගන්නත් පුළුවන් වේ වි. මම හරි ද?" නේතන් අනෙක්‌ අය ගෙන් විමසී ය.

"මාරයි! Linear Programming iy Reverse Enginering'' භෞතික විදයාඥවරියක වූ පැමෙලා කීවේ ඇය හේත්තු වී සිටි කොට්‌ට එහා මෙහා කරන ගමන් ය.

"ඕවා සංකීර්ණ ගණිත ක්‍රම. සියදිවි හානි කරගන්න කොට මොළයෙන් නිකුත් වන තරංගයේ හැඩය ඩිජිටල් තාක්‌ෂණය යොදාගෙන ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. ඒක සුළු දෙයක්‌. නමුත් ඒ තරංගය ජනිත කරන්න පුළුවන් නැනෝ චිපයේ රසායනික සංයෝගය හදන එක සංකීර්ණ වැඩක්‌. ඒකට අවශ්‍ය මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයුතිය, මම හිතන විදිහට Linear Programming වලින් තීරණය කරන්න පුළුවන්. ඒ වගේ ම මනසින් ආපු දෙයක්‌ ප්‍රතිනිර්මාණය කරලා මනසට ම නැවත පතිත කිරීම Reverse Engineering කියලා කියන්න පුළුවන්."

උමතු රියදුරු අභිරහස යම්තාක්‌ දුරට එතෙකින් විසඳුණ ද පිළිතුරු සෙවිය යුතු කරුණු තවමත් විය. එම නැනෝ චිප නිෂ්පාදනය කළේ කවුද, ඒවායේ ඇති රසායනික සංයෝග මොනවා ද යන්න තවමත් අභිරහසකි. "හ්ම්.. හෙන්රි හාවඩ් අපේ අත්අඩංගුවේ ඉද්දි මැරුණ නිසා, එයා ගෙ සගයන් අපව ලුහුබඳී වි. ඒ නිසා අපි ඒ ත්‍රස්‌ත කල්ලිය මුලිනුපුටා දැමීම සඳහා සංවිධානය වෙන්න ඕනේ. අපේ කණ්‌ඩායමේ නිර්මාතෘ කර්නල් ඩේවිඩ්ට කරන්න පුළුවන් ලොකු ම ගෞරවය ඒකයි. අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කාට වත් හිතාගන්න බැරි, සාමාන්‍ය ජනතාවට හිරිහැරයක්‌ නො වන ක්‍රමවලට. අපි ඒකට හරියන්න නමක්‌ සහ ලාංඡනයක්‌ හිතමු" නේතන් යෝජනා කළේ ය.

සියල්ලෝ ම නිශ්ශබ්දව කල්පනා කළ හ. සැමී පමණක්‌ සිය ප්‍රියතම පානය තොලගාමින් කල්පනා කරන්නට විය. එරික්‌ හදිසියේ ම සිනාසිණි.

"මම දෙන්නම් හොඳ ම අදහස. ලාංඡනය, සැමී ගේ කෑන් එක, නම, 'උමතු රියදුරුෘ" සියල්ලෝ ම සිනාසුණෝ ය. 'උමතු රියදුරු විශේෂ කාර්ය බළකාය' නිර්මාණය වුණේ එලෙස ය.

නිමි

ඔබේ අදහස්‌ යෝජනා sci.fix100@gmail.com විද්යුත් ලිපිනයට එවන්න.

නිමාෂි ප්‍රනාන්දු