logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ක්‌වොන්ටාවේ කතාව 43
යථාර්ථය නම් භූතයා ක්‌වොන්ටම් ලෝකයේ හොල්මන් කරයි



තව ද ඉලෙක්‌ට්‍රොaනයක පිහිටීම, ප්‍රවේගය, කාලය, ශක්‌තිය, බැමුම වැනි ගුණ නිරීක්‌ෂණයේ ද එකතුවෙන් නිර්මාණය වුවත් එහි ස්‌කන්ධය හා ආරෝපණය නිරීක්‌ෂකයා ගෙන් තොර ව නිරපේක්‌ෂ ව පවතින්නේ යෑයි ක්‌වොන්ටම්වාදය පිළිගනී. එනම්( පිහිටීම වැනි ගුණ ඉලෙක්‌ට්‍රොaනයට පමණක්‌ අයිති නො වන ගුණ වුවත් ස්‌කන්ධය, ආරෝපණය වැනි දේ වාස්‌තවික යථාර්ථයකි. ඒවාට නිරීක්‌ෂකයා ගේ සම්බන්ධයක්‌ නැතැයි කියවේ. ශක්‌ති සංස්‌ථිතිය හා ගම්‍යතා සංස්‌ථිතිය ද එසේ ම ය. ක්‌වොන්ටම්වාදයේ ඒවා සමස්‌තයක්‌ වශයෙන් බිඳ වැටෙන්නේ නැත. එනම් මේ සියලු නිශ්චිත හා අවිනිශ්චිතතාවලට යටින් දුවන ශක්‌තිය නම් වෙනස්‌ නො වන යථාර්ථය පවතී. බීටා විකිරණවලින් ඉලෙක්‌ට්‍රොaන, පොසිට්‍රොaන යුගල උත්පාදනය (Pair Production) අපි දුටුවෙමු. එහි දී එම යුගලයේ සමස්‌ත බැමුම ද සංස්‌ථීතික වී ඇති ලෙස ගැනේ. නිරීක්‌ෂණය නො කර ම මේ සංස්‌ථිතිකභාවය පවතී. ක්‌වොන්ටම් වෙළී යැම ද (Quantum Entanglement), EPR පරීක්‌ෂණයේ ද පදනම මේ සංස්‌ථිතිකභාවයයි. එවැනි ගුණ ක්‌වොන්ටම්වාදයේ ද නිරපේක්‌ෂ යථාර්ථයන් සේ පවතී යෑයි සැලකේ.

කෝපන්හේගන් විවරණයට විකල්පයක්‌ ලෙස ආ බෝම් ගේ නියමු තරංග සංකල්පයේ මිනුම් සිදු කිරීමට පෙරත් පවතින යථාර්ථයක්‌ පිළිගනී. සියලු ගුණ ඉලෙක්‌ට්‍රොaනය සතු ය. එම ගුණ නිරීක්‌ෂණය නිසා වෙනස්‌ වේ. නිරීක්‌ෂණය ඉලෙක්‌ට්‍රොaනයට දැනෙන්නේ නියමු තරංගය හරහා ය. නියමු තරංගය ද නිරීක්‌ෂකයා ගෙන් තොර ව පවතී. එව්රේට්‌ ගේ බහුලෝකවාදය ද එසේ ය. ඒ ඒ ලෝකවල සියලු විය හැකියාවන් සිදු වේ. එනම් අවසානයේ සමස්‌තය නිශ්චිත ය. මෙහි ද නිරීක්‌ෂකයාගේ විශේෂ වැදගත් කමක්‌ නැත. මේ සියලු දෙයින් පෙනී යන්නේ ක්‌වොන්ටම් භෞතික සංසිද්ධීන් හෙවත් ක්‌වොන්ටම් පරීක්‌ෂණ ප්‍රතිඵල පැහැදිලි කිරීමේ දී කිසි විටකත් අජීවී යාන්ත්‍රික යථාර්ථයෙන් සම්පූර්ණයෙන් ම ගැලවී නැති බවයි. කෝපන්හේගන් අර්ථකථනයේ පවා කාටීසියානු තාප්පය බිඳවැටී ඇත්තේ අඩක්‌ ය.



අප දුටු අනෙක්‌ වැදගත් දෙයක්‌ නම් එක ම සන්දර්භය තුළ වුවත් නිරීක්‌ෂණ ගුණාත්මක ව සහ ප්‍රමාණාත්මකව පැහැදිලි කරගැනීම සඳහා එකිනෙකට වෙනස්‌ බොහෝ ආකෘති නිර්මාණය කළ හැකි බවයි. ඇතැම් විට යථාර්ථයේ පැවැත්ම අභියෝගයට ලක්‌ විය හැකි අතර විටක එය පිළිගනී. එක්‌ ආකෘතියක්‌ අනෙකට වඩා නිවැරැදි නො වේ. අයෙක්‌ එක්‌ ආකෘතියක්‌ විශ්වාස කරන අතර තවෙකෙක්‌ වෙනත් ආකෘතියක්‌ විශ්වාස කරයි. බෝම් ගේ නියමු තරංග අර්ථකථනය ඔබ තෝරාගන්නේ ද, එසේ නැති නම් කෝපන්හේගන් අර්ථකථනය තොරාගන්නේ ද? අසන්තතික සංඛ්‍යා රටා සහිත හයිසන්බර්ග් ගේ පැහැදිලි කිරීම ද? ෙෂ්‍රාaඩිංගර් ගේ සන්තතික තරංගය ද? එය ඔබ මත රඳා පවතීs. ඔපෙන්හයිමර් වරක්‌ කීවේ පරීක්‌ෂණාත්මක ප්‍රතිඵල පැහැදිලි කෙරේ නම් එය ප්‍රමාණවත් බවත් ඒ සඳහා අර්ථකථන නිර්මාණය කිssරීමට වෙහෙසීම ඵල රහිත බවත් ය. අර්ථකථන සාපේක්‌ෂ නිර්මාණ වේ. කෙසේ නමුත් වෙන වෙනස්‌ අර්ථකථන නිර්මාණය කිරීමේ ප්‍රශ්නයක්‌ නැත. ගැටලුව වන්නේ ඉන් එකක්‌ මූලික යථාර්ථයක්‌ ද අනෙක්‌ ඒවා මිථ්‍යාවන් ලෙස ද වර්ග කිරීමයි. එකක්‌ මූලික යෑයි නිගමනය කරන්නේ කවුරුන් ද?

ක්‌වොන්ටම් ලෝකයේ සැම පරීක්‌ෂණයක්‌ ම පාහේ සුවිශේෂ ලෙස සකස්‌ කළ පරීක්‌ෂණ උපකරණ මගින් සිදු කෙරේ. ඉතින් එවැනි ප්‍රතිඵල පැහැදිලි කිරීම සඳහා නිර්මාණය කරන ලද ආකෘති එම සන්දර්භයෙන් පිටතට - එනම් සියලු සන්දර්භ විනිවිද යන ලෙස - යෙදීමට යැමේ දී විසංවාද අනිවාර්ය වේ. ඇත්තෙන් ම මේ ක්‌වොන්ටම්වාදයේ ඇතැයි කියන අද්භූතභාවයක්‌ ඇති වන්නේ ද එය අනෙක්‌ සන්දර්භ සමග සැසඳීම නිසා ම ය. උදාහරණයක්‌ ලෙස( කෝපන්හේගන් අර්ථකථනයේ එන වියුක්‌ත සම්භාවිතා තරංග ශ්‍රිතය සාමාන්‍ය ලෝකයේ සංයුක්‌ත පූසන්ට යෙදීමෙන් පූසා 'එක ම මොහොතේ මිය ගොස්‌ සිටී' මෙන් ම 'ජීවත් ව සිටී' යන නිගමනවලට එළඹීමට සිදු වේ. අප අත්දකින ලෝකයේ ආකෘතියට අනුව එසේ නො වේ. ක්‌වොන්ටම් වෙළී යැම ද එසේ ම ය. එහි දී යම් ක්‌ෂණික සංවේදනයක්‌ ඇතැයි යන්න ක්‌ෂණික භෞතික තොරතුරු යෑවිය හැකියි ලෙස ගත හැකි නො වේ. වීලර් ගේ අතීතයට බලපෑම් කිරීම ද එසේ ම ය. අතීතයට යන ඉලෙක්‌ට්‍රොaනය ද එසේ ම ය. ඒවා ඒ අදාළ සන්දර්භය තුළ යම් සංගත බවක්‌ ඇති ආකෘති පමණි. ඉන් වෙනස්‌ සන්දර්භයක සිටින මිනිසාට අතීතයට යා හැකියි වැනි මෝඩ නිගමනවලට ආ හැකි නො වේ. මෙහි අනෙක්‌ පැත්ත ද එසේ ම ය. එනම් අපට ඉන්ද්‍රියගෝචර වන ලෝකය සඳහා නිර්මාණය කොට ඇති ආකෘතීන් ක්‌වොන්ටම් ලෝකයට යෙදීම ද විසංවාදී වේ. සියලු අවස්‌ථාවලට ඉවක්‌ බවක්‌ නැතුව පැහැදිලි කිරීම් යෙදිය හැකි නො වේ. එය හරියට ම නිව්ටන් ගේ තෙවැනි නියමය කර්මය-කර්ම ඵලවලට යෙදීමට උත්සාහ කරන මෝඩ ක්‍රියාව වැනි ය.

සියලු සන්දර්භ පොදු ආකෘතීන් මගින් විනිවිද යා හැකි නො වේ. අයින්ස්‌ටයින් ගේ ගුරුත්වය නිව්ටන් ගේ ගුරුත්වයට වඩා නිවැරැදියි කියන්නේ කුමන තත්ත්ව සඳහා ද? වඩා

නිවැරැදි බෝර් ගේ ක්‌වොන්ටම්වාදය ද? බෝම් ගේ ක්‌වොන්ටම්වාදය ද? යම් කරුණක්‌ තවත් එකකට වඩා නිවැරැදියි කියන්නේ යම් සන්දර්භයක්‌ තුළ ය. ඒවා සංසන්දනය කළ හැකි නො වේ. අප මීට පෙර ලිපියේ ද දුටු ලෙස ගණිතයේ ද අසන්තතික විචල්‍යය සන්තතික විචල්‍යය සංසන්දනය කිරීමට යැම නිසා ඇති වන දිරවාගත නොහැකි විසංවාදය වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ පවතී. ගීත ගායනා කළ හැකි කෙනකු චිත්‍ර ඇදීමට සමත් අයකු සමග සංසන්දනය කොට වඩා දක්‌ෂයා තේරිය හැකි ද? සන්දර්භය අර්ථ නො දක්‌වා එයට අදාළ පැහැදිලි කිරීම් ගැන කතා කිරීම අර්ථයක්‌ නැත. ඒ සන්දර්භ තනා සමස්‌තයෙන් වෙන් කර ගන්නේ ද අප ම බැවිනි.

කෙසේ වුවත් ක්‌වොන්ටම්වාදය කරුණු ගණනාවක්‌ නිසා වැදගත් වේ. එය බටහිර විද්‍යාවේ මුල් බැසගත් යාන්ත්‍රික නියතිවාදය තීරක ලෙස බිඳ හෙළී ය. එය විශ්වය නම් හුදු යන්ත්‍රයකට වැඩි යමක්‌ නො වන බවට වූ යාන්ත්‍රික ලෝක දැක්‌මේ අවසානය සටහන් කළේ ය. එමෙන් ම එය කාටීසීයානු තාප්පය අඩක්‌ හෝ බිඳ දැම්මේ ය. නිරීක්‌ෂකයා නිරීක්‌ෂණ ක්‍රියාවලියේ සක්‍රිය කොටසක්‌ වන අතර නිරීක්‌ෂණයේ ප්‍රතිඵලය ඒ නිරීක්‌ෂණය මගින් ලබා දෙන්නක්‌ බවත් පෙන්වා දෙනු ලැබී ය. තවත් වැදගත් දෙයක්‌ නම් ක්‌වොන්ටම්වාදය මගින් සන්නිවේදනය සීමාව යාන්ත්‍රික වූ ආලෝකයේ ප්‍රවේගයට ලගු කිරීම අභියෝගයට ලක්‌ කිරීමයි. විශ්වය යනු ස්‌ථානීය යථාර්ථයන්හි එකතුවක්‌ නො ව එකට වෙළී ගිය සමස්‌තයක්‌ ය යන අදහස පෙරට ආවේ ය. පද්ධති විද්‍යාව වියවුල් සිද්ධාන්තය වැනි නිර්මාණ මගින් මේ මතය තහවුරු විය. කාලය, අවකාශය, අංශුව තරංගය, ශක්‌තිය, වැනි සංකල්ප නිර්පේක්‌ෂ නො වන බව ද පැහැදිලි විය. විටෙක අවකාශය (කාලය) සන්තතික ලෙස පෙනෙන අතර විටෙක අසන්තතික ලේ දිස්‌ වේ. එවා ඒ අදාළ සන්දර්භය අනුව අර්ථ දැක්‌වේ. එමෙන් ම එකම සන්දර්භය තුළ නිරීක්‌ෂණ හා අත්දැකීම් පැහැදිලි කරගත හැකි වෙනස්‌ ආකෘති පැවතිය හැකි බව ක්‌වොන්ටම්වාදය මගින් ද හොඳින් පෙන්වා දෙන ලදී. අනෙක්‌ අතට සන්දර්භ සන්සන්දනයේ දී ඇති වන අවුල ද එමගින් මතු කර ඇත. එසේ නම් මේ සියල්ලෙන් අපට පෙනෙන වැදගත් දෙය කුමක්‌ ද? ඒ නම් දේව වාක්‍යයක්‌ ලෙස බටහිර දැනුමේ මුල් බැසගත් වාස්‌තවික යථාර්ථය යන්න මුළාවක්‌ බව ය. එය භක්‌තිමත් ඇදහීමක්‌ පමණක්‌ බව ය.

ක්‌වොන්ටම්වාදය (කෝපන්හේගන් අර්ථකථනය) හා බුදුදහම සංසන්දනය කිරීම ද විටක සිදු වේ. එහෙත් ඉහත අප දුටු කාරණාවලින් ද පෙනෙන පරිදි එය කිසි සේත් ම සිදු කළ හැක්‌කක්‌ නො වේ. එය ද වෙනස්‌ සන්දර්භ සංසන්දනයකි. බොහෝ හේතූන් ප්‍රත්‍ය වීමෙන් ගොඩනැෙගන සන්තතික ක්‍රියාවලියේ කොටසක්‌ අසන්තතික යමක්‌ ලෙස අපි වෙන් කරගනිමු. ඉන් පසු එම කොටස ආකාරගතව පවතින යමක්‌ ලෙස, යථාර්ථයක්‌ ලෙස අපි සලකමු. අනතුරු ව ඒ හුදෙකලා කරගත් කොටසේ (අනන්‍යතාවෙහි) හැසිරීම සඳහා අපි සිද්ධාන්ත හෙවත් දැනුම් නිර්මාණය කරමු. සන්තතික ක්‍රියාවලියක කොටසක්‌ වෙන් කොට අනන්‍යතාවක්‌, ආකාරගත පැවැත්මක්‌, ලබා දිය නොහැක්‌කේ කොටස ද සමස්‌තය පුරා විසිරී ගිය වෙන් කළ නොහැකි යමක්‌ නිසා ය. ඇත්තෙන් ම අවකාශ කාලයේ විසිර ගිය සන්තතික ක්‍රියාවලියක, කොටස්‌ ලෙස වෙන් කරගත හැකි යමක්‌ නොමැත. එම සමස්‌තය අසන්තතික පැවතුමක්‌ ඇති මායිම් සහිත කොටස්‌වල එකතුවක්‌ නො වේ. සමස්‌ත ක්‍රියාවලියෙන් 'මම' ලෙස වෙන් කරගන්නා පැවැත්ම ද එසේ ම ය. මේ වෙනස්‌ වෙමින් ගලාගෙන යන ශ්‍රාවය තුළ 'මම' ලෙස හඳුන්වන්නේ කුමන මොහොත ද? ඒ මොහොත වෙන් කරගන්නේ කෙසේ ද? එයට සීමා මායිම් පනවන්නේ කෙසේ ද? සන්තතික ප්‍රවාහයක (කාලයේ හෝ අවකාශයේ) කොටස්‌වලට සීමා තිබිය හැකි ද? සීමා නිර්ණය කරන්නේ කවුරු ද? හේතූන් ප්‍රත්‍ය වීමෙන් ගොඩනැෙගන ආත්මීය අනන්‍යතාවක්‌, නිශ්චිත පැවැත්මක්‌ යන්න මිථ්‍යාවක්‌ බව බුදුදහම උගන්වයි. එහෙත් ක්‌වොන්ටම්වාදයේ එය එසේ නො වේ. නිරීක්‌ෂණය නිසා තරංග ශ්‍රිතය බිඳ වැටුණත් ඉන් පසු එම නිරීක්‌ෂණය නිසා ලැබණු ගුණයට නිශ්චිත වූ පැවැත්මක්‌ ඇතැයි සැලකේ. ඒ ගුණය භෞතික යථාර්ථයක්‌ ලෙස පවතී. එහි දී අමතක කරන දේ නම් එම ගුණය සමස්‌තයෙන් හුදෙකලා කොට නිර්මාණය කරගත්තක්‌ යන්නත් එහි සීමා අප පනවාගත් එවා යන්නත් ය. කාල අවකාශයේ විසිරුණු සමස්‌තයක කොටසක්‌ අපට හිතැගි පරිදි කඩාගෙන එයට විකෘති අනන්‍යතාවක්‌ ලබා දී ඇත. එනම් මේ ආකාරගත කොටස යන්න එය සමස්‌තයෙන් වෙන් කරගන්නා ගේ සාපේක්‌ෂ නිර්මාණයක්‌ වේ. එබැවින් ඉහත ද අප දුටු ලෙස ක්‌වොන්ටම්වාදය කියන නිරීක්‌ෂකයා ගේ හෝ මනසේ හෝ මැදිහත් වීම සීමා සහිත වූවක්‌ බව ඉතා පැහැදිලි ය. 'සංඥා සහිත, සිත් සහිත බඹයක්‌ පමණ වූ මේ සිරුරෙහි ම ලෝකය පණවමි' යන බුදු වදන සමග එය සැසඳිය නොහැකි බව පැහැදිලි ය. ක්‌වොන්ටම්වාදයත් අවසානයේ අජීවී යාන්ත්‍රික යථාර්ථයෙන් සහමුලින් ම ගැලවී නැත. එසේ වන්නේ ද නැත. යථාර්ථය නම් භූතයා ක්‌වොන්ටම් ලෝකයේ දිගට ම හොල්මන් කරනු ඇත.

නිමි.

සමිත ප්‍රසන්න හේවගේ