logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජ්‍යෙdතිෂය මුළාවක්‌ ම ය!

විද්‍යාත්මක නො වන සංකල්ප මත ම පදනම් වන ජ්‍යෙdතිෂය, විද්‍යාවක්‌ යෑයි තර්ක කරන බොහෝ දෙනෙක්‌ අප රටේ සිටිති. මිථ්‍යා සංකල්ප මත ගොඩනැඟී ඇතත් ජ්‍යෙdතිෂය තම ව්‍යාපාරය කොටගත් ජ්‍යෙdතීර්වේදීන් අප දන්නා කාලය තුළ ම ජනතාව රවටා ඇති අතර හේතුවාදී සාමාජිකයන් ඉදිරියේ සියලු ජ්‍යෙතීර්වේදීන් පිළිතුරු නැති ව අසරණ වී ඇත. දෙරණ රූපවාහිනියේ "නො පෙනෙන මානය", ජාතික රූපවාහිනියේ "යාථාරූප" සහ TV 1 රූපවාහිනියේ "මායා දැහැන" ආදී වැඩසටහන් තුළ දී රටේ නමගිය ජ්‍යෙdතීර්වේදීන් හාස්‍යජනක ලෙස නිරාවරණය වන ආකාරය ඔබ සැම නරඹා ඇතැයි සිතමි.

ජ්‍යෙdතීර්වේදීන් ගේ මිථ්‍යා අනාවැකිවලට රැවටී බොහෝ බෞද්ධ සිංහල ජනතාව තම කාලය සහ මුදල් නාස්‌ති කරගනිති. මේ මුළාවෙන් ගොඩ ඒමට නම් ජ්‍යෙdතිෂය මිථ්‍යා සංකල්ප රැසක එකතුවක්‌ බවට විද්වතුන් පෙන්වා දී ඇති ලිපි ලේඛන වත් ජනතාව පරිහරණය කළ යුතු ය. මේ සඳහා සැම්සන් ගුණතිලක මහතා ගේ "ග්‍රහ තාරකාවලට කළ හැක්‌කේ කුමක්‌ ද?" සහ R. B. Culver ගේ "The Gemini Syndrome" යන ග්‍රන්ථවල දක්‌වා ඇති කරුණු කාරණා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

2017 වසරේ සිංහල සහ දෙමළ අවුරුදු නැකැත් සීට්‌ටුව සකස්‌ කිරීමේ ජ්‍යෙdතීර්ව්දීන් ගේ කමිටුවේ අවසාන සාකච්ඡාව අවස්‌ථාවේ දී අති ප්‍රසිද්ධ ජ්‍යෙdතීර්වේදීන් 'යකා නැටුවා' පමණක්‌ නො ව, 'වියරුවෙන් නට නටා පෙරහැරේ ගිය' අයුරු ජනමාධ්‍යවල වාර්තා විය. ඈත අතීතයේ බැබිලෝනියාව, මෙසපොතේමියාව, ඉන්දියාව ආදි විශාල භූමිවල දී ගොපල්ලන් අහස නරඹා, දෘෂ්‍යමාන වූ දැ මත ගොඩනැංවූ විවිධ සංකල්ප එක්‌රැස්‌ කොට ගොඩනඟා ඇති ජ්‍යෙdතිෂයට (තාරකා විද්‍යාවට නො වේ) තවත් සංකල්ප එක්‌ කොට විටින් විට ලේඛනගත කොට ලොව විවිධ කොටස්‌වල ප්‍රචලිත කොට ඇති අතර වසර දස දහස්‌ ගණන් පැවත ආ නිසා ම එය සත්‍ය යෑයි තර්ක කරමින් මේ විද්‍යා හා තාක්‌ෂණ යුගයේත් ජ්‍යෙdතීර්වේදීහු තව තවත් එය හිස මත තබාගෙන මිථ්‍යාවේ ම ගිලී මුළාවේ වැටී සිටිති. ඔවුන් ගේ බඩගෝස්‌තරය උදෙසා අන් අයත් මුළාවේ දමති. මේ ශාස්‌ත්‍රයේ ආයුෂ වසර දස දහස්‌ සංඛ්‍යාවක්‌ වන නිසා ම එය සත්‍ය යෑයි තර්ක කිරීමට තරම් සමහර විදුදරයන් පවා අදූරදර්ශී වී ඇත. කෙතරම් පැරැණි වුවත් මිථ්‍යාවක්‌ නම් එය බැහැර කිරීමට තරම් අප විමර්ශනශීලී විය යුතු ය. විද්‍යාවේ ඒකායන මාර්ගය ද එයයි.

2017 අවුරුදු නැකැත් සිට්‌ටුවේ සඳහන් නැකැත් වේලාවන් අසුබ යෑයි පවසන මතයට විද්‍යානුකූල පදනමක්‌ නැතැයි නැකැත් කමිටුවේ සාමාජිකයන් තිස්‌ දෙනකු විද්‍යානුකූලව ඔප්පු කළ බව සංස්‌කෘතික කටයුතු අධ්‍යක්‌ෂිකාව පවසා ඇති බව 2017 අප්‍රේල් මස 09 වැනි දා ජනමාධ්‍යයක්‌ වාර්තා කර තිබිණි. සියයට සියයක්‌ ම අවිද්‍යාත්මක වන ජ්‍යෙdතිෂයේ අනාවැකිවල සත්‍යාසත්‍යභාවයන් විද්‍යාත්මක ව ඔප්පු කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි කර දීම එම අධ්‍යක්‌ෂිකා තුමිය ගේ වගකීම යෑයි සිතමි.

ජ්‍යෙdතිෂයේ ඇති මිථ්‍යාව හෙළි වී දිගු කලකි. එය මිථ්‍යාවක්‌ බව වටහාගැනීමට උපකාර වන සාධක රැස අතරින් කිහිපයක්‌ මෙසේ ය.

01. පෘථිවිය කේන්ද්‍ර කරගෙන ඒ වටා සෙසු විශ්ව වස්‌තු ගමන් කරනවා ය යන මිථ්‍යාව මත ජ්‍යෙdතිෂය පදනම් වීම.

02. විශේෂයෙන් ගැලීලි දුරේක්‌ෂයේ නිර්මාණයන් පසු කාලීන ව නිරීක්‌ෂණය කොට හඳුනාගන්නා ලද විශ්ව වස්‌තු රැසක්‌ ඇතත් ඒවා ජ්‍යෙdතිෂ්‍යකරුවන් විසින් නොසලකනු ලැබීම.

03. තාරකා විද්‍යාවෙන් මේ වන විට හඳුනාගෙන තිබෙන තාරකා මණ්‌ඩල 88න් 12ක්‌ පමණක්‌ ජ්‍යෙdතිෂ අනාවැකි සඳහා සැලකීම.

04. විශ්වය ත්‍රිමාන වුව ද දර්ශනය වන තරු රටා සියල්ල ද්විමාන තලයක පිහිටා ඇති බව උපකල්පනය කිරීම.

05. විශ්වයේ සිදු වන ක්‍රියාවලි ගැන අවබෝධයක්‌ නොමැති නිසා ම සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ පවා ග්‍රහයන් සේ සැලකීම.

මෙවන් මිථ්‍යා සහ වැරැදි සාධක මත ගොඩනැඟී ඇති නිසා ම ජ්‍යෙdතිෂය ගැන අබැටක්‌ වත් නො දන්නා කෙනකුට පවා ප්‍රසිද්ධ ජ්‍යෙdතිර්වේදීන්ට වඩා හොඳ අනාවැකි ප්‍රකාශ කිරීමේ හැකියාව ඇත. ජ්‍යෙdතිෂවේදීන් ලෙස පෙනී සිටින්නන් එදා මෙදා තුළ කළේ මිථ්‍යාවන් පවසමින් ජනතාව ගෙන් ලාභ ප්‍රයෝජන ගැනීම ය. ජ්‍යෙdතිර්වේදීන් ගේ අසමත්කම දිස්‌ වූ අවස්‌ථා රැසෙන් 1978 නොවැම්බර් හා 2000 දෙසැම්බර් මහා සුළිසුළං, 2004 දෙසැම්බර් 26 සුනාමි, 2016 මැයි මහා ගංවතුර සහ නාය යැම්, 2017 අප්‍රේල් 14 මීතොටමුල්ලේ අපද්‍රව්‍ය කන්දේ නාය යැම යන ඉතා අභාග්‍යසම්පන්න ආපදා කිසිවක්‌ ගැන අනාවැකි ප්‍රකාශ කිරීමට සැම ජ්‍යෙdතිර්වේදියකු ම අපොහොසත් වීම විශේෂ වේ. ජනතාව මිථ්‍යාවේ ගිල්වමින් ඔවුන් අසරණ කරන ආකාරය දෙස බලා නිහඩ ව සිටීම විද්‍යාව නො වේ. ජ්‍යෙdතිෂයේ ඇති අවිද්‍යාව පෙන්වා දී සැම දෙනා ම යථාර්ථය වෙත යොමු කිරීම විද්‍යාඥයන් ගේ වගකීම වන්නේ ය.

සූර්යයා රාශිවලට මාරු වීම දෘෂ්‍ය දෙයක්‌ පමණි. සත්‍ය වන්නේ නිශ්චල හිරු වටා අප ලෝකය යෙදෙන ගමනේ දී පෘථිවිය සිදු කරන සංක්‍රාන්තියයි. නැකැත් සකස්‌ කිරීමේ යම්කිසි අරුතක්‌ තිබීමට නම් විශ්වය සහ තාරකා රටා පිළිබඳව මනා දැනුමැති උගතුන් ගේ අදහස්‌ විමසා බලා යථාර්ථය වටහාගෙන, එම යථාර්ථය ජනතාව වෙත දන්වා සිටිය යුතු ය. තමන්ට සහ තම පවුලේ සමාජිකයන්ට සිදු වන්නට යන දෙය වත් නො දකින ජ්‍යෙdතිර්වේදීන් රොත්තක්‌ සමඟ සාකච්ඡා පවත්වා නැකැත් සෑදීම හුදෙක්‌ මුදල් සහ කාලය කා දමන අවිද්‍යාත්මක මුළාවක්‌ ම ය.

අප භාවිත කරන ඕනෑ ම ඔරලෝසුවක පැය 12 මෙන් ම දින, මාස වසර යනාදී සැම මිනුමක්‌ ම සාපේක්‌ෂ ලෙස එක්‌ එක්‌ අවධිවල අර්ථ දක්‌වා තිබෙනවා මිස ඒවා දොස්‌ සහිත සාධකයන් ය. සූර්යයා ගේ සිට එන ආලෝකයෙන් ලොව එළිය වන්නේ විනාඩි 12ක්‌ පමණ ප්‍රමාද වී බව ජ්‍යෙdතිෂවේදීන් දන්නවා ද? එය සැලකිල්ලට ගන්නවා ද? ජනමාධ්‍යයක්‌ මගින් පවසන කාලය අප වෙතට රැගෙන එන විද්යුත් චුම්බක තරංගයත් අප වෙත ළඟා වන්නේ තත්පර ගණනාවක්‌ පමා වීමෙන් පසුව බව ජ්‍යෙdතිෂවේදීන් දන්නවා ද? මේ සාධකවලට අනුව, නියමිත නැකැත් වේලාවක්‌ යන්න මිථ්‍යාවක්‌ පමණි. විද්‍යාත්මක ව විමර්ශනය කරන විට, නැකැත් වේලාවන්වල සත්‍යතාවක්‌ නොමැතිවා සේ ම ඉතා නිවැරැදි වේලාවක්‌ කියා දෙයක්‌ නොමැත. ඉතින් හෝරා ගණනාවක්‌ වැය කොට සාදාගන්නා නැකැත් වේලාවල්වල කිසි ම යථාර්ථයක්‌ නොමැති නිසා, අවසාන ප්‍රතිඵලය ජනතාව මුළා වීම පමණි.

නව වසරක උදාව සඳහා උත්සවයක්‌ පැවැත්විය යුතු ම නම් ඉතා නිවැරැදි සාධක යොදාගෙන දිනයක්‌ වේලාවක්‌ ඊට යොදාගත යුතු නො වන්නේ ද? ඒ සඳහා තාරකා විද්‍යාවට අනුව අප ගේ ජීවිතවලට වැදගත් වන දවස්‌ සහ කාල වේලාවන් ඇත. උදාහරණ ලෙස, සූර්යයා නිරක්‌ෂයට මුදුන් වී උත්තර අර්ධ ගෝලයට සංක්‍රමණය වන දිනය (මාර්තු මස 21 හෝ 22) නැත්නම්, ගාල්ලට, කොළඹට හෝ අනුරාධපුරයට එසේත් නැත්නම් ජනතාව වැදගත් යෑයි සිතන නගරයකට හෝ ස්‌ථානයකට හිරු මුදුන් වන දිනය තෝරාගත හැකි ය. සැම වසරක ම මේ දින අප්‍රේල් 5 සිට 15 අතර වකවානුවයි. තාරකා විද්‍යා දත්ත මගින් මේ දින සහ වේලාවන් ඉතා ම නිවැරැදිව ලබාගැනීම පහසු ය.

මේ තාක්‌ කල් වරිත්‍රානුකූල ව, උයාගෙන, නාගෙන, කා බී, වැඩ අල්ලා දියුණුවට පත් වූ එකදු ශ්‍රී ලාංකිකයකු හෝ සිටී දැයි විමසා බලන්න. පදනම් රහිත ජ්‍යෙdතිෂ අනාවැකිවලට වන්දනමාන කළ කෙනෙක්‌ ඇත්නම් හෝ අගතියට පත් වී සිටිනු ඇත. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්‌ෂේප කළ පුද පූජාවල යෙදෙමින් විවිධ රැවටීම්වලින් අසරණ වනවාට අමතර ව ජ්‍යෙdතිෂය නම් වූ මිථ්‍යා සංකල්පවල ගැලී තව තවත් අසරණ වන්නේ අප රටේ සිංහල බෞද්ධ ජනතාව ම ය. ජ්‍යෙතිෂය ජීවිතයට ගාවා නො ගන්නා අන් ආගමිකයන් සිංහල බෞද්ධ ජනතාවට සමාන ව හෝ ඊටත් ඉහළ තත්ත්වවල වැජඹෙන බව පැහැදිලි ව දැකගත හැකි ය. සිංහල බෞද්ධ ජනයාට ජ්‍යෙdතිෂ ලණු කවන, ජ්‍යෙdතිෂකරුවන් ලෙස කටයුතුවල යෙදෙන ගිහි පැවිදි ප්‍රොaඩාකරුවන්ට සහ ජනතාව රවටන සමහර දේශපාලකයන්ට නම් ජ්‍යෙdතිෂය නියම රන් ඉල්ලමකි. එම යථාර්ථය රටට පෙන්වා දී විද්‍යා හා තාක්‌ෂණ ලෝකයේ නැණවත් ලෙස තීරණ ගැනීම වෙත ජනතාව යොමු කිරීම විද්‍යා ලෝකයේ වගකීමක්‌ යෑයි සිතමි.

කේ. ආර්. අභයසිංහ